(අංජුල මහික වීරරත්න)
ඉදිරියේදී මෙරට විදේශ විනිමය තත්ත්වය දියුණු වීමත් සමඟ අත්‍යාවශ්‍ය භාණ්ඩ, ඖෂධ, සංචාරක කේෂ්ත්‍රයට අවශ්‍ය භාණ්ඩවල ආනයන සීමා ක්‍රමානුකූලව ඉවත් කිරීමට රජය කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විස්තීරණ ණය පහසුකම ශ්‍රී ලංකාවට ලබා ගැනීම වෙනුවෙන් සහාය දැක්වූ සියලු රටවලටත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ ප්‍රධානීන් දෙදෙනාටත් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් සිය හෘදයාංගම ස්තූතිය පුද කර සිටින බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කීය.
කොළඹදී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඩොලර් ලැබුණු ගමන් ආනයන සීමා ඉවතට
pakeer Tuesday, 21 March 2023 02:14 PM
ආයෙත් ඉතින් ගැහිල්ල පටන් ගන්න පුළුවන්.
Samitha Senaka Aluthgamage. Tuesday, 21 March 2023 02:30 PM
රට ගොඩ ගැනීමට අවංක උත්සාහයක් තිබෙනවා කියා ජනතාවට ඔප්පු කළහොත් ඔවුන් ඔබතුමා පිළිගනීවි.ඒත්, පොහොට්ටුවෙ දූෂිතයන් හා එක්ව යාමෙන් එය ඔප්පු කළ හැකිද ? ඔවුන් හොරා කා බංකොලොත් කළ රට ගොඩ ගැනීමට IMF එකට ණය වීමට සිදු වුණා.ඒ ණය මුදල් ගෙවන්න වෙන්නෙත් ජනතාවට.හොරුන් හොරා කෑ දේ යළි ලබා දීමට කටයුතු කළ හැකි වුවහොත්,ඔබතුමා දිනුම්.එසේ නැතිව ඔබතුමා කොපමණ වෙහෙස ගත්තත් එයින් වැඩක් වෙන එකක් නැහැ.
Muthu Tuesday, 21 March 2023 03:14 PM
මේ මනුස්සයා මේ ණය ගැන මෙලෝ දෙයක් දැනගෙන නෙවෙයි කියන්වන්නේ. හරියටම නන්දලාල් වගේ. ඔය හම්බවෙන පලවෙනි වාරකෙන්, (මිලියන 330 න්) 200 දෙන්න ඕන නේද, බංගලි නය ගත්තුවට. ඩොලර් රේට් තව අඩු උනාම පිටරට මිනිස්සු ඩොලර් එවාවිද. දේශීය ණය ප්‍රතිව්‍යුහ කරන කොට ආර්ථිකේ 50% එහා සංකෝචනය වෙනවා නේද. කර්මාන්ත වැහිලා රස්සා නැති වෙලා මොනවයින් මොනවා වේවිද. ඊට හොඳ නැද්ද හරි ඩොලර් රේට් දීලා, මිනිස්සුන්ගේ ඩොලර් ලංකාවට ඇද ගන්න බැලුව නම්. මාස 6ක් මිනිස්සු ඩොලර් අල්ලගන හිටියොත් ඔය සේරම ඩොලර් හීන, ගඟට කපපු ඉනි වගේ නේද. අපේ සංවර්ධන ආකෘතිය තව තව ණයට අරං කන එකද. ඕකම කරන්න ගිහින් නේද මේ අවුරුද්දේ, දැනට පවුල් 21 පවුල් පිටින්ම සියදිවි නසා ගෙන තියෙන්නේ. ලංකාවේ ඉරණමත් ඒක නොවේවා කියන්න පුලුවන්ද අවංකවම. රටේ දරුවෝ 80% මන්දපෝශනෙන් පෙළෙද්දී ඩොලර් රේට් බේරාගෙන වැඩක් තියේද.
Nimal Tuesday, 21 March 2023 05:31 PM
අවශ්‍ය සෑම ආනයන භාණ්ඩයක් සදහාම ප්‍රමිතියක් තිබිය යුතුවේ. එසේ නොවන්නට ඉන්දියාවෙන් සහ චීනයෙන් ප්‍රමිතියෙන් තොර භාණ්ඩ සීමා ඉවත් කිරීමත් සමග රටට ගෙන්වනු ඇත.