IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ඩොලර් බැඳුම්කර අගය පහත යයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග මෙරට ඩොලර් බැඳුම්කර අගය පහත ගොස් ඇතැයි බ්ලුම්බර්ග් පුවත් සේවය ප්‍රකාශ කළේය.

එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදී ආධාර වැඩසටහන මෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකිරීම සඳහා එළැඹ ඇති ගිවිසුම්ද අනුර කුමාර දිසානායක මහතා ලද ජයග්‍රහණයත් සමග අවදානමට ලක්ව ඇතැයි එම පුවත් සේවය පැවැසුවේය.

මෙරට බැඳුම්කර ඩොලරයට සාපේක්ෂව අද (23) ශත 3.1 කින් පහත ගොස් ඇති බවත් එය වසර දෙකක පමණ කාලයකදී සිදුවූ විශාලතම පහළ යෑම බවත් බ්ලුම්බර්ග් පුවත් සේවය ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර සහාය අවශ්‍ය බවත් තම රජය සියලු දෙනා සමග එක්ව කටයුතු කිරීමට සුදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කිරීමත් සමග රුපියල් ශක්තිමත්වී තිබෙන බවද එම පුවත්සේවය පෙන්වා දුන්නේය.

තවද 2029 වසරේදී කල් පිරෙන බැඳුම්කර මෙම කාර්තුවේදී සියයට 15 කින් පමණ පහත වැටෙනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයන් පුරෝකතනය කර තිබෙන බවද බ්ලුම්බර්ග් පුවත් සේවය වාර්තා කළේය.

ඡන්ද දායකයින් අතර දැඩි ලෙස අප්‍රසාදයට පත්වූ රජයේ වියදම් කප්පාදුව සහ බදු ඉහළ දැමීම කැපවීමක් වී ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහන සම්බන්ධයෙන් නැවත සාකච්ඡා ආරම්භ කරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට පෙර පොරොන්දුවක් ලබාදී තිබෙන බවද ආර්ථික විශ්ලේෂකයන් පෙන්වාදී ඇතැයි එම පුවත්සේවය පැවැසුවේය.

එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර වැඩසටහන සහ ණය හිමියන් සමග ඇතිකරගත් ගිවිසුම්වලට නව පරිපාලනය ගරු කාරවි දැයි යන ප්‍රශ්නය මතුකරන බව ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහසවී ඇතැයි බ්ලුම්බර්ග් පුවත් සේවය ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර වැඩසටහනට අදාලව ක්‍රියාත්මක කළ ප්‍රතිසංස්කරණ ඉදිරියටත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් බවත් නව ජනාධිපතිවරයා සහ ඔහුගේ පක්ෂය පුළුල් ලෙස මූල්‍ය අරමුදලේ ආධාර වැඩසටහනට අනුකූලව කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් කොළඹ කොටස් වෙළෙඳපොළේ සභාපති ඩිල්ෂාන් විරසේකර බ්ලූම්බර්ග් රූපවාහිනිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කර ඇත.

කෙසේ නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර වැඩසටහන අවලංගු වීමේ අවදානමක් තිබෙන බවට තමන් විශ්වාස නොකරන බවත් නැවත සාකච්ඡා ආරම්භ කළත් මූල්‍ය අරමුදලේ ආධාර වැඩසටහන විශාල ලෙස වෙනස් කිරීමේ හැකියාවක් නොමැති බවත් වීරසේකර මහතා එහිදී පැවැසුවේය.



අදහස් (2)

ඩොලර් බැඳුම්කර අගය පහත යයි

යකා Monday, 23 September 2024 03:52 PM

පුදන කොටම කාපි යකා කිව්වාලු. අපි බලමු අපේ ආර්ථික ඔස්තාර්ලාගේ අදහස් මේකට දාන.

:       4       10

Prabha Monday, 23 September 2024 04:48 PM

ජාත්‍යන්තරේ කොහොමත් කැමැති ණය ගන්නම බලන් ඉන්න මිනිස්සුන්ට තමයි.

:       3       10

ඔබේ අදහස් එවන්න

දියත

චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 271 0

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 749 0

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 828 0

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 826 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 923 2

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


ලංකාව චීනය අතර සබඳතා ශක්තිමත් වෙයි
2024 සැප්තැම්බර් මස 23 1042 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා තවත් ශක්තිමත් වනු ඇති බවට චීන විශ


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 23516 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23107 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 370 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site