(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රජයේ ඩිජිටල් ආර්ථික කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන, ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුවත් කිරීම සඳහා වැඩමුළුවක් මාර්තු 10 වැනි දින පැවැත්වීමට, ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී තීරණය විය.
එම කාරක සභාව ඩිජිටල් ආර්ථික අමාත්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම තීරණයට එළඹිණි. මේ අවස්ථාව සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාද සහභාගී වී සිටියේය.
මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා කීවේ ආණ්ඩුවේ ප්‍රධානතම ඉලක්කයක් වන ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයේ සංවර්ධනය වේගවත් කිරීම, සමස්ත රටේම සිදුවන පරිවර්තනයක් ලෙස සලකා සියලුම දෙනා කටයුතු කිරීම වැදගත් බව අවධාරණය කළේය.
වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද
දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව
රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (23) පත්
කොළඹ කොටුව සිට මීරිගම දක්වා ධාවනය වූ කාර්යාල දුම්රියක් අද පස්වරුවේ ගම්පහ දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලිපැනීමකට ලක්වී ඇතැයි දුම්රිය පාලක මධ්‍යස්ථානය
අසනීප තත්වයක් නිසා උදෑසන ක්‍රීඩා පුහුණුවට සහභාගී නොවුයේ යැයි චෝදනා කරමින් කැකිරාව විදුහලක ගුරුවරියක සිසුවියන් පිරිසක් පාසල් කාලය නිමවනතුරු දන ගස්ව
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඩිජිටල් ගැන මැති සබේට කියාදෙන්න යයි
Asela Friday, 21 February 2025 05:38 PM
ICTA හැරුණු විට, රජයේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ, ICT උපාධිය වෙනුවට සාමාන්‍ය භෞතික විද්‍යාත්මක උපාධි පමණක් ඇති යල් පැන ගිය, උදාසීන සහ සාමාන්‍ය රජයේ සේවකයින් අපට පෙනේ. ඔවුන් කිසි විටෙකත් කිසිදු IT වෘත්තීය සහතිකයක් ලබා නොගනී. මෙම අදක්ෂ සහ යල් පැන ගිය සේවකයින්, සමහර විට IT ප්‍රධානියා හෝ IT අංශයේ භාරකරු ලෙස සේවය කරයි. මම විශේෂ ව්‍යාපෘති උපදේශකයෙකු මත රජයේ සේවය සඳහා සේවය කරන විට, නවීන IT කුසලතා හෝ විශේෂඥතාව පිළිබඳ මනා දැනුමක් ඇති කිසිවෙකු මට හමු වී නැත. නිවැරැදි ආකල්ප සහ කුසලතා ඔවුන් බල ගැන්වීමෙන් තොරව, ඔබට එය කළ නොහැකිය. මෙය තවත් සුදු අලියෙකි. මෙම සම්පූර්ණ සේවාව පෞද්ගලික අංශයට හෝ සමස්ත රජයේ සේවාවට පැවැරීම වඩා හොඳයි. පාර්ලිමේන්තුවේම ICT භාරකරු හිටපු හමුදා නිලධාරියෙකි. අනෙකුත් දෙපාර්තමේන්තු සඳහාද එයම සත්‍ය වේ. ඩිජිටල් පරිවර්තනයට යාමට පෙර, ඔබ පැරැණි සේවකයින් සේවයෙන් පහ කළ යුතුයි. නැතහොත් නව තරුණ IT උපාධිධාරීන් බඳවා ගත යුතුයි...
de silva berlin Friday, 21 February 2025 08:39 PM
විෂය පිළිබඳ දැනුමක් නොමැති පැරණි අල්ලසට, කොමිස් එකට බර යල්පැන ගිය නිලධාරීන් සමග මේවා කරන්න බැහැ. මෙවැනි දේවල් වලට ඉන්දියාවේ හෝ විදේශ සමාගම් ගාව ගන්න එපා. ඉන්දියාව මේවා අපට ආධාර ලෙස දෙන්න හදන්නේ යටි අරමුණක් ඇතිව... දක්ෂ ශ්‍රී ලාංකික පරිගණක ඉංජිනේරුවන් සමග සාකච්ඡා කර මේක හොඳට සැලසුම් කරලා කරන්න යම්කිසි කාලයක් ගතවුනත් කමක් නැහැ. නැතිනම් අර පාස්පෝර්ට් එකට චිප් එක දමන්න ගිහින් කරගත්තා වගේ අවුලක් නම් කරගන්න එපා. මෙම ඩිජිටල් හැඳුනුම්පත් මුලින්ම මහජනයා අතර ක්‍රියාත්මක කරන්න කලින් රජයේ නිලධාරීන්ට නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරන්න. ඔක්කෝම හරියට ක්‍රියාත්මක වෙනවා නම් පමණක් සියලුම ජනතාවට මේක ක්‍රියාත්මක කරන්න. ජර්මනියේත් මේ ඩිගිටල් හැඳුනුම්පත් ක්‍රමය තිබෙනවා... නමුත් භාවිතා කරන්නේ ජනගහනයෙන් 10%-15% අතර ප්‍රමාණයක්..., මෙහේ මේවා බලෙන් මිනිස්සු පිට පටවන්න හදන්නේ නැහැ...
Wasim Friday, 21 February 2025 11:16 PM
අම්මෝ මිස්ට බේගල් දෙන්න යන්නේ ලොවෙත් නැතිවෙන්න.!