(කේ බුද්ධික කුමාරසිරි)
කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් ආයතනයට එරෙහිව මුදල් විශුද්ධිකරණය යටතේ පවතින නඩුවක සැකකාරියක ලෙස අත් අඩංගුවට ගෙන අධිකරනයට ඉදිරිපත් කල ඩේසි ෆොරස්ට් නැමැත්තිය රුපියල් ලක්ෂ පණහ බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය අද (05) දින නියෝග කලාය
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සභාපතිත්වය දැරූ කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් පෞද්ගලික සමාගමට ඒරෙහිව මුදල් විශුද්ධිකරන චෝදනාව යටතේ 2016 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් ආරම්භ කල විමර්ශනයකට අදාලව එම සැකකාරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබුණි
අදාල විමර්ශනයේදී රපියල් මිලියන 59කට අධික මුදලක් තිබූ ස්තීර තැන්පතු බැංකු ගිණුමක් සම්බන්ධයෙන් අණාවරණය වූ බවත් අදාල ගිණුම යෝෂිත රාජපක්ෂ නැමැත්තා සමග හවුල් ගිණුමක් ලෙස සැකකාරිය විසින් පවත්වාගෙන ගොස් තිබු බවත් මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිළධාරීන් අධිකරනය හමුවේ කරුණු දැක්වීය
හෙද නිලධාරීන් 3147කට අප්‍රේල් මාසයේදී පත්වීම් ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ(6) පැවසීය.
වෛද්‍යවරුන් පන්දහසකට වැඩි පිරිසක් විදේශ රටවල වෛද්‍ය සේවයට සුදුසුකම් සපුරා විදේශගතවීමට සූදානම් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්
පාසල් සිසුන් පිරිසක් අතර ඇතිවූ ගැටුමකට මැදිහත්ව පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයෙකු ඇතුළු හත
කැලණිය ප්‍රාදේශීය සභාවට අයත් හෙට්ටයාර් 0.2137 ක ඉඩමක් සඳහා කූට ලේඛන සකස් කර රුපියල් මිලියන 75 ක් මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් හය දෙනෙකු අත්
ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණඇපයේ සිටින ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් සියලුම දෙනා වහාම නිදහස් කරන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
ඩේසි ෆොරස්ට ඇප
swene Wednesday, 05 March 2025 08:13 PM
අති දක්ෂ විමර්ශකයෝ! අනු වයසැති ඩේසි ආච්චි පොලිසියට ආවහම අත් අඩංගුවට ගන්නවා. සතියක් තිස්සේ දේශබන්දු හැංගී මුත්තන් කෙලිනවා
කව්ද බෝයි Wednesday, 05 March 2025 08:58 PM
ඩේසි ආච්චිගෙ පිං පඩියයි, සමෘධි සහනාධාරයි එකතු වෙච්චි බැංකු ගිණුම. වයසත් එක්ක හදීසියකයට කීයක් හරි වියදමට ගන්න තමයි, මුණුබුරාගේ නම ඇතුළත්කරලා තියෙන්නේ. යහ පාලනේ එකටත් නඩු දාල නෙව...
නන්දන පනා-මිලානෝ Wednesday, 05 March 2025 09:37 PM
තාරුණ්‍යයට හෙටක් සැට් එක දුප්පත් වයසක ආච්චිව ඉස්සර කරගෙන හොරකමේ ගිහිල්ලා තියෙන්නේ…
යෝගා Wednesday, 05 March 2025 09:39 PM
ඉෂාරා සෙව්වන්දි වෙනුවටද අවුරුදු 97ක ආච්චිව අරන් ආවේ? දැන්වත් ඔය ගොන්පාට් නවත්තලා කරන්න පුළුවන් එකෙකුට පොලිසිය බාර දියල්ලා
පිටිගල මිලානෝ Wednesday, 05 March 2025 10:35 PM
නිල් බලකායේ ඉදිරියෙන්ම යන නායිකාව…..!
සුසන්ති Wednesday, 05 March 2025 10:37 PM
ඩේසි ආච්චිට පොලිස් ආරක්ෂාව දෙන්න… රාජපක්ෂලා විශ්වාස නැහැ… සාක්කි නැති කරන්න වැඩක් දෙයි.
Siri Thursday, 06 March 2025 04:36 AM
"කරන කලට පව් මීරිය මී සේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ" අනුන්ගේ පව් වලට කර ගහල කරගත්තු දෙයක්. පව් අප්පා
maalaka Thursday, 06 March 2025 05:59 AM
අම්මෝ මෙන්න පලි ගන්නවා
de silva berlin Thursday, 06 March 2025 11:46 AM
දුප්පත් මිනිහෙක් පොල් ගෙඩි කිහිපයක් හොරකම් කලත් දවස් 14 රිමාන්ඩ් ,මිලියන 97 වංචා සහගතව හොරකම් කළ එකට සම්බන්ධ ගැනිට ඇප දෙනවා , ශ්‍රී ලන්කන් එයාර්බස් ගනු දෙනුවට ඩොලර් මිලියන 2 පගාව ගහපු කපිල චන්ද්‍රසේන කිසිම ප්‍රශ්නයක් නැතුව යහතින් ජිවත් වෙනවා. ඔහුගේ නඩුවට දැන් වසර 5 පමණ ගතවෙලා. ඊට වැඩියෙන් හොරකම් කළ අර්ජුන මහේන්ද්‍රන් එක දවසකවත් රිමාන්ඩ් එකේ හිටියේ නැහැ. හොරකම් කරනවා නම් හොරකම් කරන්න ඕනේ ජනතා මුදල් , වැඩි වැඩියෙන් හොරකම් කරන තරමට දඩුවම අඩුයි.