IMG-LOGO

2025 අප්‍රේල් මස 08 වන අඟහරුවාදා


ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාවෙන් CDBවෙත ඩොලර් මිලියන 30ක්

එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාවේ (DFC) ප්‍රධාන විධායක නිලධාරී ස්කොට් නේතන් මහතා පසුගියදා කොළඹ නිල සංචාරයක නිරත වූ අතර එහිදී කාන්තා ව්‍යවසායකයන්, තිරසර මූල්‍යකරණය සහ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (MSMEs) සඳහා  සහයෝගය ලබාදීමේ අරමුණෙන් සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) ආයතනය වෙත එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව (DFC) විසින් ඩොලර් මිලියන 30 ක ණය මුදලක් නිවේදනය කළේය.

DFC හි ප්‍රධාන විධායක නිලධාරී ස්කොට් නේතන් සහ CDB ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් නානායක්කාර යන මහත්වරු, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ පැවති උත්සවයකදී එම ගිවිසුමට අත්සන් තැබූහ. ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය හා  බලගැන්වීම උදෙසා  එක්සත් ජනපදයේ නිරන්තර කැපවීම ඉස්මතු කරමින්, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනී ජූලි චන්ග් සහ අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනයේ (USAID) ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ගාබ්‍රියෙල් ග්‍රවු යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

CDB ආයතනයේ ආයතනික ගමන්මග වෙනුවෙන් දක්වන කැපවීම මනාව පිළිබිඹු කරමින් එම ආයතනයට මෙවැනි කැපීපෙනෙන මූල්‍ය පහසුකමක් හිමි වූයේ ප්‍රථම වරටය. මෙරට ආර්ථික අභියෝග මධ්‍යයේ වුව ද, අරමුදල් සම්පාදනය කරන ආයතන විසින් CDB ආයතනය කෙරෙහි තබා ඇති විශ්වාසයට සහ එම ආයතනය ස්ථාවරත්වය, පාලනය සහ තිරසාරත්වය වෙනුවෙන් දක්වන කැපවීමට මෙම ණය පහසුකම මනා සාක්ෂ්‍ය සපයයි.

“DFC යනු, කුඩා පරිමාණ ව්‍යාපාර සහ කාන්තා ව්‍යවසායකයන්ට තිරසර මූල්‍යයන පහසුකම් සපයන මූල්‍ය සංස්ථාවකි. CDB ආයතනය විශිෂ්ට හවුල්කරුවකු වන අතර, අපගේ සහයෝගය මගින්, ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාව වැඩිදියුණුකර ගැනීමටත්, දේශගුණික විපර්යාසවලට මුහුණ දීම ප්‍රවර්ධනය කිරීමටත් හැකි වනු ඇති බව අපගේ විශ්වාසයයි,” යනුවෙන් DFC ප්‍රධාන විධායක නිලධාරී ස්කොට් නේතන් මහතා සඳහන් කළේය.

595



අදහස් (0)

ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාවෙන් CDBවෙත ඩොලර් මිලියන 30ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඇප කොන්දේසි නැතිව වියලේන්ද්‍රන් යළි බන්ධනාගාරයාට
2025 අප්‍රේල් මස 08 39 0

වැලි කැනීමේ බලපත්‍රයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 15 අල්ලසක් ලබා ගැනීමට ආධාර අනුබල දුන්නේ යැයි ඇප මත මුදා හළ හිටපු වෙළඳ හා පරිසර රාජ්‍ය අමාත්‍ය එස් වියල


පනත සම්මත කළොත් රට හංගපු සල්ලිත් ගේන්න පුළුවන්
2025 අප්‍රේල් මස 08 132 0

අපරාධයකින් අත් පත් කරගත් දේපොළ විදෙස් රටක තිබුණත් එය නැවත ලබා ගැනීමට හැකි ප්‍රතිපාදන අපරාධයකින් අත් පත් කරගත් දේපොළ පිළිබඳ පනත් කෙටුම්පත යටතේ හැකියා


මහ බැංකු හොරුන්ට අලුත් පනතින් දඬුවම්
2025 අප්‍රේල් මස 08 157 0

මහ බැංකු බැඳුම්කර වංචාවට සෘජුව හා වක්‍රව හවුල් වූ අය නීතිය හමුවට ගෙනවිත් දඬුවම් දෙන්නට අපරාධයකින් උපයා ගත් දේපොළ පවරා ගැනීමේ පනත මගින් හැකියාව ලැබෙන


අපරාධ දේපොළ පවරා ගන්නා පනතට පොහොට්ටුව පක්‍ෂයි
2025 අප්‍රේල් මස 08 249 0

අපරාධයකින් උපයා ගත් දේපොළ පවරා ගැනීමේ පනත සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ පූර්ණ සහාය ලබා දෙන බව හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී චානක මහතා:- (පො.පෙ) පා


රජයේ ඉඩම් සංවර්ධනයට ආයෝජකයන් සොයයි
2025 අප්‍රේල් මස 08 112 0

නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් සංවර්ධනය කිරීම සඳහා ආයෝජකයින් තෝරා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


’’අමෙරිකා බදු ගැන කතා කරන්න සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්න’’
2025 අප්‍රේල් මස 08 123 0

අමෙරිකාව පැනවූ ප්‍රතිචාරක බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (8)


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 680 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 574 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 1028 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site