IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


ඩෙංගු දරුවෝ 40ක් රිජ්වේ රෝහලේ

(සුජිත් හේවාජුලිගේ)

ඩෙංගු  වැළඳුණු දරුවන්  40  දෙනකු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කරනු ලැබ සිටින බව එහි  ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය.

මින් අට දෙනෙකුගේ තත්වය බරපතළ බවද  ඔහු සඳහන් කළේය.

ඩෙංගු වැළඳුණු දරුවන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා රෝහලට  මීට සතියකට පමණ පෙර ඇතුළත් කරනු ලැබ සිටියේ දරුවන් විසි දෙනෙකු පමණක් බවද ප්‍රකාශ කළේය.

සමහර මවුපියන් ඩෙංගු වැළඳුණු දරුවන්  රෝහල් ගත කරන්නේ ඉතාම අමාරු අවස්ථාවට පැමිණි පසුව බවත්  එසේ කටයුතු කිරීම ඉතාමත් අවදානම් බවත් දීපාල් පෙරේරා මහතා පැවසුවේය.

දරුවන් තුළ ඩෙංගු සැක සහිත රෝග ලක්ෂණ මතුවූ වහාම රෝහල්වල බාහිර රෝගී අංශයට හෝ යොමුකර ප්‍රතිකාර ලබාදීමට කටයුතු කරන ලෙස ඔහු මවුපියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කළේය.

කොවිඩ්  දරුවන් සම්බන්ධයෙන් අප කළ විමසුමකදී විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ කොවිඩ්  රෝගී එකම දරුවකු හෝ රෝහලේ නොසිටින බවයි.

දරුවන් අතරේ ඇස් රෝගයක් පසුගිය දිනවල පැතිර තිබු බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා එම රෝගයේ පැතිරීම දැන් තරමක් අඩුවී ඇති බවද  ප්‍රකාශ කළේය.



අදහස් (0)

ඩෙංගු දරුවෝ 40ක් රිජ්වේ රෝහලේ

ඔබේ අදහස් එවන්න

දියත


රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
2024 නොවැම්බර් මස 18 902 0

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 1596 0

මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ


ජාතික ලැයිස්තුවෙන් කිරිඇල්ල ඉල්ලා මල්වතු නාහිමිගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 1182 0

විපක්‍ෂයේ හිටපු ප්‍රධාන සංවිධායක සහ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ


රට ගොඩගන්න පූර්ණ සහය දෙනවා
2024 නොවැම්බර් මස 18 525 0

විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ


පා පුවරුවෙන් වැටී කොන්දොස්තර මරුට
2024 නොවැම්බර් මස 18 1359 0

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 22972 29


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18838 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 361 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 637 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1822 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site