(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ "අන්‍යෝන්‍ය බදු ක්‍රමයෙන්" ලොව දුප්පත්ම සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස ඉල්ලා සිටින බවත් එසේ නොකළහොත් එම රටවල ආර්ථිකය දැඩි බලපෑමේ අවදානමක් තිබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නවතම වාර්තාවක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
එක්සත් ජාතීන්ගේ වෙළඳ හා සංවර්ධන අංශය වන වෙළඳාම සහ සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව පසුගිය 14 වැනිදා මෙම වාර්තාව නිකුත් කළ අතර එම වාර්තාව මගින් "අන්‍යෝන්‍ය බදු ක්‍රමයෙන්" නිදහස් කළ යුතු ලොව දුප්පත්ම සහ කුඩාම රටවල් 28 ක් හඳුනාගෙන තිබිණ. කෙසේ වෙතත් එම රටවල් 28 ට ශ්‍රී ලංකාව ඇතුළත් වී නොමැත.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉහළ තීරු බදු අනුපාතයක් පනවා ඇති එම රටවල් විසි අටේ ප්‍රමාණය සහ මධ්‍යස්ථ අපනයන මට්ටම් සැලකිල්ලට ගත්විට ඇමෙරිකාවේ ආර්ථිකයට එම රටවලින් කිසිඳු තර්ජනයක් එල්ල නොවන බව වෙළඳාම සහ සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව පැවැසුවේය.
ලොව දුප්පත්ම සහ කුඩාම රටවල් 28 "අන්‍යෝන්‍ය බදු ක්‍රමයෙන්" නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය එලෙස ඉල්ලීමක් කරද්දී හොංකොං නගරයේ සිට ඇමෙරිකාවට භාණ්ඩ යැවීම සහ ඇමෙරිකාවේ සිට හොංකොං නගරයට එවන භාණ්ඩ බාර ගැනීම තැපැල් දෙපාර්තමේන්තුව එළැඹෙන 27 වැනිදා සිට නවතා දමන බව හොංකොං රජය පෙරේදා(15) ප්‍රකාශ කළේය.
මෙතෙක් හොංකොං සිට පැමිණෙන ඇමෙරිකානු ඩොලර් 800 ට අඩු ජාත්‍යන්තර නැව්ගත කිරීම් සඳහා ලබාදී තිබූ බදු නිදහස අවලංගු කිරීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා කටයුතු කිරීම හේතුවෙන් හොංකොං රජය මෙම තීරණයට එළැඹ තිබිණ. එළැඹෙන 2 වැනිදා සිට ඇමෙරිකානු ඩොලර් 800 ට අඩු භාණ්ඩ සඳහා සියයට 30 බද්දක් ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණත් එය සියයට 120 දක්වා වැඩි කිරීමට ජනපති ට්‍රම්ප් ගත් තීරණය අසාධාරණ එකක් බවත් ඊට ලබාදෙන පිළිතුර මෙය බවත් හොංකොං රජය ප්‍රකාශ කළේය.
හොංකොං පමණක් නොව චීනයද තම අපනයන් සඳහා ඇමෙරිකාව පැනවූ සියයට 145 ක තීරු බද්දට පිළිතුරු ලෙස ඇමෙරිකානු අපනයනයන් සඳහා සියයට 125 ක තීරු බද්දක් පැනවීමට කටයුතු කළේය.
එලෙස චීනය සහ ඇමෙරිකාව අතර වෙළෙඳ යුද්ධය දැඩි වෙද්දී චීනය සඳහා නිපදවන ටෙස්ලා මෝටර් රථ මාදිලි 2 ක් සඳහා ඇණවුම් බාර ගැනීම ටෙස්ලා සමාගම නවතා දැමුවේය.
චීනය ඇමෙරිකානු භාණ්ඩ සඳහා පැනවූ සියයට 125 ක තීරු බද්දත් සමග එම මෝටර් රථවලට චීන වෙළෙඳපොළ තුළ තරඟ කිරීමට නොහැකි වීම එම තීරණයට හේතුව විය.
බළපිටිය මරදාන මහ පාරේදී අද(17) රෑ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයකු තුවාල ලබා රෝහල්ගත කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි.
දෙවුන්දර හුම්මාන මාර්ගයේ දි සැක කටයුතු මෝටර් රථයක් නවත්වා පරික්ෂා කිරීමේ දී මෝටර් රථයේ පසු පස ප්‍රදේශයේ සඟවා තිබු රුපියල් 32840000 මුදල් හා රත්තරන් වළලු, කර
කැකිරාව මැදවැව ප්‍රදේශයේ ගෙවත්තක තිබී ගින්නෙන් පිලිස්සුන තිදරුමවකගේ මළ සිරුරක් සොයා ගැනීමට අද (17) පොලිසියට හැකිව තිබේ.
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
සිරි දළදා වන්දනාවේ පෝලිම් කෙළවර බැතිමතුන්ට පහසුවෙන් බලා ගැනීම සඳහා විශේෂ ලින්කුවක් හඳුන්වා දී තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද හෙට සිරි දළදා දැක්මට සහභාගී වී දළදා වහන්සේ වන්දනා කිරීමට නියමිතව තිබේ.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
ට්‍රම්පේ බදු ගැන එක්සත් ජාතීන්ගෙන් වාර්තාවක්