IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ඩිජිටල්කරණය වෙිගවත් කරන්න අමාත්‍ය අනු කමිටුවක්

(අංජුල මහික වීරරත්න)

 ඩිජිටල්කරණය වූ නවීන ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට තමන් ප්‍රමුඛ රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 

රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කරමින්, ඩිජිටල්කරණය වේගවත් කිරීම රජයට පැවරී ඇති වගකීමක් බවත්, ඒ සඳහා අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කරන බවත් ජනාධිපතිවරයා කියා සිටියේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අරලියගහ මන්දිරයේ දී පැවති “ DIGIECON 2030” එළි දැක්වීමේ අවස්ථාවට එක් වෙමිනි.

 තාක්ෂණ අමාත්‍යාංශය විසින් වැඩසටහන සංවිධානය කර තිබිණි. තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා විසින් පිළිගැනීමේ කතාව සිදු කරනු ලැබූ අතර ඉන් අනතුරුව “ තිරසාර සහ ඔරොත්තු දෙන ශ්‍රී ලංකාවක් කරා ඩිජිටල් ආර්ථිකය උත්තේජනය කිරීම” (Leveraging digital economy toward a sustainable & resilient Sri lanka) යන මැයෙන් ලෝක බැංකුවේ දකුණු ආසියාවේ ඩිජිටල් සංවර්ධනය පිළිබඳ කලාපිය පර්ෂදයේ ප්‍රධානි සිද්ධාර්ථ රාජා මහතා අදහස් දැක්වීය. DIGIECON SRI Lanka 2023- 2030 වෙබ් අඩවිය දියත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කළ අතර ඩිජිටල්කරණය සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තියට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සංගම් සිය සහය පළ කිරීමද මෙහිදී සිදු විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව එළිදැක්වූ “ DIGIECON 2030”, ඩිජිටල් ආර්ථිකයක් කරා ශ්‍රී ලංකාව යන ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයකි. තිරසාර ආර්ථික වර්ධනයක් ඇති කිරීමට සහ ගෝලීය වෙළෙඳපොළ තුළ රටේ තරඟකාරිත්වය වැඩිදියුණු කිරීමට ඩිජිටල් තාක්ෂණයන් සහ නවෝත්පාදන විසඳුම් වැළඳ ගැනීමට ශ්‍රී ලංකා රජය කැපවී සිටින බැවින් තාක්ෂණ අමාත්‍යාංශය ප්‍රධාන පාර්ශවකරුවන්ගේ සහාය ඇතිව ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කර ක්‍රියාත්මක කරනු ඇත.

DIGIECON 2030” මගින් අලුතින් විවිධ ක්ෂේත්‍රවල ආරම්භ වූ නව්‍ය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් 50 දෙනෙකුට හෝ ඊට වැඩි පිරිසකට ගෝලීය ආයෝජන සහ වෙළඳපොළ වෙත ප්‍රවේශ වීම සඳහා වේදිකාවක් සකසනු ලැබේ. 



අදහස් (0)

ඩිජිටල්කරණය වෙිගවත් කරන්න අමාත්‍ය අනු කමිටුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 774 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 461 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site