IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ඥානසාර හිමිට ඇප

බොදුබල සේනා මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් රුපියල් 50,000ක මුදල් සහ ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත  ඇප මත මුදාහැරීමට   අභියාචනාධිකරණය අද නියෝග කළේය.

මුස්ලිම් ප්‍රජාවගේ ආගමික විශ්වාසයන්ට අපහාස කරමින් ද්වේෂ සහගත ප්‍රකාශයක් සිදුකිරීමට වරදකරු වීම නිසා මාර්තු 28 වැනිදා අත්තේ ඥාණසාර හිමියන්ට කොළඹ මහාධිකරණය විසින් වසර හතරක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කරන ලදී.

කොළඹ මහාධිකරණය මීට පෙර  ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුණි.

ඥානසාර හිමියන් වෙනුවෙන් නීතිඥ ඉරේෂ් සෙනෙවිරත්න, සංජය ආරියදාස, සංජය මාරඹේ සමඟ ජනාධිපති නීතිඥ අනිල් සිල්වා යන මහත්වරු පෙනී සිටියහ.



අදහස් (16)

ඥානසාර හිමිට ඇප

Lankaputha Thursday, 18 July 2024 12:03 PM

එක දවසක්වත් හිරේ ඉඳල තියෙනවද?

:       24       53

wedage Thursday, 18 July 2024 12:04 PM

මොකද්ද අප්පා ඒ අපේ -චන්දයට සපෝට් ගන්න එකක්ද ?

:       22       65

arawinda Thursday, 18 July 2024 12:33 PM

දැන්වත් කට පියාගෙන බෞද්ධ භික්ෂුවක් වගේ විනීතව හැසිරෙයිද මන්ද ?

:       17       56

අරවින්ද මොනරවිල Thursday, 18 July 2024 12:54 PM

රනිල් රාජපක්ෂගේ කල්ලියේ ඡන්ද ප්‍රචාරක කටයුතු ආරම්භ කරන්න බැරුව හිටියේ මෙයා එළියට වඩින තුරු වෙන්න ඇති.

:       28       55

sabri Thursday, 18 July 2024 01:01 PM

මේ හාමුදුරුවෝ මුස්ලිම් අපිටත් උදව් කරපු කෙනෙක් ඉක්මණට නිදහස් වේවා

:       26       34

Nalaka Thursday, 18 July 2024 01:04 PM

ඡන්දේ ළංවෙලා එළියට දැම්මේ ආයේ ජාතිවාදය අවුස්සගන්න පුලුවන්ද බලන්නයි.

:       22       45

පිටිගල මිලානෝ Thursday, 18 July 2024 01:06 PM

මොකෝ ආයෙත් ජාතිවාදී ආගම්වාදී අඩව්වක් නටවන්නද ඡන්දෙට ඉස්සෙල්ලා එළියට ගත්තේ …..?? මේ කපේදී ඒවා සුම්මා…..

:       20       46

Surain Thursday, 18 July 2024 01:13 PM

රනිල්ට පිං දිදි ඡන්ද ව්‍යාපාරයට එන වගයි

:       9       21

Nimal Thursday, 18 July 2024 02:18 PM

අනේ හාමුදුරුවනේ දැන්වත් කට පරිස්සම් කරගෙන වළඳන්න .අනික කාගේවත් ඉත්තෝ වෙන්න යන්න එපා.මොනවාහරි උනාම කවුරුවත් ඔබ වහන්සේට නැහැ

:       3       24

pilip Thursday, 18 July 2024 02:24 PM

පිටිගල ට කවදත් අරෙහෙ අමාරුව

:       11       19

ලුම්බිණි Thursday, 18 July 2024 03:11 PM

චන්දෙට අවශ්‍ය උනාම එලියට ගන්න වෙනවා.

:       2       12

sathyapala Thursday, 18 July 2024 03:19 PM

කන්ජිපානි පැන්නෙත් ඔහොම තමයි. හිරුනිකාත් , දුමින්ද සිල්වාත්, හරක්කටාත්, ගනේමුල්ලේ සංජීවත් ඔය විදිහටම චන්දෙට පෙර ඉක්මනින් එලියට ගන්න. මොකද හිතන්නේ නැති කෙනෙක් බලයට ආවොත් ඔය හිරේ ඉන්න එවුන්ගෙන් සියලු තොරතුරු එලියට ගනීවි. එතකොට සමාජ ස්ථරයේ ඉහලින්ම ඉන්න සියයට දෙකක් තුනක් බරපතල අපරාධ කරුවන් බව එළිවෙනවා.දියවන්නාවේ එවුනුත් 75% වසර 200-300 ක් හෝ හා සැරයක් මරණ දඩුවම් විදිය යුතු අපරාධකාරයෝ. උනුත් ඉවරයි.

:       0       16

Asintha Thursday, 18 July 2024 04:06 PM

වඳ කොත්තු, වඳ ඇඳුම්, බෝම්බ ළඟ ළඟම එයි වගේ.

:       4       14

රාලහාමි Thursday, 18 July 2024 04:25 PM

මීට විරුද්ධව ශ්‍රේෂ්ටාධිකරණයට පෙත්සමක් දමනවා. මේකා හිරේ සිටිය යුතු සර්පයෙක්.

:       12       15

සුධීර Thursday, 18 July 2024 05:24 PM

එතකොට අර ජෙරම් පාස්ටර් ගොඩක් අපහාස කළා. ඒත් එක දවසක්වත් හිරේට යැව්වේ නෑනේ.

:       5       10

hesa Friday, 19 July 2024 03:32 PM

මෙයාගෙත් කටට break නැහැ තමයි... ඒත් හාමුදුරුවන්ගෙන් හරියට සිල් රකින කෙනෙක් ඉන්නවාද? අනික එළි පිට ජාතිවාදියකු වීම නීත්‍යානුකූල නැත්තේ ඔප්පු කළ හැකි නිසානේ.. නැතුව මෙයාට දොස් කියන අය අතරම කී ලක්ෂයක් ඇතිද ඒ අදහස්ම ඇති...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 611 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 172 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 498 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 122 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1732 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site