(අංජුල මහික වීරරත්න)
GSP+ සමාලෝචනය සම්බන්ධයෙන් ධනාත්මක ලෙස සලකා බලන බව යුරෝපා සංගමයේ දකුණු ආසියානු අංශයේ ප්‍රධානී චාල්ස් වයිට්ලි ( Charles Whiteley) මහතා ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ අද (30) ප්‍රකාශ කළේය.
මෙරට සංචාරයක නිරත යුරෝපා සංගමයේ නියෝජිතයන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවේදී චාල්ස් වයිට්ලි මහතා මේ බව කියා සිටියේය.
යුරෝපා සංගමය හා ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තුළින් වාණිජමය ජයග්‍රහණ රැසක් අත්පත් කර ගැනීමට හැකි වූ බවත් ඉදිරියටත් වාණිජමය ජයග්‍රහණ අත්පත් කර ගැනීමට ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට සූදානම් බවත් චාල්ස් වයිට්ලි මහතා සඳහන් කළේය.
යුරෝපා සංගමයේ GSP+ සහනය මගින් ප්‍රමිතිගත හා ගුණාත්මක නිෂ්පාදන සැපයීම සඳහා ශ්‍රී ලංකාව තවදුරටත් දිරිගැන්වීම අපේක්ෂා කරන බවද යුරෝපා සංගමයේ දකුණු ආසියානු අංශයේ ප්‍රධානී චාර්ස් වයිට්ලි මහතා පැවසීය.
යුරෝපා සංගමයේ GSP+ බදු සහනය ලබාදීමේදී සලකා බලන නිර්ණායක වත්මන් රජයේ ප්‍රතිපත්ති හා සමානුපාත වන බවත් චාර්ස් වයිට්ලි මහතා සඳහන් කළේය.
යුරෝපා සංගමයේ GSP+ බදු සහනය හෙවත් සාමාන්‍යකරණය කළ මනාප යෝජනා ක්‍රමය පිළිබඳව ජාත්‍යන්තර සම්මුතීන් 27 ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාව ළඟා කර ගත් ප්‍රගතිය සමාලෝචනය කිරීම මෙහිදී සිදු කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් බිඳ වැටී තිබෙන අවස්ථාවල යුරෝපා සංගමය සිදු කළ උපකාර සම්බන්ධයෙන් ස්තුතිය පළ කරන බවයි
යුරෝපා සංගමයේ GSP+ සහනය ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට හිතකර තත්ත්වයක් ඇති කිරීමටත් ආර්ථිකයෙහි දියුණුවක් ඇති වීමටත් බලපෑ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.
ලාෆ් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.
ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බ
රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය
මැයි මස පළමුවැනි දිනට යෙදී ඇති ලෝක කම්කරු දිනය වෙනුවෙන් රැලි පැවැත්වෙන ප්‍රදේශ අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සහ පෞද්ගලික අංශය එක්ව අක්කර දහසක වන වගාවක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.
මරදාන සහ කොළඹ කොටුව අතර දුම්රියක් පිලී පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ජී.එස්.පී සහනයට යුරෝපා සංගමයෙන් කොළ එළියක්
ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියා Wednesday, 30 April 2025 03:28 PM
කොළ එලිය ආවේ තඹුත්තේගම තනි සිග්නල් කණුවෙන්ද දන්නේ නැහැ... දැන් ඉතින් මොනරවිලයි, බද්රානියි මාලිමාවේ අසූචි කකා මෙතැන රඟයි, තියෙන ඔක්කෝම එළියේ දාගෙන...!
SAKURAWednesday, 30 April 2025 04:26 PM
ඔබලාට ඕනෑ රටට කොහොම කෙළ වුණත් හොර හාම්පුතාලා රජකරවලා ඔවුන්ගෙන් වැටෙන ගොම්පස් කන්න නේ...
ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියාWednesday, 30 April 2025 05:11 PM
සමන්ත වගේ කිහිල්ල කසලා සුවඳ බලලාද සකුරාත් කජු කන්නේ? බලාගෙන...
Neel Wednesday, 30 April 2025 04:56 PM
අනුර දිසානායක ජනාධිපතිට ලේසි වෙන්නේ නැහැ... රට සංවර්ධනය කිරීමට අමතරව මේ වගේ අපතයින්වත් සමාජ ගතකරන්නත් තිබෙනවානේ. මොකද මේ වගේ ගොරකයින්ව රටට පිලීලයක්....
ජයනාත් Wednesday, 30 April 2025 05:12 PM
මලා... ඒකත් ඉවරයි ..දැන් මොකද කරන්නේ සජියෝ..?
Hafeel Wednesday, 30 April 2025 05:50 PM
මේක රටට සුබ ආරංචියක්. නමුත් රනිල් සීයට අසුබ ආරංචියක්...