IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ඩ්‍රෝන ප්‍රහාරවලින් ආරක්ෂා වීමට පාර්ලිමේන්තුවට නවීන උපකරණ

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රුපියල් කෝටියකට ආසන්න වටිනා ආරක්ෂක උපකරණ තොගයක්  ආරක්ෂක ලේකම්  ජෙනරාල්  කමල් ගුණරත්න මහතා විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ඊයේ (25) බාරදෙනු ලැබීය.

දේශීයව නිෂ්පාදනය කරනු ලැබ ඇති මෙම ආරක්ෂක උපකරණ තොගයට ගුවන් ආරක්ෂක කටයුතු තහවුරු කිරීම සදහා භාවිත කෙරෙන  ප්‍රතිඩ්‍රෝන ක්‍රියාකාරී පද්ධතියක් සහ  ආරක්ෂක සන්නිවේදන උපාංගද ඇතුළත් වන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය.

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සදහා අනුයුක්ත සියලු ආරක්ෂක අංශවල සහභාගීත්වයෙන් 2020 වසරේ ජූලි මස පැවති ඒකාබද්ධ ආරක්ෂක අභ්‍යාසයේදී හදුනාගත් ආරක්ෂක අවශ්‍යතාවකට අනුව මෙම උපකරණ තොගය ලබාදීම සිදුවූ බවද  හෙතෙම සඳහන් කළේය.

මෙම ආරක්ෂක උපකරණ නිෂ්පාදනය කරනු ලැබ ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයේ ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසිනි.

මෙම උපකරණ තොගය ආනයනය කළේ නම් ඒ සදහා රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක්  වැය වන බවත්, ආරක්ෂක අමාත්‍යාංශයේ ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය  දේශීයව මෙම උපකරණ නිෂ්පාදනය කිරීම නිසා  වැයවී ඇත්තේ රුපියල් කෝටියකට ආසන්න මුදලක් පමණක් බවත් පැවසේ.

මේ නිසා විශාල මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වූ බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සඳහා මෙම උපකරණ තොගය ලබාදීම පිළිබදව  කතානායකවරයා සහ පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා ආරක්ෂක අමාත්‍යාංශයට  මෙහිදී සිය ස්තුතිය පළ කළහ.

මෙහිදී අදහස් දැක්වූ ආරක්ෂක ලේකම්වරයා පැවසුවේ  ආරක්ෂක අංශ සහ වෙනත් ජාතික අවශ්‍යතා සදහා   දියුණු තාක්ෂණික මට්ටමේ උපකරණ නිෂ්පාදනය කිරීම නිසා රජයට  විශාල මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වූ බවයි.

මෙම  උපකරණ  බාරදීමේ අවස්ථාවට  ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාෂල් එම්.ඩී.ඒ.පී පායෝ, ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් රේණුක රොවෙල්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් ටී.ඩී.එස් ද සිල්වා සහ පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්ෂ මංජුල සෙනරත් යන මහත්වරුද සහභාගී වූහ.



අදහස් (10)

ඩ්‍රෝන ප්‍රහාරවලින් ආරක්ෂා වීමට පාර්ලිමේන්තුවට නවීන උපකරණ

Weerawansa Friday, 26 November 2021 01:09 PM

පොහොර ගෙනෙන්න මුදල් නැතිලු නමුත් තමන්ගේ ආරක්ෂාව සඳහා මුදල් ඇත.

:       1       16

BamunuarachchiSunday, 28 November 2021 08:42 AM

හලෝ පවුලේ ළමයින්ගේ අධ්‍යාපනයට ගන්න තිබෙන සල්ලි විනෝද ගමන්වලට යොදවනවාද? රටක ආරක්ෂාවට තිබෙන සල්ලිවෙන කටයුතුවලට යොදවන්නේ නැහැ. ඒ ඒ ආයතනවලට ඒ රාජකාරි කරන්න මුදල් ඇලොකේට් කරලා තිබෙන බව දන්නේ නැද්ද? නොදන්නා දේ බොහොමයි....

:       1       0

ase Friday, 26 November 2021 01:11 PM

ඔය ජාතික නිෂ්පාදන මුදල් ඉතිරිය බයිලා මොකටද? කියන්න කාටද මේ තරම් බය...?

:       0       7

godfrey Friday, 26 November 2021 02:05 PM

රටේ ඉතා වටිනා තැන් ආරක්ෂා කිරීමට තියෙද්දී රටේ ජරාම ස්ථානයට ආරක්ෂාව කියා මෙතරම් මුදලක් වියදම් කිරීම ජාතියටම කරන අපරාධයකි. මොකද මෙම ස්ථානය ළමයෙකුටවත් බලන්න තියා ඇහෙන්න වත් හොඳ නැති මහා ගඳගහන ස්ථානයකි... හැබැයි ඔතනට එක මිසයිල පද්ධතියක් සවිකළා නම් එක පාරටම රොත්තම යන්න... රටටත්, ජාතියටත් අපේ මුතුම් මිත්තන්ටත් කරන මහා පිනක් සේම, එවිට රට පින් බර මාවතකට රැගෙන යාමට අලුත් අයවලුන් බිහිවණු නොඅනුමානයි...

:       0       12

පිටිගල මිලානෝ Friday, 26 November 2021 02:33 PM

ඩ්‍රෝන ප්‍රහාර කෙසේවෙතත් අසූචි ප්‍රහාරවලින් මිදෙන්න ක්‍රමයක් ලෑස්ති කරගන්න. වැසි නැති හෙන වදින්න බොහෝ ඉඩ තිබෙන නිසා හොඳට අව්ව තියෙන වෙලාවට එළියට බහින්න එපා...

:       0       2

සෙනෙවිරත්න Friday, 26 November 2021 02:39 PM

කවුද රවටන්නේ? මේවා දේශිය කිව්වට මේඩ්ඉන් චයිනා අමතර කොටස්, සේලයින් කටුවක් හදන්නේ නැති රටේ මේවායේ සම්පූර්ණ නිෂ්පාදනය ලංකාවේ කියලා කිව හැකිද?

:       0       9

sirisena Friday, 26 November 2021 02:49 PM

මිනිස්සුන්ට කන්න සල්ලි නෑ. හැබැයි වැඩකට නැති ඩ්‍රෝන සල්ලි තිබිලා...

:       0       6

ගමේ එකාලා Friday, 26 November 2021 03:26 PM

දියවන්නාවේ හොරු සෙට්එකට පුදුම බයක්නේ තියෙන්නේ..?

:       0       8

Nandana Friday, 26 November 2021 04:33 PM

මොන අපරාධ වියදමක්ද? ඩ්‍රෝන ප්‍රහාර නැතත් සොබාදහමින් ඕකුන්ට හොඳට ලැබෙයි...

:       0       6

BamunuarachchiSunday, 28 November 2021 11:15 AM

එහෙම සොබාදහමෙන් දඬුවම් ලැබුණු අය තමයි පැරදිලා නැට්ට ගිනි ගත්ත හනුමාලා වගේ රට ගිනි තියතියා රට පුරා දුවන්නේ...

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

අමෙරිකානු ගිනිඅවියක් සමඟ අලවතුගොඩ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 220 0

අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිද


රුහුණු සරසවි අනධ්‍යන කාර්ය මණ්ඩලය වර්ජනයක
2024 නොවැම්බර් මස 19 369 0

රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.


සිලින්ඩරේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට කාංචනගේ නමත්?
2024 නොවැම්බර් මස 19 945 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අනෙක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට හිටපු විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පත්කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.


දුම්රියක ගැටී සිසුවෙකු මරුට
2024 නොවැම්බර් මස 19 737 0

ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි



වෙලාවට වැඩ කරනවාද බලන්න ගෙනා යන්ත්‍රත් වැඩ නවත්තලා
2024 නොවැම්බර් මස 19 1034 0

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26905 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18877 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 385 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 649 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1868 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site