(ඉන්දිකා රාමනායක)
ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂයක දෙපාර්තමේන්තුව මඟින් ශ්‍රි ලංකා නාවික හමුදාව වෙත නිල වශයෙන් භාර දෙන ලද පී 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව පෙරේදා (03) ඇමරිකාවේ සියැටෙල් වරායේ සිට එහි නව නිවහන වන කොළඹ වරාය බලා පිටත් වු බව නාවික හමුදාව පවසයි.
ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂපක දෙපාර්තමේන්තුවට අයත්ව තිබූ ඇමෙරිකානු වෙරළාරක්ෂ ක නෞකා ඩග්ලස් මුන්රෝ’ නමැති මෙම නෞකාව පසු ගිය 2021 ඔක්තෝබර් මාස 26 දින නාවික හමුදාව වෙත බාර දී තිබු අතර එය ලංකා නාවික හමුදා මෙහෙයුම් අවශ්යසතාවලට ගැලපෙන පරිදි නවීකරණ කිරීමෙන් පසු මෙලෙෂ කොළඹ වරයා බලා ගමන් ආරම්භ කර ඇත.
මෙම නෞකාව නිල වශයෙන් භාර දීමෙන් පසු පී 627 දරණ පෙනන්ට් අංකය යටතේ ශ්‍රි ලංකා නාවික හමුදා නෞකා සමූහයට එක්ව ඇති අතර, එය මෙරටට පැමිණීමෙන් පසු අධිකාරියට පත්කිරීමට නියමිතව ඇත.
Hamilton Class High Endurance Cutter’ යන නෞකා පන්තියට අයත් දෙවන නෞකාව දිගින් මිටර 115ක්, උපරිම වේගය පැයට නාවික සැතපුම් 29ක් බව නාවික හමුදාව පවසයි.
මෙම නෞකාවට එක් වරකදී අවම වශයෙන් නාවික සැතපුම් 14000ක දුරක් ආවරණය වන පරිදි ආවේක්ෂකණ කටයුතු සිදු කිරීමේ හැකියාවෙන් ඇති බවත්, 187ක පමණ නැව් මුළුවකින් මෙහෙයුම් කටයුතු සිදුකළ හැකි නවීන තාක්ෂිණික උපාංග හා පහසුකම් වලින් සමන්විත බව නාවික හමුදාව කියයි.
මෙම පී 627 නෞකාව මාස දෙකකට ආසන්න දීර්ඝ මුහුදු ගමනකින් පසු 2022 නොවැම්බර් මස පළමු සතිය තුලදී කොළඹ වරායට සේන්දුවීමට නියමිතව ඇත.
සාගර කාලාපයේ පොදු සමුද්රීකය අභියෝග ජය ගැනීම උදෙසා හවුල්කාරීත්වය ශක්තිමත් කිරීමේ සහ වර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රි ලංකා නාවික හමුදාව වෙත මීට පෙර ශ්‍රි ලංකා නාවික නෞකා සමුදුර’ "පි 621" සහිගජබාහු’ "පි 626" යන ගැඹුරු මුහුදු අවේක්ෂණ නෞකා ඇමෙරිකානු වෙරළාරක්ෂයක දෙපාර්තමේන්තුව මගින් ලබා දී ඇති අැති බවත්, එම හවුල්කාරීත්වය තවදුරටත් වර්ධනය කිරිමේ අරමුණින් ඇමෙරිකානු වෙරළාරක්ෂතක දෙපාර්තමේන්තුව විසින් ශ්‍රි ලංකා නාවික හමුදාව වෙත ලබා දුන් තෙවන නෞකාව මෙය බවද නාවික හමුදාව පවසයි.
ශ්‍රි ලංකාව බලා එම ගමන් මගේ දී සැපයුම් හා සේවා අවශ්යාතා සපයා ගැනීම සඳහා ඇමරිකාවේ හවායි හී හොනොලුලූ වරායල ඇමරිකාවේ ගුවාම් හී අප්රාග වරායල පිලිපීනයේ මැනිලා වරාය හා සිංගප්පූරුවේ චැංගි යන වරායන් වෙත සේන්දුවීමට නියමිතව ඇතග
ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’’ඩග්ලස් මුන්රෝ’’ කොළඹ බලා පිටත් වෙයි
Shadow Monday, 05 September 2022 04:27 PM
දෙනවයි කිව්වෙ 2 , 9 බිලියන නෙද මෙ එන්නෙ ?
susantha Monday, 05 September 2022 08:09 PM
මේ නෞකාව හදලා තියෙන්නේ 1970. අවුරුදු 50ක් පමණයි. 2021 දී මේක සේවයෙන් අයින් කරලා de-commission කරලා. ඉතින් අපට මේ පරණ යකඩගොඩ නිකන් දෙන එක ලාබයි... ඇමෙරිකාවට මේක ගලවන්න යන වියදමට වඩා මේවායේ පරණ එංජින් දුවන්න තෙල් නැවක් යාවි. අලුත් නැව් එක්ක සසඳලා බැලුවාම...