IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


ණය ගැන සාකච්ඡාවට 17 සමුළුවක්

(විමුක්ති එස් රුද්‍රිගු)

චීනය , ඉන්දියාව ,සෞදි අරාබියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු ජී7 සාමාජික රටවල් වල සහභාගීත්වයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ එළඹෙන 17 වැනිදා පැවැත්වෙන ණය  පිළිබඳ වටමේස සාකච්ඡාවට ශ්‍රී ලංකාවද සහභාගී වන බව ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත.

මෙම වටමේස සාකච්ඡාවට ශ්‍රී ලංකාවට අමතරව ණය අර්බුදවලට මුහුණ දී සිටීම හේතුවෙන් ජී20 පොදු රාමුව යටතේ ණය සහන ඉල්ලා ඇති ඉතියෝපියාව, සැමීබියාව සහ ඝානාව යන රටවල්ද  සංවර්ධනය වෙමින් පවතින රටවල් වන සුරිනාමය, ඉක්වදෝරයද සහභාගී වන බව ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබේ.

මෙම වටමේස සාකච්ඡාවේ සම සභාපතීත්වය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ජී20 කණ්ඩායමේ ප්‍රධානීත්වය දරණු ඇත.17 වැනිදා වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන වටමේස සාකච්ඡාවේ මුහුණට මුහුණ පැවැත්වෙන සාකච්ඡාව එළඹෙන 25 වැනිදා පැවැත්වෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ආරංචි මාර්ග පෙන්වා දී තිබේ.

ජී20 සමුළුවේ මූල්‍ය නිලධාරීන් ගේ රැස්වීමක් ඉන්දියාව එළඹෙන 23 සිට 25 දක්වා පැවැත්වීමට නියමිත අතර මෙම වටමේස සාකච්ඡාව ඊට සතියකට පෙර පැවැත්වේ.ලබන වසරේ ජී20 සමුළුවට නායකත්වය ලබා දෙන බ්‍රසීලයද මෙම සාකච්ඡාවට සහභාගී වන බව ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත.මෙම වටමේස සාකච්ඡාව එළඹෙන 17 වැනිදා පැවැත්වෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද තහවුරු කර තිබේ.

වටමේස සාකච්ඡාව පැවැත්වීමේ අරමුණ ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගතකරණයට සම්බන්ධ ප්‍රධාන පාර්ශවකරුවන් වන සම්ප්‍රදායික ණය හිමියන්ගේ සිට ධනවත් ආර්ථිකයන් හිමි නව ණය හිමියන් මෙන්ම ණය අර්බුදයකට මුහුණ දී සිටින රටවල් සහ පුද්ගලික අංශය එක් ස්ථානයකට රැගෙන ඒම බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇත.

පළමුවෙන් වසර දෙකකට පෙර ණය සහන ඉල්ලු සැමීබියාවේ සාකච්ඡා මන්දගාමී වීම හේතුවෙන් වැඩෙමින් තිබෙන කලකිරීම් මධ්‍යයේ මෙම වටමේසය නිර්මාණය වී තිබේ.



අදහස් (3)

ණය ගැන සාකච්ඡාවට 17 සමුළුවක්

Bandara Tuesday, 14 February 2023 12:34 PM

G7 කණ්ඩායමට දකුණු ආසියාවෙන් එක්වූ පලමු රට බවට ලංකාව පත්වීම අප සැමට සතුටු විය හැකි කාරනයක්. මේ රට පාලනය කල සියලුම දේශපාලනඥයන්ට ස්තුතියි

:       3       1

Hafeel Tuesday, 14 February 2023 12:44 PM

කණගාටුයි දැන් ලංකාව වැටී ඇති මට්ටම. දැන් ලංකාව ලැයිස්තු ගත කරලා තියන්නේ ඉතියෝපියාව, සැමීබියාව සහ ඝානාව යන රටවල් සමග. ඒ දවස්වල අපි දුප්පත් රටවල් හැටියට උදාරනයට ගන්නේ එම රටවල්. දැන් අපිත් එම ලැයිස්තුවට ඇතුලත් වෙලා. මම නම් කියන්න නැහැ 75 අවුරුද්දේ සාපය කියලා. මම කියන්නේ 46 අවුරුද්දේ සාපය කියලා . මොකද්ද 1977 ජේ ආර් ගේ 77 ව්‍යවස්ථාවෙන් තමයි රටේ විනාශය පටන් ගත්තේ.

:       3       6

ගලපර Tuesday, 14 February 2023 01:09 PM

JR උන්නැහැ මේ ජනාධිපති ව්‍යවස්ථාව ගේන වෙලාවෙ NM සහෝදරයා කිව්වා මේ ජනාධිපති පුටුවෙ කපටි උන්මත්තකයෙක් වාඩිවුනොත් රට අගාධයෙන් අගාධයට ගිහිල්ල බලය අයුතු විදිහට පාවිච්චි කරලා මිනිසුන්ට යන එනමන් නැතුව විනාශ වෙයි කියලා ..ඒ ව්‍යවස්ථා හිලෙන් රින්ගලා ජනවරමක් නැතුව රටේ සමස්ත ජනතාවටම එලෝ එලෝ අද ඇතිවෙන්න දෙනවා .NM සහෝදරයගෙ කටේ මසුරන් දාන්න වටිනවා .අද මුලු රටම අනාතයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 496 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 3280 22

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 1280 2

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 556 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 3556 2

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2649 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 317 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 606 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1750 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site