IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


‘‘ඩෙල්ටා‘‘ අවදානමක් නිසා මාදිවෙල ප්‍රගතිපුර මාර්ග දෙකක් වහයි

(නිමන්ති රණසිංහ සහ සුජිත් හේවාජුලිගේ)

ඉන්දීයාවේ ඩෙල්ටා  කොරෝනා ප‍්‍රභේදය ආසාදනය වූ බවට සැක කෙරෙන පුද්ගලයා සොයා ගැණුනු මාදිවෙල ප‍්‍රගතිපුර ප‍්‍රදේශයේ මාර්ග දෙකක් වසා දැමූ බව පිටකෝට්ටේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

එම මාර්ග දෙකේ ජනතාවට ඉන් පිටවීමත් ඊට ඇතුළුවීමත් තහනම් කරනු ලැබ තිබේ.

ජනතාවගේ ආරක්ෂාව සැලසීම සඳහා මෙම සංචරණ සීමාවන් පැනවූ බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා ප‍්‍රභේදය ආසාදනය වූ බවට සැක කෙරෙන පුද්ගලයාගේ ආශි‍්‍රත පනස් තුන් හැවිරිදි කාන්තාව ද කොවිඞ් ආසාදනය වීම හේතුවෙන් ඇය අංගොඩ බෝවන රෝග විද්‍යායතනයට  ඇතුළත් කර ඇති බවත් ඇය සම්බන්ධයෙන් ද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

සංචරණ සීමා පනවන ලද මෙම ප‍්‍රදේශයේ පුද්ගලයන් 20කට ආසන්න ප‍්‍රමාණයක් පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කළ බවද පිටකෝට්ටේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

සැක සහිත රෝගියාගේ ආශි‍්‍රතයින් හඳුනාගෙන ඔවුන් පී.සී.ආර් පරීක්ෂණ සදහා යොමු කර ඇති හෙයින් එම පරීක්ෂණ වාර්තා ලැබීමට නියමිතව ඇති බව පැවසූ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා, එම වාර්තා ලැබුණු පසු මේ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට කටයුතු කරන බව ද සදහන් කළේය.

 



අදහස් (0)

‘‘ඩෙල්ටා‘‘ අවදානමක් නිසා මාදිවෙල ප්‍රගතිපුර මාර්ග දෙකක් වහයි

ඔබේ අදහස් එවන්න

දියත


ආනයන සුදු සීනි බද්ද දීර්ඝ කරයි
2024 නොවැම්බර් මස 05 37 0

ආනයන සුදු සීනි සදහා පනවා තිබු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ.


රිය අනතුරින් තරුණිය මරුට
2024 නොවැම්බර් මස 05 829 0

බණ්ඩාරගම පානදුර මාර්ගයේ බොල්ගොඩ ප්‍රදේශයේදී තීරෝද රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් 23 හැවිරිදි තරුණියක් මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි


කමලාගේ ජය වෙනුවෙන් ඉන්දියාවේ ගමක පුද ජූජා
2024 නොවැම්බර් මස 05 449 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ට සෙත් පතා, ඇගේ ජයග්‍රහණය වෙනුවෙන්, ඇමෙරිකාවේ වොෂින්ටන් අ


ඇමෙරිකන් ජනාධිපතිවරණය අද
2024 නොවැම්බර් මස 05 447 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය අද (5) ඇරැඹේ. ජනාධිපතිවරණ සටන පැවැත්වෙන්නේ, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්


නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට එයි
2024 නොවැම්බර් මස 05 593 0

විස්සයි විස්ස සහ එක් දින තරග සංචාරයක් සදහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 404 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1308 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 688 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site