ඇමෙරිකාවේ කොලොම්බියා දිස්ත්‍රික්කයේ වොෂින්ටන් අගනුවර සෙනට් සභාව පිහිටි කැපිටල් ගොඩනැගිල්ලට ජනාධිපති ට්‍රම්ප්ට සහාය දක්වන කලහකාරී පිරිසක් කඩාවැදී එහි සිදුවූ වෙඩි තැබීමක් හේතුවෙන් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් සිව්දෙනෙකු මිය ගොස් ඇත.
ඇමෙරිකාවේ පාර්ලිමේන්තුව හෙවත් කොංග්‍රසයේ විවාද පැවැත්වෙන ස්ථානවලට ද කඩාවැදුණු එම පිරිස රාජ්‍ය දේපළවලට හානි කළේ යැයි ද මියගිය පිරිස අතර කාන්තාවක ද වන බව ද වාර්තා වේ.
කලහකාරී පිරිසක් කඩාවදින අවස්ථාවේදී ඇමෙරිකානු කොංග්‍රසයේ සෙනට් සභාවේ මැතිවරණ සමූහ ඡන්ද ගණනය අවසන් කරමින් පැවැතුණි. ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන්ගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා එම ක්‍රියාවලිය සිදුවෙමින් පැවැති අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපති මයික් පෙන්ස් ද සෙනට් සභාවේ සිටියේය.
එම පිරිස කඩා වැදීමත් සමඟ ආරක්ෂක අංශ උප ජනාධිපතිවරයා සහ කොංග්‍රසයේ සාමාජිකයන් ආරක්ෂිත ස්ථානවලට රැගෙන ගියහ.මේ සිදුවීමෙන් ඇමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදය දැඩි තර්ජනයකට මුහුණ දුන්නේ යැයි ද එම වාර්තාවල දැක්විණි.
ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර පිහිටි කැපිටල් ගොඩනැගිල්ල යනු එරට වැඩිම ආරක්ෂාවක් ලබා දී ඇති ස්ථානවලින් එකක් වන අතර මෙය ඇමෙරිකානු ඉතිහාසයේ දරුණුම ආරක්ෂාව කඩවීම්වලින් එකක් යැයි ද පැවසේ.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී පැවැත්විණි. ඉන් ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂක ජෝ බයිඩන් ජයග්‍රහණය කළ අතර ඔහු ලබන 21 වැනිදා ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට නියමිත ය.මෙම වෙඩිතැබීම් සිදුවීමට පෙර කැපිටල් ගොඩනැගිල්ල දෙසට පාගමනේ යන්නැයි ද ජනාධිපති ට්‍රම්ප් ඔහුගේ ආධාකරුවන් උනන්දු කර තිබිණි.
විදෙස් මාධ්‍ය ඇසුරිනි
(055)
(ඡායාරූප - බීබීසී ඇසුරිනි)
තවත් ඡායාරූප සඳහා පිවිසෙන්න - ට්‍රම්ප්ගේ ආධාරකරුවෝ සෙනට් සභා ගොඩනැගිල්ලට කඩාවදිති
ශ්රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික මට්ටමේ සැලැස්මක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික
ලාෆ් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.
ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බ
රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය
මෙවර අපොස උසස් පෙළ විභාගයේ දි වාර්තාවක් තබමින් එකම පවුලේ නිවුන් සොහොයුරන් සහ ඔවුන් අක්කා ජීව විද්‍යා අංශයෙන් උසස් ලෙස සමත්ව සිටිති.
මැයි මස පළමුවැනි දිනට යෙදී ඇති ලෝක කම්කරු දිනය වෙනුවෙන් රැලි පැවැත්වෙන ප්‍රදේශ අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ට්‍රම්ප්ගේ ආධාරකරුවෝ සිව්දෙනෙක් පොලිස් වෙඩි පහරින් මරුට
ranjan Thursday, 07 January 2021 07:17 AM
අපේ රටේත් ඉන්නවා හැම තිස්සේම පාර්ලිමේන්තුව වට කරන්න පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න බලාගෙන ඉන්න අය. හොඳයි ඔහොම යමුකෝ.
RaveendraThursday, 07 January 2021 08:00 AM
ඔබ සඳහන් කලේ අරක දියව්, මේක දියව්, අරක කරව්, මේක කරව්... අතනට අත නොතබනු, මෙතනට අත නොතබනු කියමින් කෑමොර දෙන 300% හාදයෝ ටිකද නැත්නම්..?
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 07 January 2021 08:31 AM
රටේ බලයේ සිටිනා ජනපතිගේ ගෝල බාලයන් වෙත, කෙසේවෙතත් හයියෙන් සද්දයක් දාන්නවත් අපේ ආරක්ෂක අංශවල ඇත්තන්ට පුළුවන් වෙයිද? ඒ අතින් ඇමරිකාව අපට වඩා කොතරම් ඉදිරියෙන්ද සිටින්නේ. හරි වැරැද්ද නෙමෙයි. අපේ රටක ආරක්ෂක අංශ මේ වගේ එඩිතරව කටයුතු කරයිද?