IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ඩයනාට එරෙහිව අපරාධ නඩු සංග්‍රය යටතේ ක්‍රියා කරන්න උපදෙස්

(රංජිත් පද්මසිරි)

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව එල්ල වී ඇති අපරාධමය කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙසත් ඇයට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇත.

බ්‍රිතාන්‍ය පුරවැසියෙකුව සිටියදී මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීම සම්බන්ධව විභාගවූ නඩුකරවලදී සහ විමර්ශනවලදී අනාවරණය වූ අපරාධමය කරුණු සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ආකාරය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා නීතිපතිවරයාගෙන් උපදෙස් විමසා සිටියේය.

ඩයනා ගමගේ මහත්මිය සම්බන්ධයෙන් අපරාධමය කරුණු කීපයක් අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා නීතිපතිවරයා දන්වා තිබිණි.ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම, මැතිවරණ නීති උල්ලංඝණය කරමින් කටයුතු කිරීම, ව්‍යාජ ලේඛන මුල් ලේඛන ලෙස ඉදිරිපත් කිරීම ඒ අතර විය.

ගමගේ මහත්මියට එරෙහිව විමර්ශනයක් සිදුකරන ලෙසත් ලැබෙන සාක්ෂි මත අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ චෝදනා ගොනු කරමින් ඇයව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇත.



අදහස් (15)

ඩයනාට එරෙහිව අපරාධ නඩු සංග්‍රය යටතේ ක්‍රියා කරන්න උපදෙස්

BITTER TRUTH Sunday, 19 May 2024 01:20 PM

ආණ්ඩුව සහ රාජපක්ෂවරුන් මුදල් දීලා වහල් බයියන් පිරිසක් සූදානම් කරලා තියන බව රාජපක්ෂවරුන්ට සමීප ඔත්තුකරුවෙක් ඔත්තුවක් ලබා දී ඇත. මෙයින් ඔවුන් කරන්නේ රජයට සහ රාජපක්ෂ කල්ලියට විරුද්ධ කමෙන්ට් සහා පෝස්ට් අන්ලයික් කර ඒවාට පොදු ජනතාව මෙන් රජයට සහ රාජපක්ෂ කල්ලියට සහායෝගය දෙන ආකාරයට රිප්ලයි කිරීම. තවද, FACEBOOK, INSTRAGRAM , YOUTUBE වැනි සමාජ මාධ්‍ය PAGE සහා GROUP භාවිතා කරමින්ද රජයට සහ රාජපක්ෂ කල්ලියට සහයෝගය කරන මෙන් ප්‍රචාරය සිදු කරයි. මෙහිදී ඔවුන් විශේෂයෙන් ජාතිවාදය සහ රට සුළු ජාතින් නිසා විනාශ වන බව පෙන්වා දෙයි. පොදු ජනතාව අවධානයෙන් සිටින මෙන් ඉල්ලා සිටිමු. මෙය පිළිබඳව ඔබගේ පවුලේ උදවිය සහ මිතුරන් දැනුවත් කරන්න.

:       31       17

Prabha Sunday, 19 May 2024 01:42 PM

ඩයනට විතරක් හරියටම නීතිය ක්‍රියාත්මක වෙනවා වගේ

:       17       5

පැරකුම් Sunday, 19 May 2024 01:54 PM

අමෙරිකාව තම රටවැසියෙක් වෙනුවෙන් කලහැකි හැම දෙයක්ම සිදුකර ඇය බේරාගෙන ආපසු අමෙරිකාවට රැගෙනයනු ඇත.

:       19       2

Shantha - Qatar Sunday, 19 May 2024 05:14 PM

මට හිතෙන්නේ පැරකුම් නොදන්න දේවල් නොකියා හිටියොත් හොඳයි වගේ... ඇමෙරිකාවට ඩයනා ගෙනියන්න තරම් පිස්සුවක් නැහැ.

:       2       20

Nilantha Sunday, 19 May 2024 07:36 PM

ඩයනා ඇමරිකානු පුරවැසියෙක් නෙමේ. බ්‍රිතාන්‍ය පුරවැසියෙක්

:       0       16

nandalal DE SILVA - France Sunday, 19 May 2024 02:19 PM

අපේ රටේ ඔහොම සද්ද කර කර නඩු දමන්න හැදුවොත් ඩයනා අම්මණ්ඩි රටින් පැනලා ගියා කියයි

:       0       19

පිටරටවැසියා Sunday, 19 May 2024 02:19 PM

දැන් නීතිපති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දීපු උපදෙස් අනුව විමර්ශනය කරල නඩු දානකම්ම මෙතුමිය රාජ්‍ය දේපළ (රථවාහන) තවදුරටත් භාවිතා කරමින් රටේ ජනතාවට කෝචෝක් කර කර ඉඳයි. හැබැයි නඩු දාන හෝ අහන අවස්ථාවේදී ලොවෙත් නෑ...මැය විදේශගත වූ විදිහ නොදන්නා තාලෙට කව්රුත් රඟයි, හරියට අර්ජුන් මහේන්ද්‍රන් වගේ... ඊට පස්සේ පොහොට්ටු කට්ටිය කියයි, මැය සජබ ජාතික ලයිස්තු මන්ත්‍රී, ඒගොල්ලොයි වැරදි කියල. සජබ කට්ටිය කියයි, මැයට ඇමතිකමක් දුන්නෙ පොහොට්ටු කට්ටිය, ඒගොල්ලොයි වැරදි කියල. තවත් කට්ටියක් කියයි, පාර්ලිමේන්තුව සහ මැතිවරණ කොමිසම මන්ත්‍රී හැටියට ගැසට් ගහපු නිසා ඒගොල්ලොයි වැරදි කියල. රටේ ජනතාවට තියෙන්නෙ මේ බයිස්කෝප් එක බල බල, මේ දවස්වල ආණ්ඩුව උදේ-හවහ මතුරන "හොරු අල්ලන්නට ගෙන ආ ශක්තිමත් නීති පද්ධතිය විප්ලවයක්" කියන එක ශ්‍රවණය කර කර, බඩ-කට පුරෝගන්න...

:       23       17

fairoos Sunday, 19 May 2024 02:26 PM

රනිල් මාමට මුකුත් කරන්න බැරි උනාද ?

:       22       10

Nandalal DE SILVA - France Sunday, 19 May 2024 02:27 PM

අපේ රටේ ඔහොම සද්ද කර කර නඩු දමන්න හැදුවොත් ඩයනා අම්මන්ඩියෙක් ශ්‍රී ලංකාවෙන් අල්ලගන්න එක ලෝක ප්‍රශනයක් වේවි .එහෙම උනොත් ඩයනාගේ නාට්ටවත් අල්ලගන්න බැරි වේවි

:       0       12

සෙනෙවිරත්න Sunday, 19 May 2024 02:28 PM

දැන් ඔය රනිල් කියන මැටි බළලට බය නැතුව ඔය අම්මන්ඩි අත්අඩංගුවට ගන්නවද සී අයි ඩිය?

:       20       11

de silva berlin Sunday, 19 May 2024 02:53 PM

මේවා ලෝක විහිළු, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු, නීතිපති ක්‍රියාත්මක වෙන්නේ දේශපාලකයින්ගේ වුවමනාවට කියලා හොඳින් පෙනෙනවා.. ස්වාධීන අධිකරණයට ක්‍රියාත්මක වෙන්න පුළුවන් නීතිපති, පොලීසිය නිසි වෙලාවට නිවැරැදි කරුණු ඉදිරිපත් කළොත් පමණි. ලබන වාරේ ඡන්දෙ දෙනකොට මොහොතක් සිතා බලන්න.

:       20       13

J R Randeniya Sunday, 19 May 2024 03:57 PM

අවසන් ප්‍රතිඵලය.. ඩයනාට මුකුත් වෙන්නේ නෑ. සමහර විට වන්දියකුත් දෙන්න වෙයි. එහෙව් රටක් මේක...!

:       0       16

Sriyal Sunday, 19 May 2024 05:40 PM

ආණ්ඩුවම ලැජ්ජා විය යුතුයි. වෙන කිසිම රටක මෙසේ නොවේ...

:       17       9

Rohan Sunday, 19 May 2024 07:30 PM

ඩයනාගේ කෙරුවාව වගේම පැරකුම්ගේ මේ සිදුවීම සම්බන්ධයෙන් දැනුවත්භාවයත් හරිම අපූරුයි ආයිබොවන්ඩ.....

:       0       11

ඩයස් Sunday, 19 May 2024 07:45 PM

රතුපස්වල වෙඩි තියපු හමුදා සාමාජිකයන්ටටත් විරුද්ධව නඩු පැටෙව්වානෙ. උඩතලවින්න මරන වලට විරුද්ධවත් නඩු දාන්න උපදෙස් දුන්නානෙ. මහදවල් කරපු අපරාධ වලට උත්තර ගත්තේ මෙහෙම නම් උතුරේ කරපුු දේවල් ගැන කවර කතා ද. ඒවාට යුක්තිය ඉටුකර ගන්න එක ගැන කවර කතා ද

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1729 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


අතීත දොස් හොයනවට වඩා වගකීම ඉටු කරන්න
2024 සැප්තැම්බර් මස 28 14 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා රට ගොඩ නගන්නට ජනපති ඇතුළු කණ්ඩායමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනු නා හිමිය


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1085 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1635 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1142 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 612 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37968 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25014 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 278 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site