IMG-LOGO

2025 ජනවාරි මස 30 වන බ්‍රහස්පතින්දා


ජාතික ලැයිස්තුවේ 74කට මැකෝ නඩු දායි

(සුජිත් හේවාජුලිගේ )

වියදම් වාර්තා බාර නොදුන් පසුගිය මහ මැතිවරණයේ  දේශපාලන පක්ෂවල ජාතික ලැයිස්තුවල සිටි අපේක්ෂකයන් 74 දෙනෙකුටද  නඩු පැවරීමට තීරණය කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මේ සම්බන්ධයෙන් අප අතිරේක මැතිවරණ කොමසාරිස් (නීති) නීතිඥ  චින්තක කුලරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එම අපේක්ෂක ලැයිස්තු පොලිසියට බාර දීමට මේ දිනවල කටයුතු කරගෙන යන බවයි.

මෙයට අමතරව  වියදම් වාර්තා භාර නොදුන්  දේශපාලන පක්ෂ එකසිය තිස් හතරකටද නඩු පැවරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කරගෙන යන බව  කුලරත්න  මහතා සඳහන් කළේය.

වියදම් වාර්තා භාර නොදුන් අපේක්ෂකයන් සංඛ්‍යාව අටසීයකට අධිකය.

ඒ අයටද වෙන වෙනම නඩු පැවරීමට කටයුතු කෙරේ.

ඒ ඒ පොලිස් ස්ථාන මගින් විමර්ශන පැවැත්වීමෙන් පසු නීතිමය ක්‍රියාමාර්ග සඳහා එම විමර්ශන ලිපිගොනු  නීතිපතිවරයාට යොමු කෙරෙනු ඇතැයි  චින්තක කුලරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

වියදම් වාර්තා  භාරදීම පැහැර හරින අපේක්ෂකයන්ට සහ දේශපාලන පක්ෂවලට දඩ නියම කිරීම, සිර දඬුවම් නියම කිරීම හෝ ඉදිරි මැතිවරණ කටයුතු වැළැක්වීම වැනි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නීතියේ ප්‍රතිපාදන පවතින බව පැවසේ.



අදහස් (2)

ජාතික ලැයිස්තුවේ 74කට මැකෝ නඩු දායි

Madhuranga Saturday, 18 January 2025 12:23 PM

නොදන්නා කමට අහන්නේ මැතිවරණ දෙපාර්තමේන්තුවේ අතිරේක මැතිවරණ කොමසාරිස් (නීතී) තනතුරක් තියෙනවා. අහලා තියෙන හැටියට තනතුරු අනුව කොමසාරිස් කියන්නේ නීතිමය කටයුතුද කරන්න පුළුවන් තනතුරක් නේද? එහෙම නම් නඩු පැවරීමට පොලිසියට කියන්නේ මොකටද? (උදාහරණයක් හැටියට මහජන සෞඛ්‍ය පරීක්ෂකලා, අල්ලස් හෝ දූෂණ අධිකාරියේ නිලධාරි හා පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරි නඩු පැවරීමට පොලිසියේ පිහිට පතන්නේ නැහැ නේද මේක පැහැදිලි කරන්න)

:       0       12

ranjith Sunday, 19 January 2025 04:25 AM

මෙම ප්‍රකාශවලට නැවත ඡන්දවලට ඉදිරිපත්වීම තහනම් කරන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

දියත

මහනුවර වඳුරෝ හොඳට කති බොති
2025 ජනවාරි මස 29 576 0

මහනුවර හෝටලයකට කඩා වැදුණු වඳුරු රැලක් එහි කාමරයක තිබූ රට බිම සහ කටගැස්ම පැකට් පැහැරගෙන ගොස් එහි වහලයට නැග කටගැස්ම කමින් රට බීම පානය කරමින් සිටි අයුරු ක


මාවෙයි සේනාධිරාජා මිය යයි
2025 ජනවාරි මස 29 498 0

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානතම මෙන්ම විශාලතම පක්ෂය වූ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා මීට සු


දඬුවමට එරෙහි ප්‍රසන්නගේ ඇපෑල ජූනි විභාගයට
2025 ජනවාරි මස 29 564 0

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩකර එහි පදිංචිව සිටි පුද්ගලයින් ඉවත් කරදීම සදහා ව්‍යාපාර


මහජන ආරක්ෂක ඇමතිවරයා මහජන දිනයේ බරටම වැඩ
2025 ජනවාරි මස 29 432 0

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ මහජන දිනය මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්ගගත ක


හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපීමේ වාර්තාව ජනපතිට
2025 ජනවාරි මස 29 517 0

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ ප්‍රතිලාභ කපා හැරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව බාධාවක් වන බව ඒ පිළිබඳ සොයා බැලීමට ජනාධිපති පත්කළ කමිටුවට නිරීක්


අනුරගේ ලේකම්ට සල්ලි දුන් ඛනිජ තෙල් මූල්‍ය කළමනාකරුට ඇප
2025 ජනවාරි මස 29 611 0

හිටපු ඇමති අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ බිරිඳ හා පෞද්ගලික ලේකම්වරියගේ ඉල්ලීම පරිදි පන්නල ඊරියගොල්ල ජනතාවට වියළි ආහාර මලු බෙදා දීමේ වැඩසටහනට ප්‍රතිප


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 52 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 653 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 696 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site