(දයාරත්න ඇඹෝගම)
උතුරුමැද පළාතේ ප්‍රදේශ ගණනාවක ‘ටිනීයා’ නම් දිලීර අසාදනයක් හේතුවෙන් සමේ රෝගයක් පැතිරෙමින් පවතින බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ ලිංගික සෞඛ්‍යය සේවා මධ්‍යස්ථානයේ වෛද්‍ය හේමා වීරකෝන් මහත්මිය පැවසුවාය.
මෙම රෝගය ස්ත්‍රී පුරුෂ, හෝ වයස් භේදයක් නොමැතිව සිඝ්‍ර ලෙස පැතිර යමින් පවතින බවද ඇය පැවසුවාය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් හේමා වීරකෝන් මහත්මිය මෙසේ ද පැවසුවාය.
‘දිලීර රෝගය සඳහා ප්‍රතිකාර ලබාගැනීමේදී නියමිත ඖෂධය, නියමිත මාත්‍රාව, නියමිත කාලය තුළ ලබාගැනීම ඉතාමත්ම අත්‍යවශ්‍යයි. යම් හෙයකින් නියමිත මාත්‍රාවට, නියමිත කාලය තුළ ඖෂධ ලබා නොගතහොත් දිලීර රෝගය සුව නොවීමට පුළුවන්. නිසි කළට නිසි ලෙස ප්‍රතිකාර නොකළ හොත් විශාල මුදලක් වියදම් කර මිල අධික ඖෂධ ලබා ගැනීමට සිදුවනවා.’
‘මෙම දිලීරය ස්පර්ශය මගින් හෝ ආසාදිත රෝගියකුගේ ඇදුම් මගින් කෙනෙකුට බෝ විය හැකියි. මෙම ආසාදන සම මතුපිට තෙතමනය රැදෙන දහදිය දමන ස්ථානවල බහුලව දක්නට ලැබේ. විශේෂයෙන් ඉකිලි, කිහිලි හා පියයුරු වලට යටින් මුහුණ ආශ්‍රිතව බහුලව ඇතිවේ. එයට අමතරව ශරීරයේ ඕනෑම ස්ථානයක මතුවිය හැකිය. දිලීර නාශක ඖෂධ පමණක් නියමිත කාලය තුළ භාවිත කිරීමෙන් මෙම රෝගය සමාජය තුළ පැතිරවීම අවම කිරීමට දායක විය හැකියි.’
මේ වන විට ටිනියා ආසාදනය රජරට පුරා පැතිර යමින් පවතී. එයට ප්‍රධානම හේතුව වී ඇත්තේ ප්‍රජාව විසින් වෛද්‍ය අවවාද වලින් තොරව ඖෂධ භාවිතා කිරීමයි. බොහෝ විට රෝගීන් තම හිතු මතේට විවිධ ඖෂධ, බොන බෙහෙත් හෝ ආලේපන ඖෂධ හල් වලින් මුදලට ලබා ගෙන භාවිතා කිරීමට පෙළඹී ඇති බවක් පෙනෙන්නට තිබෙන බව වෛද්‍ය හේමා වීරකෝන් මහත්මිය පැවසුවාය.
එමගින් දිලීර ආසාදන සුව නොවී විශාල ලෙස පැතිර යමින් පවතී. දිලීර රෝග සදහා නියමිත දිලීර නාශක ඖෂධය සති 6කට ආසන්න කාලයක් භාවිතා කළ යුතු බවද ඇය මෙහිදි කීවාය.
අනුරාධපුර ශික්ෂණ රෝහල තුළ මාසයකට ආසන්න කාලයක දී මෙම රෝගයට ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගීන් 100 දෙනෙකු පිළිබඳව කරන ලද අධ්‍යයනයක දී තහවුරු වී ඇත්තේ, ඉන් 62%කට පමණ සුදුසු නොවන දිලීර නාශක ප්‍රතිකාර වශයෙන් ලබාගෙන සිටි අය බවයි. තවද එම රෝගීන්ගෙන් 89% පමණ නැවත ප්‍රතිකාර සදහා යොමුවී තිබේ. එකම පවුලේ කිහිපදෙනෙකුට ම දිලීරය ආසාදනය වි තිබූ අවස්ථා ද බහුල බව වෛද්‍ය හේමා වීරකෝන් මහත්මිය සදහන් කළා ය.
’’ආසියාව ශක්තිමත් කිරීමෙහිලා බුද්ධ දර්ශනයෙහි කාර්යභාර්යය’’ යන තේමාව යටතේ ලොව පළමු ආසියානු බෞද්ධ සමුළුව ඊයේ(05) සහ අද(06) ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක්
පාස්පෝට් ලබාගැනීම සඳහා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ දිනයක් ලබාගැනීමේ ක්‍රමවේදය මේ වනවිට ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැව
පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය
ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, තෝරා ගැනෙන්නේ ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා පමණක් නොව, ආණ්ඩුකාරවරුන්, විනිසුරුවරුන්, පොලිස් ප්‍රධානීන් සහ සෙනෙට් මන්ත්
ජාත්‍යන්තර සිසු තත්ත්ව කව සම්මේලනයට සුදුසු සිසුන් තෝරාගැනිම සඳහා පැවත්වන තුන්දින ජාතික සිසු තත්ත්ව කව සම්මේලනය ඊයේ (05) ඇහැළියගොඩ මධ්‍ය මහා විධ්යාල ප
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ටීනියා දිලීරය උතුරුමැද ගිලගන්න සැරසෙයි
Always breakdown Wednesday, 03 March 2021 09:59 AM
පැණි සුමනෙටයි, දුටුගැමුණු කුමාරයාටයි මේ බව දන්නේ නැද්ද?
NuwanWednesday, 03 March 2021 12:55 PM
ලංකාවේ ශ්‍රේෂ්ඨ රජතුමෙක්ගේ නම කොහේවත් ඉන්න අයට ආදේශ නොකරන්න කියලා මම ඉල්ලනවා.
AnandaRWednesday, 03 March 2021 04:09 PM
අනේ ඔව්...!!!
සෙනෙවිරත්න Thursday, 04 March 2021 12:59 AM
අනුරාධපුරයේ කට්ටිය ඡන්දෙ දුන්නේ අර බඩඉරිඟු හොදි කාපු මහත්මයාට දුටුගැමුණු චරිතේ රඟපාපු එකට නොවේද? ඊට වඩා අනුරාධපුරයට වැඩ කරපු මහත්වරු ගෙදර යැව්වා නේද? දැං එතුමා ඉන්නවද?
lanka Wednesday, 03 March 2021 01:37 PM
පැණියගේ පැණියෙන් සුවකළ නොහැකිද?