IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්

(නිමල් ජයරත්න, රුමේෂ් එම්. වීරසේකර සහ ක.ග කරුණාරත්න)

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

එමෙන්ම තමා අනෙකුත් ව්‍යාපාරිකයන් සමග එක්ව 28 වෙනිදා සිට සියලුම පාරිභෝගික ජනතාවට පාලන මිලට සහල් ලබාදීමට එකඟත්වය ලබාගෙන තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.

පොළොන්නරුව ප්‍රදේශයේදී 28 වෙනිදා පෙරවරුවේ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ඩඩ්ලි සිරිසේන මහතා ඒ බව කීය.

අසාධාරණයට, අයුක්තියට, දූෂණයන්ට, එරෙහිව සටන් කළ පක්ෂයක් වර්තමානයේ බලයට පත්ව ඇති බවත්, අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ යහපත් වැඩපිළිවෙළට තමා සහයෝගය දක්වන බවත්, ලබන ජනවාරි දක්වා පාලන මිලට සහල් ලබාදීමෙන් පාරිභෝගික ජනතාවත්, ගොවියත් රැකගැනීමේ වැඩපිළිවෙළට තමා සහයෝගය දක්වන බවද ඩඩ්ලි සිරිසේන මහතා මෙහිදී පැවසීය.

ශ්‍රී ලංකාවේ දුප්පතුන් වැඩි පිරිසක් නාඩු සහල් පාරිභෝජනය කරන බවත්, වී සහ සහල් මිල සම්බන්ධව තමාට ඕනෑම අවස්ථාවකට ඕනෑම රජයට විරුද්ධව කතා කිරීමේ අයිතිය තිබෙන බවද සිරිසේන මහතා පැවසීය.

සම්බා, නාඩු, කිරි සම්බා, වගා කිරීමේ වාසි අවාසී, පිලිබඳ කතා කළ සිරිසේන මහතා ගොවින්ට කුඹුරෙහි විවිධ වී වර්ග වගා කිරීමට රජය වැඩපිළිවෙළක් සැකසිය යුතු බවද ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කළේය.

තමාට ශක්තිය තිබෙන අවසාන කාලයේ රජයට ඇතිවෙන්න හරි, නැතිවෙන්න හරි, උපරිම සහයෝගය ලබාදෙන බවත්, මේ ආර්ථිකය ගොඩනගන්න පාලන මිලට සහල් දීලවත්, ගොවියට සහන දීලවත් නොහැකි බවත්, රටේ ආර්ථිකය ගොඩනගන්න කිසිදු ආණ්ඩුවකට නොහැකි නිසා සියලු දෙනාගේ වගකීම වන්නේ රට ගොඩනැගීමට වත්මන් රජය සමඟ එක්වීම බවද ඩඩ්ලි සිරිසේන මහතා මෙහිදී පැවසීය.

තමා ඉතිරි මැතිවරණය සඳහා ඉදිරිපත් වෙනවද නැත්ද යන්න මාධ්‍යවේදියෙකු ඇසූ දීපු ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කළේ තමාට මීට පෙර මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට අවස්ථා තිබූ තිබුණද එවැනි අවස්ථාවල ඉදිරිපත් නොවු බවත් තමා ඉදිරිපත් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ නම්, පොළොන්නරුව දිස්ත්‍රික්කේ ඕනෑම අයෙකු තමා වෙනුවෙන් මනාපයක් ලබා දීමට ඉදිරිපත් වන බවද සිරිසේන මහතා මෙහිදී සිහිපත් කළේය.

මහ මැතිවරණය සඳහා තරග වැදීමට තමාට හීනයකින් නොපෙනෙන බවද සිරිසේන මහතා කීය.

මෙම අවස්ථාවට,දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන්, සහ ගරුතර මහා සංඝරත්නය මෙන්ම පරාක්‍රම සමුද්‍ර ගොවිජන ව්‍යාපාරයේ සභාපති ජගත් අරුණ කීර්ති මහතා ඇතුළු පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි සංවිධාන නියෝජිතයින් රැසක්ම සහභාගි වී සිටියහ.

 



අදහස් (18)

ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්

Prabha Saturday, 28 September 2024 11:11 PM

අමතක කරන්න එපා... මේ අර වීසා හිටන්ගේ සහෝදරයා..

:       0       18

Perera Saturday, 28 September 2024 11:38 PM

බොහෝම කාලෝචිතයි තීරණය... හැබැයි ජනවාරියෙන් පස්සේ සහල් මිල දෙගුණ, තෙගුණ වෙයිද?

:       2       9

Nelu Sunday, 29 September 2024 02:08 AM

හොඳ දෙයක් නමුත් ඇයි ඔය දේ මෙච්චර කාලයක් නොකරේ. පිම්මක් පනින්න හිතලද වැඩ කරන්නේ.

:       0       30

පැරකුම් Sunday, 29 September 2024 02:20 AM

අයිය වගේ නෙවෙයි අනුර. ලේසියෙන් අල්ලන්න බැරි වෙයි

:       2       34

Nandana Sunday, 29 September 2024 07:36 AM

අන්න ඒ බය තියා ගනින්

:       16       66

Lalla Sunday, 29 September 2024 09:07 AM

බය නොව සත්‍ය ප්‍රකාශයක්. කිසිම ආර්ථිකයක් මිල පාලනය හෝ සහනාධාර මගින් දියුණු කළ නොහැකියි. නිශ්පාදන වියදම පහළ දැමීම සහ නිශ්පාදන අපනයනය ගොඩ නැගීම අත්‍යාවශ්‍යයි...

:       3       11

ravin Sunday, 29 September 2024 07:53 AM

දෙවියන් අපගේ මූණ බැලුවා... කාලෙකට පස්සේ? අන්තර්ජාලයේ දැකිය හැකි anenomas hakers වෙබ් අඩවියේ නම් තිබුණා පඬුපුල් ආසනේ ටිකක් රත්වෙන්න හේතු කීපයක්. අමතක කරන්න එපා පෙරකළ ප්‍රකාශ එහෙමත්...

:       0       4

ranjith Sunday, 29 September 2024 08:00 AM

වී අලෙවි මණ්ඩලයට NPP කණ්ඩායමක් දාලා හරියට කරානම් මේ පණ්ඩිතයෝ ඔක්කොගේම හුළං බහීවි..

:       3       13

ඇන්ටන් ජෝන් Sunday, 29 September 2024 08:10 AM

කවුරු මොනවා කීවත් ලංකාවේ වී ගොවියන්ට මෙහෙම හරි මිලක් ලැබෙන්නේ මේ මහ පරිමාණ වීමෝල් හතර පහ නිසයි. වී අලෙවි මණ්ඩලයට පගාව දිදී වී විකුණන්න වුණා නම් ගොවියා ඉවරයි. සහල් මාෆියාවක් පැවැතියත් තත්වයෙන් උසස් සහල් අද වෙළෙඳ පලේ ඇත.

:       3       9

janahitha UAE Sunday, 29 September 2024 09:15 AM

සිරිසේනට සහ පවිත්‍රාට පොහොට්ටුවට දුන්න කොමිස් නැවතිලා නිසා පාලන මිලට අඩුවෙන් දෙන්න පුළුවන් පාලන මිල දැම්මේ ඇමැතිවරුන්ගේ කොමිස් එක්ක නොවේද?

:       0       0

අරවින්ද මොනරවිල Sunday, 29 September 2024 09:54 AM

ඩඩ්ලිටත් තේරුණා එහෙම නම් වෙනසේ තරම...!

:       4       25

සෙනෙවිරත්න Sunday, 29 September 2024 11:13 AM

මෙතුමා ලංකාවේ ගුණාත්මක සහල් නිෂ්පාදනය දියුණුවට විශාල වැඩක් කළා.., ඒක අගයන්න ඕනෑ. එතුමා මේ පවතින ප්‍රගතිශීලී රජය සමග ගැටීමක් ඇතිකර ගන්න යන එකක් නැහැ. රජය හිතන්නෙත් එහෙම වෙන්න ඇති.

:       15       17

පිටිගල මිලානෝ Sunday, 29 September 2024 11:54 AM

හාල් ඩඩ්ලිද කවුද කියලා පුද්ගලයා වැඩක් නැත. යම් ක්‍රමයක් හදන්න ගොවියාත් ගසා නොකා අධික ලාබත් නොලබා හාල් ව්‍යාපාරය සිදුවන්න.

:       0       19

sukitha Sunday, 29 September 2024 02:11 PM

ඔය තීරණය අවුරුදු 10ක් පසුපසට අදාල වන ලෙස ගන්නවා නම් ඔබ ශ්‍රේෂ්ඨයි. එහෙම නැතිනම් කුජීතයි...

:       1       10

Kamal Sunday, 29 September 2024 03:11 PM

වහාම සමූපකාරයෙන් හාල් මෝල් ආරම්භ කරන්න. එතකොට මොවුන් ගොවියාව සූරන් කාලා හමාරයි.

:       1       11

ගමේ එකාලා Sunday, 29 September 2024 03:40 PM

හාල් මාෆියා කාරයෙක්..ජනතාව අන්දවන්න හිතාගෙන හිටියොත් ඒවා සුම්මා...?

:       1       7

ama Sunday, 29 September 2024 03:47 PM

රජයට පවරාගෙන රජයේ ව්‍යාපාරයක් කරයි කියලා බයක් දැනිලාද මන්දා...?

:       1       7

Gunendra Sunday, 29 September 2024 09:01 PM

මේ වසන්ත කාලයයි!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

සැබෑ මිනිස්සුයි - රොබෝ මිනිස්සුයි මැරතන් දුවයි
2025 අප්‍රේල් මස 20 82 0

මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.



පාසල් අතර විශමතාවය අවසන් කිරීමේ අරඹනවා
2025 අප්‍රේල් මස 20 81 0

ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය


දළදා වඳින්න එන අයට පහසුකම් වැඩි කරයි
2025 අප්‍රේල් මස 20 170 0

මහනුවර ⁣ නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ


කැබ් රථයක් පෙරැළී අටක් රෝහලට
2025 අප්‍රේල් මස 20 93 0

රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල


කැබ් රිය පෙරැළි 8ක් රෝහලේ
2025 අප්‍රේල් මස 20 211 0

රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද (20) දින අනතුරට ලක් වීමෙන් එම කැබ් රථයේ ගමන් ගත් 08 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 320 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 252 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 408 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site