IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


ඩී.පී.ට එරෙහි පෙත්සම් පහම විභාගයට නොගෙනම ඉවතට

(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා දිවුම්රුම් දීම වළකමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ගොනුකර තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සම් පහ විභාගයට නොගෙනම ඉවත දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) නියෝග කළේය.

මෙම පෙත්සම් ප්‍රියන්ත ජයවර්ධන, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණී.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, විදේශීය මාධ්‍යවේදී මාධ්‍යවේදී රෝයල් රේමන්ඩ්, ප්‍රවීණ පරිවර්ථක ගාමිණී වියන්ගොඩ සහ සමාජ ක්‍රියාකාරිකයකු වන චන්ද්‍ර ජයරත්න ඇතු`ථ පස් දෙනකු විසින් ගොනුකරනු ලැබූ මෙම පෙත්සම්වල වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ මැතිවරණ කොමිසම, පාර්ලිමේන්තු මහ ලේකම්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම්, ව්‍යාපාරික ධම්මික පෙරේරා සහ නිතිපතිපතිවරයා ය.

තමන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙසින් පත් වීමට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද යන්න පිළිබද අධිකරණ තීන්දුව ලැබෙන තෙක් තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූයේ දිවුරුම් දීමක් නොකරන බව ද ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ඊයේ (20) ශ්‍රේෂ්ඨාධිකරණයට පොරොන්දු විය.

 



අදහස් (9)

ඩී.පී.ට එරෙහි පෙත්සම් පහම විභාගයට නොගෙනම ඉවතට

කිරි පුතා Tuesday, 21 June 2022 05:26 PM

ඒ මහතාට ඒක කරන්න දෙන්න ඕනෑ. වැඩේ පටන් ගන්නත් කලින් මොකුත් කියන්න බෑනේ. අපේ රටේ පඳුරකට පයින් ගැහුවොත් සංවිධාන දාහක් විතර විසිවෙයි. මෙව්වා දැන් විකාරයක් වෙලා තියෙන්නේ ...

:       21       11

anilTuesday, 21 June 2022 06:09 PM

පට්ට හොරෙක්.

:       1       1

SISIRATuesday, 21 June 2022 07:28 PM

ගැලපෙන නම කිරිපුතා ????? ඔනෙම පට්ට හොරෙකුට එන්න පුලුවන් තැනක්ද උත්තරිතර පාර්ලිමේන්තුව?????

:       1       1

විජිත් Tuesday, 21 June 2022 05:37 PM

මහාම පුදුම රටක්!!! අරුම පුදුම නඩු කාරයින් ටිකක්. මේ නඩුවෙන් කියන්නේ මේ පුද්ගලයාට මන්ත්‍රී වරයෙක් වශයෙන් පත්වීමට ව්‍යවස්ථාවේ කොතැනකවත් ප්‍රතිපාදන නැති බවයි. මොහුට විරුද්ධව ඇති චෝදනාත් බොහෝමයක් ඇත. ව්‍යවස්ථාවෙන් පැහැදිලිවම කියනවා මේ... මේ පුද්ගලයින්ට පමණයි පාර්ලිමේන්තුවට පත්විය හැක්කේ ' කියලා. ඉන් පරිබාහිර පුද්ගලයෙක් මන්ත්‍රී කෙනෙක් වශයෙන් පත්වීමට "ප්‍රශ්නයන් නැත" යයි කියන්නේ මේ නඩුකාරයින් ව්‍යවස්ථාවට වඩා 'ඉහළින්' ලැබෙන ටෙලිෆෝන් කෝල් එකට ගරුකරන බවයි. ඉතින් එවැනි ව්‍යවස්ථාවකින් ඵලක් තිබේද...? එදා ප්‍රංශයේදී ප්‍රංශ ජනතාව ව්‍යවස්ථාව ගිනි තබා.. මහජනතාව වෙනුවෙන් ඔවුන් සෑදු ව්‍යවස්ථාවක් සම්මත කරගත්තා. අද හෝ හෙට කොන්ද පණ ඇති ශ්‍රී ලාංකිකයින් කළයුත්තේ මේ කාළකන්නි ව්‍යවස්ථාව ගෝල්ෆේස් අරගල භූමියේදීම ගිනිතබා රටේ ජනතාවට ගැලපෙන (නාගානන්දගේ ව්‍යවස්ථාව වැනි) ව්‍යවස්ථාව සම්මත කරගෙන නව රජයක් පිහිටුවීමයි.

:       7       24

SwissTuesday, 21 June 2022 08:32 PM

ඩයස්පෝරාවට රට බාර දෙමුද..? ඒ අය පැය 24 න් මුලු රටේම ව්‍යවස්ථාව වෙනස් කරලා රටට හොඳම කාලයක් උදා කර දෙයි..! හැබැයි රටේ පෙළපාලි බැහැ... පක්‍ෂ තුනයි.. එනම් එජාපය- තමිල් පක්‍ෂය-මුස්ලිම් පක්‍ෂය... එච්චරයි.. ! අවුරුදු 55 න් විශ්‍රාම! ඒත් පඩි නැහැ රටට වැඩක් කරලා නැත්නම්...!

:       1       0

anil Tuesday, 21 June 2022 05:55 PM

පට්ට හොරෙක්.

:       1       1

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 21 June 2022 10:01 PM

ධම්මික පෙරේරා මහතාගේ වැරදි හා අඩුපාඩු ඇති.ඒත් ඒවා කට වචනයට පමණක් සීමා නොකොට ඒවා පිළිගත් අධිකරණයකදී ඔප්පුකොට ඔහු වැරදි කරුවෙකු බව ඔප්පු කළ යුතුයි.කෙනෙකුහට කෙතරම් වැරදි චෝදනා තිබුණත්, ඔහු අධිකරණයෙන් වැරදි කරුවෙකු නොවුවහොත් ඔහු නිවැරදි කරුවෙක්.අපට සිතෙනා ආකාරයට මෙහිදී සිදුවී ඇත්තේ එය වෙන්නට පුළුවන්.

:       1       3

beau Wednesday, 22 June 2022 05:37 AM

උසාවියේ ඉන්න කිසිම එකෙක් නීතිය‌ නොදන්න බවයි අපිට පෙනෙන්නෙ.

:       1       1

සුධීර Wednesday, 22 June 2022 11:16 AM

ද්විත්ව පුරවැසි වියන්ගොඩ ආයෙත් ලංකාවට සැපත් වෙලා වගේ. මේ ළඟදී දවසක ප්‍රංශයේ හිටියා. එන්.ජී..ඕ. නඩ ආයෙත් බරටම වැඩ.

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 1210 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


ජාජබ ජාතික ලයිස්තුව
2024 නොවැම්බර් මස 17 2749 0

මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.


දුම්රිය
2024 නොවැම්බර් මස 17 17 0

උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය පට්ටිපොළ අතර පිහිටි අංක 18 ලංකාවෙ උසින්ම පිහිටි දුම්රිය බිංගෙය වැසිකුනාටුවක් සමගම සුදු ජ


මැති සබයට ආ අලුත් මුහුණ දන්නවාද? විස්තර හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 660 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


මුහුදේදී මත්ද්‍රව්‍ය කිලෝ 40ක් සමඟ 5ක් අල්ලයි
2024 නොවැම්බර් මස 17 435 0

ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ


ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 1396 1

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 627 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1790 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site