IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ඩොලරය 173 පනී

හර්ෂණ තුෂාර සිල්වා


ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් වාර්තාගත ලෙස පහළ යමින් ඉතිහාසයේ පළමු වතාවට එක්සත් ජනපද ඩොලරයකට ගෙවන රුපියල් ප්‍රමාණය අද (22) 173 ඉක්මවා ගියේය. 


මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව අද (22) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 173.38ක් ලෙස සටහන් වූ අතර ගැනුම් මිල රුපියල් 169.49 ක් ලෙස දැක්විණි. 


පසුගිය මස 21 වැනිදා ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයකට ගෙවන රුපියල් ප්‍රමාණය 170 සීමාව ඉක්මවා ගියේය. ඉන් පසුව අඛණ්ඩව අවප්‍රමාණය වෙමින් තිබෙන රුපියල ස්ථාවර අගයක පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මැදිහත් විය. 
     
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල මෙම මාසයේ මේ දක්වා කාලයේදී 1.66%කින් ද සැප්තැම්බර් මාසයේදී 4.7%කින් ද දුර්වල වී ඇත.

මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට ඔක්තෝබර් 19 වැනිදා දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල  10.7%කින් අවප්‍රමාණය වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට ඔක්තෝබර් 19 වැනිදා දක්වා කාලයේදී ඉන්දීය රුපියලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය  2.4 %කින් වැඩි වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.



අදහස් (12)

ඩොලරය 173 පනී

sam Monday, 22 October 2018 09:07 AM

ක්‍රිකට් ගහන්න ඩොලරය යවන්න බැරිද?

:       0       40

ගල්කටස් Monday, 22 October 2018 09:42 AM

අපේ බලාපොරොත්තුව අපනයනය දිරි ගැන්වීම යි එ නිසා අපි ඉදිරියටත් තව තවත් රැපියල ඉහළ යනවා.......... ජත්‍යන්තර අර්බුද....... ණය ...... එහෙම නැතිව අපිට කර ගන්න බැරිව නෙමෙයි .....⁣ අපිට කොකියන් වැඩියෙන් ඉන්නවා බය වෙන්න එපා අද හෙටම අපි 200 යට ගෙනියනවා වගේම තව පොලු දානවා... සාර්ථක පිළියමක් ලෙස ඔබට ඩයස්පරාවෙි මහත්වරුන්ගේ මුදල් ගෙන්නවනවා ....

:       6       41

nuwa Monday, 22 October 2018 10:12 AM

දණගැස්සු ආර්ථිකය හරිගැස්සු මිනිස්සු ,ජය වේවා !

:       26       170

රජින්ද Monday, 22 October 2018 11:21 AM

"රටකට ඕනෑ අපමණ අගයක්...." කියන මෙන්න මේ පොරොන්දුවයි මේගොල්ලෝ මේ ඉෂ්ඨ කරන්නේ. මට හිතෙන විදිහට අපේ ලංකාවේ ටීම් එක විසින් එක මැච් එකක ගහන ලකුණු ගානට වැඩියෙන් ඩොලර් එක උඩ යාවි. හැටදෙලක්ෂයට උණුසුම් සුබ පැතුම්.!

:       1       238

PA - RA Monday, 22 October 2018 11:30 AM

තව සති 10යි දෙසැම්බර් වලට සතියකට රුපියල් 2.70 ගානේ බැලුවහම අවුරුද්ද අන්තිමේ ඩොලරය රුපියල් 200 යි.. දොයියෝ සාක්කි මේවට

:       0       53

akila Monday, 22 October 2018 11:38 AM

මෙතන ඩොලරයේ ප්‍රශ්නයක් නෙමෙයි තියන්නේ , බලන්න රුපියල ගිය සතියට වඩා අනික හැම රටකම මුදල් එකක වලට සාපේක්ෂ ව බල්දුවෙලා.............

:       2       51

OMG Monday, 22 October 2018 12:12 PM

200ට තව ටිකයි... ඔහම යන්...ඔහොම යන්... ක්‍රිකට් ටීම් එකට බැරි වෙච්චදේ රුපියල කරනවා.

:       0       8

Dhammika Monday, 22 October 2018 12:38 PM

"ඉන්දීය රුපියලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය 2.4 %කින් වැඩි වී ඇතැයිද " ඉන්දියාවට වඩා මොකක් වුණාම අපට මොකද? මේ කතාකරන්නේ ඩොලරය ගැනනේ... අසූචි ගොඩක් පෙන්නලා හරි ඊට වඩා හොඳයි... කියන්න බලන්නේ මහබැංකුව, ප්‍රශ්නේ තේරුම් ගන්න. ප්‍රතිකර්ම යොදන්න නෙමේ...

:       0       54

chathuri Monday, 22 October 2018 12:39 PM

අපේ රටට මේ හෙනය වැදිලා තියෙන්නේ උගත්කම වැඩිවෙලා... විෂයබාර ඇමැතිගෙන් ඇහුවොත්... මෙහෙම වෙන්න හේතුව මම දන්නෙත් නැහැ කියයි. වෙන රටවල ආර්ථිකය හදන්න කලින් තමන්ගේ රටේ ආර්ථිකය හදලාඉන්න. රුපියල කඩා වැටෙනවා මහා උන් විදේශ රටවල සංචාරය කරනවා. මේ වෙලාවේ සියලුම ගමන් නතර කරලා වියදම් අඩුකරන්න. රටේ ජනතාවගේ මුදල් වලින් සවාරි ගහන්න බැහැ. සති ගණන් ඉඳලා එනවා.. ඒ ඇවිත් ඒ රටවල ඩොලරයේ අගේ කියනවා. ඕක කියන්න පුළුවන් කම්පියුටර් ළඟට ගියා නම් මේ අැමැතිලගේ රට සවාරි ගහන එක නතර කෙරුවොත් රුපියල ගොඩගන්න පුළුවන් මේ කාලකන්නි රට කනවා..

:       0       66

MOHAN Monday, 22 October 2018 01:35 PM

මෙහි අදහස් දක්වන කිසිවෙක් දන්නේ නැද්ද මේක මුළු ලෝකයේම තියෙන ප්‍රශ්නයක් කියලා?

:       75       55

AkilaMonday, 22 October 2018 04:27 PM

ලෝකෙම තියන ප්‍රශ්නයක් නම් අපේ රුපියල අනෙක් හැම රටකම මුදල් ඒකක එක්ක වටිනාකම බල්දුවෙන්නේ ඇයි ?

:       0       12

lalith Monday, 22 October 2018 04:46 PM

රටක සංවර්ධනයක් නැති උනාම, රටක අදායම නංවන්න වැඩ පිළිවෙලක් නැති උනාම, අර මැති ඇමති මන්ත්‍රීලා රදවාගන්න ඔවුන්ට පාක්කුඩම් දිදී ආණ්ඩුව ගෙනියන්න ක්‍රම සල්ලි හොයාගන්න ක්‍රම තුනක් තියෙනවා. එකක් පිටරටින් ණයට අරගෙන මහා සංවර්ධනය කියල මොකක් හරි වැඩකුත් සද්දෙට කරලා ඉතුරුටිකෙන් කාල බිල සුද්දවගේ වියදම් කරලා තමනුත් ටිකක් සාක්කුවේ ගෙන රටවැසියෝ ණයකාරයෝ කරලා ඉන්න එක. අනික් ක්‍රමය බදු වැඩි කරලා රටේ මිනිස්සුන්ගේ අතේ තියෙන සල්ලි වලින් ගානක් අරගෙන එකෙන් රට ගෙනියන එක. ඒ උනත් එක කලොත් ආණ්ඩුව මිනිස්සුන්ට එපාවෙලා එලවල දානවා. ඊළඟ ක්‍රමය තමයි හින් නුලෙන් මිනිස්සුන්ගේ අතේ තියෙන සල්ලි උන්ට නොතේරෙන්න විදියට වටිනාකම අඩුකරලා, ඒ අඩුකරපු ගානට අයෙත් සල්ලි අච්චු ගහල එව්වගෙන් රට ගෙනියන එක. එතකොට ඒක මිනිස්සුන්ට තේරෙන්නේ දැනට ආනයනය කරලා තියෙන භාණ්ඩ අවසන් වෙලා අලුතෙන් භාණ්ඩ ගෙන්නන වෙලාවට එතකොට මුදල බල්දුවෙලා ටික කලක් ගිහින්. බදු වැඩි වෙන එකට බැනුම් අහන්නේ මුදලාලිලා. එක දුරදක්නා ක්‍රමය. එත් මේවාරේ නම් කොට්ටෝරුව කොටාගෙන කොටාගෙන ගිහින් කෙහෙල් ගහකටම කෙටුවද මන්ද?

:       0       47

ඔබේ අදහස් එවන්න

දියත

ඉතිහාසය අලුත් කර IPL යන ළාබාලම සූරයා
2024 නොවැම්බර් මස 25 908 0

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම


මහඉලුප්පල්ලම නගරයට වන අලියෙකු කඩා වදියි
2024 නොවැම්බර් මස 25 383 0

මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු


රනිල් ඉන්දියාවේ දෙසුමක
2024 නොවැම්බර් මස 25 734 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස


කුවේට් ලාංකික සිරකරුවන් 32ක් කටුනායකට
2024 නොවැම්බර් මස 25 722 0

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට


චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 588 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 1857 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 530 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 742 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2064 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site