IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


ඩග්ලස් දේවානන්දට වරනේතු

(රෝෂන් තුෂාර)

නඩුවක සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයේ පෙනී නොසිටි ඊ.පි.ඩි.පි පක්ෂයේ නායක හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාට වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද   (21) නියෝග කළේය.

වැල්ලවත්තේ පදිංචි සුභ්‍රමනියන් මනෝහරන්  යන ව්‍යාපාරිකයා විසින් අගරු චෙක්පත් ලබා දී රුපියල් කෝටි දෙකක වංචාවක් සිදු කළ බවට ඩග්ලස් දේවානන්ද මහතා කළ පැමිණිල්ලක් අනුව රහස් පොලිසිය මගින්  පැවරු නඩුවේ සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කළේය.

ඩග්ලස් දේවානන්ද මහතා වෙනුවෙන් පෙනී සිටි නිතීඥවරයා පවසා සිටියේ සාක්ෂිකරු අසනීපයෙන් පසුවන බැවින් අධිකරණයේ පෙනී නොසිටින බවය.

අසනීප තත්වය සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් නොකිරීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කළේය.

2016 ජූලි 9 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී රුපියල් මිලියන දහය බැගින් වූ චෙක්පත් දෙකක් ගිණුමේ  මුදල් නොමැති බව දැන දැනම  ලබාදී වංචා කිරීමේ  චෝදනාව යටතේ මෙම නඩුව වැල්ලවත්තේ පදිංචි සුභ්‍රමනියන් මනෝහරන්  යන ව්‍යාපාරිකයා ට පවරා තිබිණි.

චූදිත වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සම්පත් හේවාපතිරණ මහතා අධිකරණය කරුණු දක්වමින් කියා සිටියේ නඩුවේ පළමු වන සාක්කිකරුවන දේවානන්ද මහතාට සාක්ෂි ලබාදීම සඳහා අවසන් වරට දින ලබාදී ඇති බවය.මෙම සාක්ෂිකරු පසුගිය නඩු වාරයේ දී ද අධිකරණයේ පෙනී නොසිට ඇති බවද පෙන්වා දුන්නේය.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සාක්ෂිකරුට වරෙන්තු නිකුත් කරමින් පැමිණිලි විභාගය ජනවාරි 23 වැනි දිනට නියම කළේය.



අදහස් (1)

ඩග්ලස් දේවානන්දට වරනේතු

සමන් - ඕමානය Thursday, 21 November 2024 10:22 PM

කෝටි දෙකක චෙක් පත්? මොකක්ද බොලේ ඒ ගනුදෙනුව? හොයා බලන්නම වටිනවා?

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට
2024 නොවැම්බර් මස 23 265 0

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.


උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි
2024 නොවැම්බර් මස 23 145 0

එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ශ්‍රීලනිපයත් සටනට
2024 නොවැම්බර් මස 23 573 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්


වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 3091 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 1772 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


පුංචි සභා මැතිවරණය ලබන වසර මුල
2024 නොවැම්බර් මස 23 1012 0

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 713 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2006 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site