IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ටී.අයි.එන් අංකය කාලය කල් දැමේ

(රන්ජන් කස්තුරි)

රජය මගින් අලුතින් හදුන්වා දුන් බදු ගෙවන්නා හදුනාගැනීමේ අංකය හෙවත් ටීඅයිඑන් අංකය අනිවාර්යෙන් ලබාගත යුතු කාලය කල්දැමීමට තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

ටීඅයිඑන් අංකය නිකුත් කිරීම සඳහා ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් නොමැති වීම සහ සම්පත් නොමැතිවීම හේතුවෙන් මෙම තීරණයට එළඹි බව ද එම ආරංචි මාර්ග කියයි.

බදු ගෙවන්නා හදුනාගැනීමේ අංකය වයස 18 ට වැඩි සියලුම පුරවැසියන් ජනවාරි මස 1 වැනිදා සිට අනිවාර්යෙන් ලබාගත යුතු බවට රජය නිවේදනය කර තිබුණ අතර ගැටලු හේතුවෙන් එය අප්‍රේල් මස දක්වා කල්දැමීමට තීරණය කර ඇතැයි ද මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.

එම කල්දැමීම සිදුකළ ද පුරවැසියන්ට ටීඅයිඑන් අංකය ඉල්ලුම් කිරීමට අප්‍රේල් මස වන තෙක් නොසිට ඕනෑම අවස්ථාවක එය ලබාගත හැකි බව ද එම ආරංචි මාර්ගය කියයි.

 



අදහස් (10)

ටී.අයි.එන් අංකය කාලය කල් දැමේ

chandima Wednesday, 10 January 2024 11:29 PM

පහුවෙලා කමිටුවකුත් දැම්මා නම හැමදාටම කල් දාන්න තිබුනා

:       1       2

Bamunuarachchi ft Thursday, 11 January 2024 03:58 AM

TIN අංකය ගන්න බල කරන්න එපා. තමන්ගේ ID අංක යොදන්න වෙන සෑම අවස්ථාවකම TIN අංකයත් යොදන ලෙසට කටයුතු කලොත් දුවල පැනල TIN අංකය ගනීවි.

:       2       3

සකල ගුරු Thursday, 11 January 2024 07:05 AM

කිසිම සැළසුමක් නැතුව වැඩ කරන්න ගියාම ඔහොම දේවල් වෙනවා කියලා කියන්න පුළුවන් රටේ අවුරුදු 18 ට වැඩි කොපමණ පිරිසක් ඉන්නවද නොසලකා ක්ෂනිකව ටින් අංක ගන්න කිව්වම කොහොමද කරන්නෙ ඕක සාර්ථක වෙන්න අවශ්‍ය නම් ගමෙ නිවසක් පාසා ගොස් 18ට වැඩි අයට අයදුම්පත් ලබාදී සම්පූර්ණ කරවා එකතුකර ගන්න ඕන මේ කරල තියෙන්නෙ නොකෙරෙන වෙදකමට කෝදුරුතෙල් සෙවීමක් වගේම වැඩක් කියන්න පුළුවන් ඔය විදියට නම් ඔය වැඩේ 2025 වනතුරුත් අවසන් කරන්න බැහැ

:       0       4

නිමල් Thursday, 11 January 2024 07:06 AM

රාජ්‍ය අංශයේ තොරතුරු තාක්ෂණ පද්ධතිවල සැමදා ගැටළු; කාර්ය මණ්‌ඩලවල සැමදා ගැටළු;

:       0       4

ravin Thursday, 11 January 2024 07:55 AM

නොන්ඩි අස්සයෙක්ද ?

:       1       4

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 11 January 2024 08:05 AM

වයස 18 ට වැඩි කිසිදු ආදායමක් හෝ රැකියාවක් නැති අන්ත අසරණ දුගී දුප්පත් තරුණ තරුණියන් කොපමණ සංඛ්‍යාවක් මේ රටේ සිටිනවාද කියා මුලින්ම සොයා බැලිය යුතුයි නේද ? මොලේ නැති උඩඟු උද්ධච්ච දේශපාලුවන් මෙවැනි දේ කෙසේ කරන්නද ? කෙසේ වටහා ගන්නද ? 18 ට වැඩි අයට රැකියා අවස්ථා සලසා, ඔවුන්ගේ ආදායම් මාර්ග දියුණුකොට බදු අය කිරීමට කටයුතු කළේ නම් කොතරම් කාලෝචිතද ? මේ අනුවණ දේශපාලුවන් පන්නා දමා නිවැරදි පාලන තන්ත්‍රයක් ඇති කිරීමට ජනතාවගේ බුද්ධිමත් කතිරය සමත්විය යුතුය.එහෙත්,ඉඟුරු දී මිරිස් ගත්තාක් මෙන් කටයුතු නොකොට නිවැරදි තීන්දු තීරණ ගැනීමට රටේ ජනතාව බුද්ධිමත් විය යුතුය.බලය අල්ලා ගැනීමට වෙර දරන වාචාලයන්ගේ ඉච්චා බස් වලට නොරැවටී සිටිය යුතුය.හොඳින් සිතා බලා නිවැරදි තීන්දු තීරණ පමණක් ගත යුතුය.

:       3       15

රනිල් වික්‍රමසිංහ Thursday, 11 January 2024 10:28 AM

ඇයි ඔයාලා මට ටිංපියා කියන්නේ

:       3       8

Banda Thursday, 11 January 2024 01:51 PM

මරිමෝල් ආණ්ඩුවේ තවත් මරිමෝල් වැඩක්...!! පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු දත්ත පද්ධතියෙන් අරගෙන ස්වයංක්‍රීයව අවුරුදු 18ට වැඩි අයට හැඳුනුම්පත් අංකයම බදු අංකය විදිහට ලබා දුන්නා නම් ඉවරයිනේ. දැන් ඉතින් වැඩක් කරගන්න යනකොට ටින් අංකයකුත් මතක තියාගෙන පලයවුකෝ. අංකම කීයක් මතක තියාගන්නද? ලියා තියාගන්නද? ඇයි හැඳුනුම්පත් අංකය පොදු අංකයක් විදිහට යොදලා භාවිතා කරන්න බැරි... එක එක ආයතන වලින් එක එක ඩේටාබේස් හද හදා ජනතා මුදල් කාබාසිනියා කරනවා. ඔය හැමදේම එක ඩේටාබේස් එකකට අර ගත්තා නම් වියදමත් අඩුයි. වැඩත් සරලයි. කොහෙද එක එකාගේ මල්ල පිරෙන ක්‍රම මිසක් රටට වැඩක් ඇති දේවල් ගැන හිතන්නේ නෑනේ...! 

:       1       2

Mangala Thursday, 11 January 2024 03:16 PM

පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවෙන් දත්ත ලබාගෙන සෑම අවුරුද්දකම අවු 18 වැඩි වයසට එන අයට ජාතික හැඳුනුම්පත් අංකයට සමගාමීව ගෙදරටම ලිපියක් මඟින් අදාල වයස් සීමාවට පැමීණිම නිසා ආදායම් බදු අංකයක් නිකුත් කරන බව පවසා එම අංකය දැනුම් දුන්නා නම් මේ ප්‍රශ්න මොකුත් නෑ. මේ ක්‍රියාදාමයම පෙන්නුම් කරන්නේ නිලධාරීන්ගේ අලසකම නොහැකියාව සිතීමේ පසුගාමී බව. ජාතික හැඳුනුම්පත් අංකය නිකුත් කළ යුත්තේ උපන්දිනය දාට. උදාහරණයක් වශයෙන් 2024 ජනවාරි 11 ඉපදෙන ළමයාට අංකය 110124-001V. දිනය 11 මාසය 01 අවු 2024 න් 24 පමණක් ගෙන 110124 අංකය අගට 001 යනුවෙන් අදහස් කරන්නේ එම දින උපන් පලවෙනි ලමයා බවයි.V හෝ X සංකේතයෙන් කියවෙන්නේ ගැහැණු හෝ පිරිමි බව. නමුත් එම දිනට උපත් සංඛ්‍යාව 999 ට වැඩිවී 1000 හෝ වැඩි වුවහොත් 110124-1001X හෝ V වශයෙන් යෙදවීමට හැකියි. මෙසේ උපතේදීම ලබාදෙන අංකය මරණය දක්වා නොවෙනස්ව පවත්වාගෙන යා හැකියි. මෙම අංකය ජීවිතයේ අනෙකුත් සෑම අවස්ථාවකදීම රජයේ ආයතන සමඟ ගනුදෙනු කිරීමේදී අදාල කරගත හැකි අතර ඕනෑම කෙනෙකුට මතක තබාගත හැකි කමක් ද ඇත...

:       0       3

හිරාන් රොඩ්‍ර්ගෝ Saturday, 13 January 2024 10:51 PM

ටින් අංකයක් ගැනීමට ශ්‍රී ලංකාවේ යම් රැකියාවක් හෝ ව්‍යාපාරයක් නිශ්චල චංචල දේපල හිම්යන් වැනි වත්කම් රැකියා හිමි අයට පමනක් අනිවාර්‍යය කල යුතුයි. නැතිව එදා වේල හොයගන්න බැරි අන්ත අසරන දුගී අය ටින් එක අරගන හිගමනේ යන්න තමා වෙන්නේ....

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 444 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 1016 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 382 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 175 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 555 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1316 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39092 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25572 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 321 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1079 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site