( සිතුම් චතුරංග රොමේෂ් මධුෂංක සහ ඉන්දිකා රාමනායක)
යාපනය , නැදුන්තිව් මාවිලා වරාය අසල නිවසක තියුණු ආයුධයකින් කපාකොටා ඝාතනය කළ එකම පවුලේ සහෝදරියන් තිදෙනකු ඇතුළු පස්දෙනකු ඝාතනය සම්බන්ධයෙන් 51 හැවිරිදි අයකු කයිට්ස් , පුංකුඩිතිව් හීදි අත්අඩංගුවටතත් බව ඩෙල්ෆ් පොලිසිය කියයි.
සැකකරු වෙනත් ප්‍රදේශයකට පලායාමට සූදානම්ව සිටියදී විමර්ශන සිදුකළ යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය එලෙස සැකකරු අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.
සැකකරු සතුව තිබී ඝාතනයවූ කිහිපදෙනකු භාවිතා කළ ජංගම දුරකථන තුනක් , නිවසින් සොරාගත් පවුම් දහයකට අධික බරින් යුත් රන් භාණ්ඩ සොයාගත් බවත් පොලිසිය සඳහන් කළේය.
පෙරේදා ඩෙල්ෆ් පොලිසිය වෙත ලැබුණ තොරතුරක් අනුව නිවස පරීක්ෂා කිරීමේදී කපාකොටා ඝාතනයකළ කාන්තාවන් තිදෙනාගේ සහ පිරිමි පුද්ගලයින් දෙදෙනකුගේ සිරුරු සොයාගත් බවත් තුවාල ලබා සිටි වයෝවෘද කාන්තාවක් ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කළ බවද පොලිසිය පැවසීය.
එලෙස කපාකොටා ඝාතනය කොට ඇත්තේ යාපනය , ඩෙල්ෆ් , මාවිලා වරාය අසල පදිංචි කාර්තිකේසු නාගේශ්වරී ( 83), නාගනාධි බාලසිංහම් (82) හා විදේශගතව සිට පැමිණි බාලසිංහම් කන්මනිපිල්ලේ ( 76) සහ ඇගේ ස්වාමිපුරුෂයා වූ වේලායුදම්පිල්ලේ නාගේන්ද්‍ර රත්නම් (78) සහ යාපනයේ පදිංචිව සිටි මහාදේවන් (75) පිරිස වේ.
එක් කාන්තාවක් නිවසේ ඇඳමත ඝාතනය කොට ඇති අතර අනෙක් කාන්තාවන් හා පිරිමි පුද්ගලයින් දෙදෙනා නිවසේ විවිද ස්ථානවලදී ඝාතනය කොට තිබූ තියුණු ආයුධයකින් හිසට පහරදී මෙම ඝාතන සිදුකොට ඇති බවට අනාවරණයවූ බවත් පැවසීය.
පොලිසිය වෙත ඝාතනයන් පිළිබඳ වාර්තාවීමත් සමඟ ඝාතකයා අත්අඩංගුවටගැනීම සඳහා ඩෙල්ෆ් සිට කුරිකට්ටුවාන් දක්වා මගීප්‍රවාහන බෝට්ටුසේවය තාවකාලිකව නවතා දැමීමට පියවරගත්තද සැකකරු කයිට්ස් වෙත පලාගොස් සිට ඇති බවද පොලිසිය පැවසීය.
පොලිසිය පැවසූයේ සැකකරු විදේශරටක පදිංචිව සිට වසර ගණනකට පෙර යාපනය වෙත පැමිණ ඇති බවත් ඔහු පොලියට මුදල් ලබාගෙන ගෙවීම් පැහැර හැර ඇති බවට අනාවරණයවූ බවත්ය.
මියගිය පුද්ගලයින්ගේ මරණයන් සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (22) කයිට්ස් මහෙස්ත්‍රාත් එස්. ගජනිත්‍යබාලන් මහතා විසින් සිදුකළ අතර පශ්චාත් මරණ පරීක්ෂණයන් සඳහා සිරුරු යාපනය ශික්ෂණ රෝහල වෙත රැගෙනයාම සිදුකෙරිණ.
තුවාල ලැබූ කාන්තාවගේ තත්වය බරපතල නොවන බවත් ඇයගෙන් ප්‍රකාශ ලබාගන්නා බවත් පොලිසිය පැවසීය. අත්අඩංගුවටගත් සැකකරු රැදවුම් නියෝග මත ප්‍රකාශ ලබාගැනීමට නියමිත බවත් පැවසීය.
ඩෙල්ෆ් පොලිසිය , යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් ඝාතනයන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
කැකිරාව මැදවැව ප්‍රදේශයේ ගෙවත්තක තිබී ගින්නෙන් පිලිස්සුන තිදරුමවකගේ මළ සිරුරක් සොයා ගැනීමට අද (17) පොලිසියට හැකිව තිබේ.
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
සිරි දළදා වන්දනාවේ පෝලිම් කෙළවර බැතිමතුන්ට පහසුවෙන් බලා ගැනීම සඳහා විශේෂ ලින්කුවක් හඳුන්වා දී තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද හෙට සිරි දළදා දැක්මට සහභාගී වී දළදා වහන්සේ වන්දනා කිරීමට නියමිතව තිබේ.
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
‘සිරි දළදා වන්දනා -2025’ ප්‍රදර්ශනයේදී බැතිමතුන් පෝලිම් තුනකින් මහමළුව වෙත ඇතුල් කරන බවත් පෝලිම් දෙකක් ක්වීන්ස් හෝටලය ඉදිරියෙන් ද, තවත් පෝලිමක වතුර මල ආ
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
ඩෙල්ෆ් පංච පුද්ගල ඝාතනයට සැක අයෙක් අල්ලයි