IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


ට්‍රම්ප්, බයිඩන්ට දෙහි කපයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකාවේ නව ජනපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව සිය ප්‍රථම සම්මුඛ සාකච්ඡාවට පෙනී සිටිමින් ජනපති ට්‍රම්ප් හිටපු ජනපති ජෝ බයිඩන් විවේචනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ජනපති ට්‍රම්ප් ෆොක්ස් පුවත්සේවය සමග සිය ප්‍රථම සම්මුඛ සාකච්ඡාවට පෙරේදා(22) ධවල මන්දිරයේදී සහභාගී වී ඇති බවත් එහිදී හිටපු ජනපති ජෝ බයිඩන් සිය ධුරයේ අවසන් දිනයේදී ඔහුගේ පවුලේ සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් කීපදෙනෙකුට පූර්ව ජනපති සමාව ලබාදීම සම්බන්ධයෙන් විවේචනය කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සිය පළමු ධුර කාලය අවසන් වීමට මත්තෙන් තමාටද මෙම අවස්ථාව ලැබුණු බවත් නමුත් එහිදී කිසිවෙකුට ජනපති සමාව ලබාදීමට අවශ්‍ය නැති බව තමන් ප්‍රකාශ කළ බවත් ජනපති ට්‍රම්ප් සම්මුඛ සාකච්ඡාවේදී පවසා ඇත. කිසිවෙකු වරදක් කර නොතිබූ බැවින් එලෙස ජනපති සමාව ලබාදීමේ අවශ්‍යතාවයක්ද පැන නොනැගුණු බවද ට්‍රම්ප් එහිදී පැවැසුවේය.

තමාට රිදවීම සඳහා ප්‍රතිවාදීන් තම පවුලේ සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කර තිබෙන බව පවසමින් බයිඩන්ගේ සහෝදරයන් ඇතුළුව පවුලේ සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් කීපදෙනෙකුට පූර්ව ජනපති සමාව ලබාදුන්නේය.

" මේ මනුස්සයා හැමෝටම ජනපති සමාව දිදී ගියා නමුත් විහිළුවට කරුණනම් ඒක කණගාටුදායක දෙයක් වෙන්නත් පුළුවන් මේ මනුස්සයාට අමතක උනා එයාට ජනපති සමාවක් දී ගන්න" ජනපති ට්‍රම්ප් සම්මුඛ සාකච්ඡාවේදී පැවැසුවේය.

 



අදහස් (4)

ට්‍රම්ප්, බයිඩන්ට දෙහි කපයි

Nandalal DE SILVA - France Thursday, 23 January 2025 10:27 PM

ට්‍රම්ප් හිටපු ජනාධිපති බයිඩන්ගේ ජනාධිපති සාමාවන් ගැන ඔහොම දෙහි කැපුවාත් ට්‍රම්ප් සිය දෙවැනි ධූර කාලය සඳහා අත්සන් කර පදවි ප්‍රාප්ති ලියවිල්ලේ තීන්ත වේලෙන්නත් පෙර ඔහු වෙනුවෙන් 2020 දි කැපිටල් එක සුනුවිසුනු කර යකා නටපු හිර බත් කමින් සිටි අරගලකරුවන් දහසකටත් වඩා සිරකරුවන්ට දෙවැනි ට්‍රම්ප් සමාව දුන් බව නම් අමතකවී තිබෙනවා.

:       25       8

Biden Friday, 24 January 2025 02:35 AM

මෙන්න පලිගන්නවෝ, දෙහි කපනවෝ, මාව ගෙදරින් එළවනනෝ

:       21       6

රිතික් Friday, 24 January 2025 09:36 AM

රනිල් එහෙමනම් බයිඩන්ට කපන්නෙ දෙහි නෙමෙයි.

:       7       6

ජිල්බු Friday, 24 January 2025 11:12 AM

අඩෙ අප්පා, එහෙත් දෙහි කැපිලි, නූල් පැන්නිලි තියෙනවා! මෙහෙ කට්ටඬියන්ට එහෙ ගියොත් සුද්දන්ව අන්දල සෑහෙන්න විදේශ විනිමය ගේන්න පුළුවන්. ඔන්න ජනපති අනුරට රට දියුණු කරන්න මාර්ගයක්.

:       9       11

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පළාත් රැසකට මිලි මීටර් 100 ඉක්ම වූ තද වැසි
2025 අප්‍රේල් මස 28 0 0

උතුරු අර්ධ කෝලයේ සහ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං හමුවන කලාපය ලෙස හඳුන්වන අන්තර් නිවර්තන අභිසාරි කලාපය නිසා දිවයිනේ කාලගුණයට දැඩි බලපෑමක් ඇති ක


කිලිනොච්චිය ගංවතුරින් යටවේ
2025 අප්‍රේල් මස 28 17 0

කිලිනොච්චි ප්‍රදේශයට ඊයේ (27) කාලයේ හා රාත්‍රී කාලයේ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ගංවතුර තත්වයක් පවතින බව දිස


මහනුවර ශුද්ධ කරයි
2025 අප්‍රේල් මස 28 50 0



චන්ද්‍රිකාගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්
2025 අප්‍රේල් මස 28 101 0

තම නම සහ ඡායාරූපය අනවසරයෙන් භාවිත කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මැතිවරණ කොමසාරිස්


හිටපු ජනපතිලාගේ වැඩි වාහන බාර දෙන්න සහන කාලයක්
2025 අප්‍රේල් මස 28 79 0

හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දීම සඳහා කෙටි සහන කාලයක් ලබාදීමට කටයුතු කර ඇතැයි ජනාධිපති ජනාධිපති


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 941 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 417 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 564 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site