IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


ටෙලිකොම් - රක්ෂණ සංස්ථාව දෙනවාට කිරිඇල්ලගෙන් දොස්

 

(සුජිත් හේවාජුලිගේ )

රජය පෞද්ගලීකරණය කරන ආයතන ලැයිස්තුවට  විශාල වශයෙන් ලාබ ලබන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ ශ්‍රී ලංකාටෙලිකොම් යන ආයතනද ඇතුළත් කර ඇති බවත්  ලාභ ලබන ආයතන පෞද්ගලීකරණය කිරීමට සමගි ජන බලවේගය පක්ෂය විරුද්ධ බවත්  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

කෙසේ වෙතත් විශාල වශයෙන් පාඩු ලබන ශ්‍රී ලංකන් එයාර්  වැනි ආයතන සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට විරෝධතාවක් නැති බව සඳහන් කළ මන්ත්‍රීවරයා  ඒ  සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කර යම් තීරණයක් ගැනීමට හැකියාව පවතින බවද  ප්‍රකාශ කළේය.

පාඩු ලබන ආයතන වුණත් පෞද්ගලීකරණය කරන්නේ නම් ඒවායේ සේවකයන්ට සිදුවන්නේ කුමක් දැයි සහ  ඔවුනට වන්දි ගෙවන ආකාරය යනාදී දේවල් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී   සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දිය යුතු බවද  ඔහු සඳහන් කළේය.

එසේම ඒවායේ  ප්‍රතිව්‍යුහගත  කටයුතු විනිවිදභාවයෙන් සිදුවිය යුතු බවද  ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහතා "ද ඉකොනොමිස්ට්" සඟරාවට ප්‍රකාශයක් කරමින්  ටෙලිකොම් සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවද පෞද්ගලීකරණය කළ හැකි බව ප්‍රකාශ කර ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (6)

ටෙලිකොම් - රක්ෂණ සංස්ථාව දෙනවාට කිරිඇල්ලගෙන් දොස්

dhammika gamage Friday, 19 August 2022 01:51 PM

අල්ලස, හොරකම, පගාව දෙනවට වඩා හොඳයි.. පුද්ගලීකරනය. නිදහසේ සේවයක් ගන්න පුළුවන්. කිරිඇල්ල මොනවද දන්නේ? අපිනේ ඒ දුක් විඳින්නේ...

:       2       20

ගජමිතුරු Friday, 19 August 2022 02:19 PM

ප්‍රතිව්‍යුහගත කරනවා කිව්වාම මට පරණ සිද්ධියක් මතක්වුණා. කච්චේරි තිබුණු කාලයේ 1987ට පෙර පේෂකර්ම දෙපාර්තමේන්තුව තිබුණා.. දිස්ත්‍රික්කයේ සහකාර අධ්‍යක්ෂ කෙනෙක් හිටියා. මෙම කාලයේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, කුරුවිට (පැරඩයිස්) හා අටකලංපන්නේ උප දිසාපති කාර්යාලයට තරමක් දුරින් ඇඹිලිපිටිය පාරේ කවුඩුවාවේ ලෙසට බලවේග පේෂකර්ම මධ්‍යස්ථාන තුනක් තිබුණා.. මේවා කේ. ටෙක්ස් ආයතනට පැවරීම කළා. ඉන්පස්සේ සේවකයින් සියලු දෙනාටම රැකියා නැතිවුණා. එයින් ඇහැලියගොඩ ආයතන භූමිය දැනට කවුරු හෝ පාලනය කරන්නේ මාසිකව කාමරයක් සඳහා විශාල කුලියක් අයකරමින්. එහි කාමර 10 ක් පමණ තියෙනවා. මේ ගොඩනැගිලි රජයේ දේපළ... තවමත් රජයට බදු හෝ ලැබෙනවා නම් හොඳයි.. නැත්නම් ලොකු අපරාධයක් වෙනවා. අනෙක් ස්ථාන දෙකේමත් එහෙම කියලා ආරංචියි.

:       1       7

duplicate Ralahami Friday, 19 August 2022 02:47 PM

එයා දන්නේ විකුණන්න විතරයි... අඩු ගාණේ ඒක විකුණලා ඒක හදන්න ගත්තු ණය ටිකවත් ගෙව්වේ නැති මහලොකු කෙරුම්කාර හාමු ගැන රටම දන්නවා.

:       2       5

Prase Friday, 19 August 2022 03:00 PM

පාර්ලිමේන්තුවත් පුද්ගලීකරණය කරන්න පුළුවන්ද හොයලා බැලුවොත් හොඳයි... ඒකත් ජනතාවට බරක්... කන කෑමවේල දැක්කාම...

:       0       3

SL Friday, 19 August 2022 04:35 PM

ලාබ ලබන භාණ්ඩාගාරයට සල්ලි දෙන ආයතන මොන එකකට විකුණනවාද? විකුනන්න ඕනේ CGR ,CPC,CEB සහ අනෙකුත් වී අලෙවි මණ්ඩලය, ශ්‍රී ලන්කන් වගේ ඒවා... රනිල් ඔයා බැඳුම්කරෙන්, හම්බන්තොට විකුණලා කරපු හොරකම් ආයෙත් කරන්නද යන්නේ? හොරා කාපු RDA එකත් වික්කා නම් හරි...

:       0       7

Lalith M Saturday, 20 August 2022 09:55 AM

ශ්‍රී ලංකා ටෙලිකොම් කීවාට ඕක පුද්ගලික සමාගමක්. රජයට හිමි සුළු කොටස් ප්‍රමාණය විකුණා දමන්න. මොබිටෙල් 1993 පටන්ගත්තු දා සිට පුද්ගලික සමාගමක් විදියට තිබුනේ. ඒ ආදර්ශය ගෙන සිපෙට්කෝ, ශ්‍රී ලන්කන් ගුවන් සේවය සහ වෙනත් රාජ්‍ය සංස්ථා පෞද්ගලික අංශයට දෙන්න. පින්පඩිකාර භවතුන් අපූරුවට වැඩ කරයි. නැතිනම් පන්නලා දමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1639 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 323 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 658 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 4217 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 569 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 3162 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 293 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 594 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1720 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site