(නිමන්ති රණසිංහ)
වරලත් ගණකාධිකාරිවරයකුගේ ණයකාඩ් පත සොරාගෙන ඉන් රුපියල් 20,000ක ‘සුදුවෙන්න ක්‍රීම්” මිලදී ගත් බව කියන සිංහල ක්‍රීඩා සමාජ මත්පැන් අලෙවි සැලේ (එස් එස් සී ක්ලබ්) වේටර්වරයකු ලබන 20 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (15) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ සිංහල ක්‍රීඩා සමාජ මත්පැන් අලෙවි සැලේ (එස් එස් සී ක්ලබ්) වේටර්වරයකු ලෙස සේවය කරන අයෙකි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුරුදුවත්ත පොලීසියට පැමිණීල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබුණේ වරලත් ගණකාධිකාරිවරයකු වන රනිල් විජේසිංහ මහතා විසින් ඉකුත් 26 වැනිදාය.
තමන් ඉකුත් පෙබරවාරි මස 26 වැනිදා සිංහල ක්‍රීඩා සමාජ මත්පැන් අලෙවි සැලට ගොස් මත්පැන් මිලදී ගත් බවත් එහිදී ගනුදෙනු කළ ණය කාඩ්පත අමතකව ගොස් එය අස්ථාන ගතවූ බවත් පැමිණීල්ල සදහන් කර ඇතැයි කුරුදුවත්ත පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර ඔහුට එරෙහි චෝදනා පත්‍රයක් ගොනු කරන ලෙසට කුරුදුවත්ත පොලීසියට නියෝග කළේය.
ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය
චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්
සිරි දළඳා වන්දනාවේ පස් වැනි දිනය වූ අද දින ද මහනුවර නගරයට අති විශාල ජන ගඟක් ගලා මුළු නගරය පමණක් නොව අවට මාර්ගය නගරයෙන් පිට ප්‍රදේශ සැදැහැවතුන්ගෙන් පිරී
කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ණය කඩ් සොරගෙන සුදුවෙන්න ක්‍රීම් අරගෙන
Prabha Wednesday, 15 March 2023 07:44 PM
පොඩි එකාගේ නම ගම ජාතිය ඔක්කොම කැත නැතුව දෙනවා
පිටිගල මිලානෝ Wednesday, 15 March 2023 09:02 PM
ඉතාලි ප්‍රංශ කොල්ලෝ ආසා අපේ කෙල්ලන්ගේ ඔරිජිනල් පාටට. අපේ කෙල්ලෝ අව්වට පිච්චෙන්න පිච්චෙන්න තවත් ලස්සනයි. ඒත් ලංකාවේ බදින්න ඉන්න කොල්ලාගේ අම්මා හොයන්නේම සුදු කෙල්ලෝ.
Perera Wednesday, 15 March 2023 11:36 PM
වදකහ සුදිය බීපු අයගේ පරම්පරාවේ අයද කොහෙද.