(එෆ්.අස්ලම්)
දෙමළ ජාතික සන්ධානයේ සැබෑ නායකයා ආර්.සම්බන්ධන් නොව රනිල් වික්‍රමසිංහ බවත්, සන්ධානය වැඩකරන්නේ අගමැතිවරයාගේ පදයට බවත් උතුරු නැගෙනහිර පළාත් අමාත්‍ය, දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක වරදරාජා පෙරුමාල් මහතා සඳහන් කළේය.
දශක කිහිපයක් පුරා විසඳුම් නොලැබුණු උතුරේ ජාතික ගැටලුවට රනිල් වික්‍රමසිංහ නැවතත් බලයට පත්වී වසරක් තුළ විසඳුම් ගෙන එන බව කීම දෙමළ ජනතාව රැවටීමේ උප්පරවැට්ටියක් බවද හෙතෙම සඳහන් කළේය.
තමන් බලයට පත්වී වසරක් තුළ ජාතික ප්‍රශ්නයට ව්‍යවස්ථාමය විසඳුමක් ගෙන එන බවට අගමැතිවරයා දෙමළ ජාතික සන්ධානයට ලබාදුන් පොරොන්දුව පිළිබඳ මාධ්‍ය වෙත අදහස් පළකරමින් හෙතෙම මේ බව කියා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පෙරුමාල් මහතා මෙසේද කියා සිටියේය.
“දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතික පක්ෂයේ ගැලවුම්කරුවෙකු විදිහටයි කටයුතු කරන්නේ. ඒ පක්ෂයේ නායකයා ආර්.සම්බන්ධන් වුණාට තිරය පිටුපස සිට අනුබල අනුශාසනා දෙන්නේ අගමැති රනිල් වික්‍රමසිංහයි. දෙමළ ජනතාව රවටමින් එක්සත් ජාතික පක්ෂයට හැකි සෑම ආකාරයකින්ම ඒ ජනතාවගේ සහාය අරගෙන දීමයි දෙමළ ජාතික සන්ධානයේ වගකීම වෙන්නේ.
ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගය ගෙන ආ සෑම අවස්ථාවකම දෙමළ ජාතික සන්ධානය කළේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න, ජාතික ප්‍රශ්නය, දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, උතුරේ ඉඩම් නිදහස් කිරීම කියලා අගමැතිවරයාගෙන් පොරොන්දු අරගෙන දෙමළ ජනතාව රැවටීමයි. මේක දේශපාලන ගනුදෙනුවක් කීවොත් මා නිවැරදියි. ඊළඟ දීපාවලිය ලබන්නේ දෙමළ ජනතාවගේ අර්බුදයට ස්ථිර දේශපාලන විසඳුමක් සහිතවයි කියල සම්බන්ධන් දීපාවලියක් දීපාවලියක් ගානේ කීවා. ඒත් මොන දෙයක්වත් දෙමළ ජනතාවට ලැබුණේ නැහැ.
දෙමළ ජනතාවට අද වුවමනා කරල තියෙන්නේ දේශපාලන විසඳුමක් නෙවෙයි. එදා වේල කන්න පුළුවන් විදිහට සතුටින් ජීවත් වෙන්න පුළුවන් විදිහේ ආර්ථිකයක් සහ පරිසරයක් ගොඩනගාගන්නයි. මහින්ද රාජපක්ෂ බලයේ සිටි කාලයේ යෝධ සංවර්ධනයක් වගේම මිනිස්සුන්ට එදාවේල කන්න පුළුවන් තත්වයක් හරි තිබුණා. ඒත් මේ ආණ්ඩුව බලයට පත්වුණාට පස්සේ ඒ සියල්ල වෙනස් වුණා. මේ ආණ්ඩුවෙන් කරගන්න පුළුවන් දේවල්වත් කරගන්න බැරි වුණේ දෙමළ ජාතික සන්ධානය නිසයි.
මේ ගැන දෙමළ ජනතාව හොඳින් තේරුම් අරගෙනයි ඉන්නේ. ඒ බව ජනතාව ඔප්පු කර පෙන්නාවි. සිව් වසරක් බලයේ සිටියදී ගෙන එන්න බැරිවුණ දේශපාලන විසඳුම රනිල් වික්‍රමසිංහ යළිත් බලයට පත්වී වසරක් තුළ ගෙන එන්න පුළුවන් කියන කතාව සුරංගනා කතාවක්” යැයිද වරදරාජා පෙරුමාල් මහතා කියා සිටියේය.
බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.
එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්
පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ටීඑන්ඒ පක්ෂය වැඩ කරන්නේ අගමැතිගේ පදයට බව වරදරාජා කියයි