IMG-LOGO

2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා


ඩොනල්ඩ් ට්‍රම්ප් අධිකරණය හමුවට

ඇමෙරිකාවේ හිටපු ජනාපධිති ඩොනල්ඩ් ට්‍රම්ප්, වොෂින්ටන් අගනුවර අපරාධ අධිකරණය හමුවේ පෙනී සිටියේය.

2020 වසරේ පැවැත්වුණු ජනාපධිතිවරණයේ ප්‍රතිඵල පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින්, ආධාරකරුවන් උසි ගන්වා, කොංග්‍රස් මණ්ඩලයේ කටයුතුවලට බාධා කිරීම සහ වොෂින්ටන් කැපිටල් ගොඩනැගිල්ලට (ඇමෙරිකන් පාර්ලිමේන්තුව) පහරදීමට සැලැස්වීම සම්බන්ධයෙන් චෝදනා 4 ක් ට්‍රම්ප්ට එල්ල වී තිබේ.

ට්‍රම්ප්, වත්මන් ඇමෙරිකන් ජනාධිපති ඩිමොක්‍රටික් පාක්ෂික ජෝ බයිඩන්ට පරාජය වූයේ 2020 ජනාධිපතිවරණයෙනි. එම ජනාධිතිවරණයේ ප්‍රතිඵල ප්‍රතික්ෂේප කරමින්, ට්‍රම්ප්ගේ උසි ගැන්වීමෙන් ඔහුගේ ආධාරකරුවන් කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදුණේ 2021 ජනවාරි 6 වැනිදාය.

වොෂින්ටන් අගනුවර බැරට් පෙටි්‍රමෑන් අධිකරණය හමුවේ පෙනී සිටි ට්‍රම්ප්ට චෝදනා 4 ඉදිරිපත් කෙරුණු අතර, එම චෝදනාවලට තමන් වරදකරු නොවන බව ඔහු විනිසුරු මොක්සිලා උපදායා හමුවේ පැවැසීය.

ට්‍රම්ප් නීතීඥවරුන් පිරිවරා ගනිමින්, සිය පෞද්ගලික ගුවන් යානයෙන්, නිව් ජර්සි නුවර නිවසේ සිට වොෂින්ටනයේ ඊ බැරට් පෙට්‍රිමැන් අධිකරණයට පැමිණ තිබුණි. අධිකරණ ගොඩනැගිල්ල ආශ්‍රිතව ආරක්ෂාව තර කිරීමට පොලිසිය පියවර ගෙන තිබුණි. ට්‍රම්ප් යළි අගෝස්තු 28 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත බව ද පැවැසෙයි.



අදහස් (0)

ඩොනල්ඩ් ට්‍රම්ප් අධිකරණය හමුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

විජිත ලක්වැසියන්ගේ ගෞරවය පාප් වහන්සේට පිරිනමයි
2025 අප්‍රේල් මස 26 117 0

ශ්‍රී ලංකා රජයේ නියෝජිතයා ලෙස වතිකානයට ගිය විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට අද අවසන් ගෞරව දැක්වීය.


සුව ඇමති හදිසි රෝහල් නිරීක්ෂණයක
2025 අප්‍රේල් මස 26 86 0

වව්නියාව, මන්නාරම, මුලතිව් සහ කිලිනොච්චි යන දිස්ත්‍රික් මහ රෝහල් හතර උතුරු පළාත් සභාවේ සහ රජයයේ මුලිකත්වය යටතේ සැලසුමකට අනූව සංවර්ධනය කර ගුණාත්මක සෞ


චීන ව්‍යායාම වැඩසටහනක් නිදහස් චතුරස්‍රයේ
2025 අප්‍රේල් මස 26 67 0

ශ්‍රී ලංකාවේ චීන ජනරජ තානාපති කාර්යාලය මඟින් සංවිධානය කළ, ලෝක Thai chi දිනය සැමරුම අද (26) නිදහස් චතුරශ්‍රය පරිශ්‍රයේ දී පැවැත්විණි.


ජාත්‍යන්තර විමර්ශනයක් පවත්වන්න
2025 අප්‍රේල් මස 26 647 1

ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ බුද්ධි අංශ සිටිනවා යැයි ඉන්දියාව එල්ල


සාමකාමීව විසඳා ගන්න
2025 අප්‍රේල් මස 26 317 0

ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත


ජනපති කාර්යාලයේ තව සැප වාහන 27ක් වෙන්දේසියට
2025 අප්‍රේල් මස 26 559 1

ජනාධිපති කාර්යාලයේ භාවිතයෙන් ඉවත් කර ඇති සුඛෝපභෝගී වාහන තවත් විසි හතක් විකිණීමට මිල ගණන් කැඳවා ඇත.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 857 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 389 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 543 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site