(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකානු ජනාධිපතිවරයකු ධුරය දැරූ සමයේදී ගත් රාජාකාරී තීරණ අභියෝගයට ලක් කරමින් ඔහුට කිසිම විටකත් නඩු පැවැරිය නොහැකි බවත් එය හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ටද අදාළ වන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
එම වරප්‍රසාදය ජනාධිපති ධුර කාලය තුළදී රාජකාරි ජීවිතයෙන් ඔබ්බට දිව යන බවත් ඒ හේතුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරුද්ධව අපරාධ චෝදනා ගොනු කිරීමේදීද යම්තාක් දුරට බාධාවක් පවතින බවත් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවේ සඳහන් වේ. විනිසුරුවන් 9 දෙනකුගෙන් යුත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් යටතේ 2020 ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් ට්‍රම්ප්ට එල්ලවූ චෝදනා අභියෝගයට ලක් කරමින් ගොනුකළ අභියාචනය විභාග වූ අතර විනිසුරුවන් 6 දෙනකුගේ එකඟත්වයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.
ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව 2020 ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීමට කුමන්ත්‍රණය කිරීම යටතේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ගොනුකර ඇති චෝදනා විභාග කරන විනිසුරුවරිය වන දිසා විනිසුරු ටාන්යා චුට්කන් වෙත එම නඩු තීන්දුව යොමුකර තිබේ. එම නඩුව මාර්තු මාසයේ විභාගයට ගැනීමට නියමිතව තිබුණත් ට්‍රම්ප්ට හිටපු ජනාධිපතිවරයකු ලෙස හිමි මුක්තිය සම්බන්ධයෙන් විභාග වූ අභියාචනය අවසන් වන තෙක් මාස 7 ක කාලයක් බලා සිටීමට වොෂින්ටන් අධිකරණයට සිදුවිය.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සමඟ ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරුද්ධව ගොනුකළ හැකි චෝදනා මොනවාද කළ නොහැකි චෝදනා මොනවාද යන්න පිළිබඳව එම තීන්දුව අදාළ කර ගනිමින් නැවත වරක් තීරණය කිරීමට දිසා විනිසුරු ටාන්යා චුට්කන් සිදුවනු ඇති බවත් කල් ලබා දුනහොත් නඩු පැවැරිය හැකි චෝදනාවක් දෙකක් සොයා ගැනීමට ඇයට හැකියාව තිබුණත් ජනාධිපතිවරණයට පෙර එය සිදුකිරීම කිසිසේත්ම කළ නොහැකි බවත් නීති විශාරදයෝ පැවැසූහ.
එසේම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හේතුවෙන් නිව් යෝර්ක් අධිකරණයේදී චෝදනා 34 කට වරදකරු කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ලබා දුන් නඩු තීන්දුව අභියෝගයට ලක් කරමින් මෝසමක් ගොනු කිරීම සඳහා අවසර ඉල්ලමින් ට්‍රම්ප්ගේ නීතිඥවරුන් විනිසුරු ජුවාන් මර්චන් වෙත ලිපියක්ද යොමුකර ඇත. ලිපිය පිළිගතහොත් එළඹෙන 11 වැනිදාට නියමිත එම චෝදනාවලට දඬුවම් නියම කිරීම තවත් ප්‍රමාද වනු ඇති බවත් එය ප්‍රතික්ෂේප වුවත් ඩොනල්ඩ් ට්‍රම්ප්ට චෝදනා 34 සඳහා සිර දඬුවමක් නියම නොවෙනු ඇති බවත් නීති විශාරදයෝ ප්‍රකාශ කළහ.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රසාදය පළ කර ඇති අතර ජනාධිපති බයිඩන් එම තීන්දුව දැඩි ලෙස විවේචනයට ලක් කර ඇත.
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෝ මහ මොළ කරුවන් ,හෙළිකිරීමේ වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ උසාවියට බාර කරමු යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද
ඔරුගොඩවත්ත අවිස්සාවේල්ල පාර කන්ටේනර් අංගනයක් තුළදී ශ්‍රී ලංකා රේගු ආයතනයට අයත් බර එසවීමේ යන්ත්‍රයක රෝදයකට යටවීමෙන් පුද්ගලයෙකු මිය ගිය බව වැල්ලම්පි
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කිරීම සඳහා පත්කිරීමට නියමිත ත්‍රිපුද්ගල කමිටුව සඳහා සාමාජිකයකු නම් කරන ලෙස කත
වවුනියාව අග්බෝපුර මාමඩුව ග්‍රාමයේ මූල ඓතිහාසික සොහොන් බිම පුරාවිද්‍යා ස්ථානය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පුරාවිද්‍යා නිර්දේශ ලබා ගැනීමෙන් තොරව වන ව
කටුනායක, ආඩිඅම්බලම, දැවමොට්ටාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු එල්ල කර වෙඩි තැබුවත් එය ව්‍යර්ථවීමත් සමග තාප්පයකින් පැන යාමට උත්සහ කරද්දී ඉන් ඇද වැටී එක් අයක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ට්‍රම්ප්ට නඩු පවරන්න බැහැ
Ruwan De Silva Tuesday, 02 July 2024 05:37 PM
බැලින්නං ලංකාවේ වගේ ඇමරිකාවේ ජනපතිකම කියන්නේ ඒකාධිපති බලයක් ලැබෙන තනතුරක්