(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පොලිස් කොස්තාපල්වරියකට අයත් ඒ ටි එම් කාඩ් පතකින් ඉන්ධන ඇතුළු රුපියල්15,150 භාණ්ඩ ලබා ගත් කන්දේ නුවර පොලිසියට අනුයුක්ත පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය කියයි .
අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අතර කන්දේ නුවර පොලිසියට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකු කොස්තාපල්වරයෙක් බහු කාර්ය සංවර්ධන සහායකවරයෙක් , ලග්ගල පොලිසියට අනුයුක්ත බහු කාර්ය සංවර්ධන සහයකවරයෙක් හා රත්තොට ප්‍රාදේශීය සභාවේ විදුලි කාර්මිකයකුදවන බව පොලිසිය කියයි
ඉකුත් 24 වෙනි දින රාත්‍රී මාතලේ වෙසක් කලාපය පැවති විහාර මාවතේ මාර්ගය වැටී තිබූ ඒ.ටී.එම් කාඩ් පත අහුලාගෙන එමගින් රුපියල් 15,150 මුදල් ඇතුළු දේපළ ලබාගෙන ඇති බව පවසමින් මාතලේ පොලිසියට අනුයුක්ත කාන්තා පොලිස් කොස්තාපල්වරිය පැමිණිල්ලක් සිදු කර තිබූ බව පොලිසිය කියයි.
ඒ සම්බන්ධයෙන් මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් විමර්ශන සිදුකර එම ඒ ටි එම් කාඩ් පත උපයෝගී කරගෙන මාතලේ නගරයේ පෞද්ගලික ඉන්ධන හලකින් සහ සමූපාකාර ඉන්ධන හලෙන් ඉන්ධන හා මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් මාතලේ වෙසක් කලාපයේ පොලිසි ස්ථාන විසින් ඉදිරිපත් කරන ලද වෙසක් කූඩු භාරව පැමිණි කන්දේ නුවර පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් සැරයන්වරයා සහ කොස්තාපල්වරයා ඇතුළු සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අවලංගු කරන ලද විදේශ රාජ්‍ය තාන්ත්‍රික වාහන අංක යොදා වෙනත් වාහන ලියාපදිංචි කිරීම හේතුවෙන් රජයට රුපියල් කෝටි දොළහකට වැඩි පාඩුවක් සිදුව ඇතැයි රජයේ විග
රත්නපුර දිස්ත්‍රික්කයේ ක්‍ෂයරෝගය වැළඳුන රෝගීන් හාරසියයක් 2024 වර්ෂයේ හඳුනාගත් අතර ඉන් 42 පමණ ජීවිතක්‍ෂයට පත්වු බව විශේෂඥ වෛද්‍ය සමන් කපිලවංශ මහතා පැවසු
විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මහපොළ ශිෂ්‍යාධාර ප්‍රමාදයකින් තොරව ලබා දීම සඳහා කෙටිකාලීන පියවර වෙත අවදානය යොමුවී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පැව
ජනතාව අද පහසුවෙන් ජීවත් වන්නේ රට වැටුණු අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහතා ගත් තීන්දු තීරණ නිසා බව බඹරැන්ද කුරුඳුරේ පූර්වාරාම රජමහා විහාරාධිපති දොඩම්ප
ජාතික තරුණ සේවා සභාවේ සමාගමක් වන ශ්‍රී ලංකා යූත් සර්විසස් පුද්ගලික සමාගම සැපයුම්කරුවකු ලෙස ලියාපදිංචි වී සභාවටම භාණ්ඩ මිලදී ගැනීමට වැඩි මිල ගණන් ඉදි
කෑම පාර්සලය නියමිත වෙලාවට රියදුරු කුටියේ නොතැබීමට විරෝධය දක්වමින් කුරුණෑගල සිට කොළඹ කොටුව දක්වා ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රිය පසුගිය 22 වැනිදා වි
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ඩබ්ලිව්.පී.සීගේ ATM කාඩ්පතට විද්ද සැරයන්-පීසී ඇතුළු පහක් මාට්ටු
kaalagune Wednesday, 29 May 2024 03:21 PM
කුණුවෙලා ඕජස් ගලන සමාජයක කොහොමද මිත්‍රයා පොලිසියේ සේවයකරන අය විතරක් කුණු නොවී ඉන්නේ? ආචාර ධර්ම, සදාචාර වගේ බර සංකල්ප මේවාගේ සමාජවල නිකන්ම නිකන් වචන විතරයි..
නිහාල් Wednesday, 29 May 2024 04:44 PM
සමාජය කොච්චර සුවඳ උනත් පොලිසිය හැමදාම කුණුවෙච්ච ගමන්ම තමයි. වැටිලා තිබුණු සල්ලි මුදල් අහුලපු මිනිස්සු ඒවා පොලිසියට ගෙනිහින් දෙනව. පොලිසිය අහුලපු ඒවාට ඒ අයම විදිනවා. අනේ මගේ බදු සල්ලි..
Bunny Preena Thursday, 30 May 2024 10:37 AM
කටුකුරුන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පාඨමාලාව මොනවාහරි වෙනස් වීමක් වෙලා වත්ද?
Gniljee Thursday, 30 May 2024 11:36 AM
පොලිසියේ කෙනෙක් පිළිකන්නේවත් ගෙට ගන්න එපා කියන්නේ ඕකට තමයි. OIC කෙනෙක් මීටිමකදී කියලා තියෙනවා... පොලිසිය බල්ලට ගිහින් නැහැ. බල්ලන් තුන් හතර දෙනෙක් පොලිසිය ඇතුළට ඇවිල්ලා කියලා.