IMG-LOGO

2025 පෙබරවාරි මස 03 වන සඳුදා


ඩෙංගු මාරාන්තික කරවන ‘NSAID‘

මේ දිනවල විවිධාකාර වයිරස් උණ,කොවිඩ් මෙන්ම ඩෙංගු රෝගීන්ද වාර් තා වීම ඉහළ ගොස් ඇත. එබැවින්  උණ රෝගීන් නිසි මාත්‍රාවට අනුව පැරසිටමෝල් ඖෂධය පමණක් ලබා ගත යුතු වුවත් ඇතමෙකු හිතුමනාපයට විවිධාකාර ඖෂධ ලබා ගැනීමත් එහි අනිටු පල විපාක ගැනත් පුවත් අසන්නට ලැබේ.

ඩෙංගු උණ නිසා ඇතිවන තද උණ රෝගී තත්ත්වයේදී  , අධික ඇඟපත වේදනාව සහ හිසේ කැක්කුමට ප්‍රතිකාරයක් ලෙස සමහරු පැරසිටමෝල්වලට අමතරව NSAID (Non Steroidal Anti Inflammatory Drugs - ස්ටෙරොයිඩ් නොවන ප්‍රති-ප්‍රදාහ ඖෂධ) කාණ්ඩයට අයත් වේදනා නාශක භාවිත කරති. මෙය ඉතාමත් බරපතළ  කාරණාවකි.   

දැනට පවතින ඩෙංගු වසංගත තත්ත්වය හමුවේ මෙම NSAID ඖෂධ කාණ්ඩයට අයත් වේදනා නාශක භාවිතයෙන් පසු සිදුවූ පුද්ගල මරණ කිහිපයක්ද වාර්තා වේ. එවැනි ව්‍යාකුල තත්ත්වයකදී NSAID කාණ්ඩයට අයත් ඖෂධ ගැන නියමාකාරව දැන්ම්වත් වීම අගනේය.

ඒ අනුව NSAID කාණ්ඩයට අයත් බෙහෙත් වර් ග මොනවා ද ? ඒවා ගත් විට මොනවද වෙන්නේ? වෙනත් රෝගී තත්ත්ව සදහා මෙම ඖෂධ ඊට වඩා අඩු මාත්‍රාවලින්    ගන්න පුද්ගලයින්ට මෙයින් බලපෑමක් තියෙනව ද? කියන කරුණු ගැන අද කතා කරමු..

‘ඩික්ලොෆෙනැක් සෝඩියම්, ඉබියුප්‍රොෆන්, මෙෆැනමික් ඇසිඩ්, ඉන්ඩොමෙතසින්, නැප්ප්‍රොක්ස්සෙන්, සෙලෙකොක්සිබ්, ඇස්ප්‍රීන් යන ඖෂධ  විවිධ  වෙළඳනාම හරහා වේදනා නාශක ලෙස බහුලව රට තුළ භාවිත වේ.  මේවා ඉතා හොඳ වේදනා නාශක වුවත් ඩෙංගු රෝගී තත්ත්වයේදී  මේවා භාවිත කිරීම රෝගය මාරාන්තික වීමට හේතුවකි. මේ සියල්ලටම පොදු කරුණක් වන ලේ කැටි ගැසීම අඩු කිරීමේ හේතුව නිසා ඩෙංගු රෝගය වැළඳුනෙ පුද්ගලයන් මේවා භාවිත කිරීමෙන්  දැඩි සංකූලතා මෙන්ම මරණය වුවද සිදු වීමේ වැඩි නුඹුරුවක් ඇත. 

මේ දිනවල ඔබට උණ ඇතිවුවහොත් මුලින්ම කළ යුත්තේ හොඳින් විවේක ගැනීම, හොඳින් දියර  පානය කිරීම සහ උණ වේදනාවට නියමිත මාත්‍රාව අනුව පැරසිටමෝල් ඖෂධය  පමණක් භාවිත  කිරීමයි. 
උණ තත්ත්වය දින දෙකට වඩා පවතින්නේ නම් සුදුසුකම්ලත් වෛද්‍යවරයකු හෝ රෝහලක් වෙත වහාම යොමුවීම සිදු කළ යුතුයි.  

ඔබට යම් රුධිර පරීක්ෂණ නියම කර ඇත්නම් උණ තත්ත්වය පහව ගියත් එම පරීක්ෂණවල වාර් තා අනිවාර්යෙන්ම වෛද්‍යවරයකු වෙත යොමු කොට අවැසි උපදෙස් ලබා ගැනීමද සිදු විය යුතුය. මීට අමතරව උණ රෝග සඳහා වෛද්‍ය උපදෙස්ලන් තොරව ප්‍රෙඩ්නිසොලෝන්, ඩෙක්සාමෙතසෝන් වැනි ස්ටීරොයිඩ් කාණ්ඩයේ ඖෂධ ලබා ගැනීමත් සුදුසු නොවේ.

ඒ අනුව ඉහත උපදෙස් පිළිපැදීම සහ දැනුම්වත්ව ක්‍රියාකිරීමෙන් රෝගී තත්ත්වය මාරාන්තික වීමෙන් වළක්වා ගත හැකිය.

(සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ලබා දුන් තොරතුරු ඇසුරිණි)

-සටහන- මාධවී ධර් මරත්න



අදහස් (0)

ඩෙංගු මාරාන්තික කරවන ‘NSAID‘

ඔබේ අදහස් එවන්න

 

 

දියත

තවත් සැක වාහන පහක් කලවානෙන් අල්ලයි
2025 පෙබරවාරි මස 03 245 0

නීති විරෝධීව වාහන එකලස් කරන ලද ස්ථාන තුනක් වටලා රුපියල් කෝටි හතකට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී වහන පහක් භාරයට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා


නීති විරෝධිව ගෙන ආ දුම්වැටි සමඟ කතක් අල්ලයි
2025 පෙබරවාරි මස 03 250 1

රුපියල් හැත්තෑ ලක්ෂ පනස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් තීරු බදු නොගෙව


අපයෝජනයවූ වින්දිත ළමුන්ගේ අයිතිවාසිකම් රකින්න නීතිඥ සංචිතයක්
2025 පෙබරවාරි මස 03 191 1

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත වාර්තා වන ළමා අපයෝජන වින්දිත ළමයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ගරු සේවකයන් ලෙස ස්වේච්ඡාවෙන් නීතිඥ සේවා ලබා ගැනීම සදහාව


දිසා තුනකට පොඩි වැසි:සෙසු ප්‍රදේශවලට වැසි නෑ
2025 පෙබරවාරි මස 03 161 0

ගාල්ල,මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි ස්වල්පයක් ඇත විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


කෝටි ගණනක ලුණු විනාශවෙන්න ඇරලා
2025 පෙබරවාරි මස 03 2369 4

ලංකා ලුණු සමාගමේ බුන්දල සහ පලටුපාන ලුනු ලේවායන්හි නිෂ්පාදිත රුපියල් 93,269,919 ක වටිනාකමකින් යුත් මෙට්‍රික් ටොන් 2402 ක පමණ ලුණු තොගයක් වසර ගණනාවක් තිස්සේ තත්


ගම්පහ කැත් ලැබ් එකට බාලගිරි දෝෂය
2025 පෙබරවාරි මස 02 595 1

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි කැතීටකරණ පරීක්ෂණ ( Cath Lab) සහ ප්‍රතිකාර ඒකකයක් ලබාදීම පිනිස බස්නාහිර පළාත් සභාව මගින් රුපියල් කෝටි 35 ක ප්‍රතිපාදන වෙන් කර දෙම


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 73 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 728 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 727 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site