(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවා ගත නොහැකවූ පවුල් වල කාන්තාවන් දෙසීයකට වැඩි පිරිසක් පසුගිය වසර තුනේදී සියදිවි හානි කරගෙන ඇති බවට තොරතුරු වාර්තාවන්නේ යැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පාර්ලිමේන්තුවේදී අද (12) පැවසීය.
"තත්වය මේක නම් මේකද අපි හදපු ආර්ථිකය" යැයිද ඔහු ප්‍රශ්න කළේය.
මන්ත්‍රීවරයා මෙසේ පැවසූවේ මූල්‍ය ණය ප්‍රශ්නය පිළිබඳ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව පිළිබඳ විවාදයේදීය.
ගාමිණී වලේබොඩ මහතා මෙසේද පැවසීය.
ණය මහත්තයා ගෙදරට එනකොට අපේ මහත්තයා ගෙදරින් එළියට යනවා. ණය මහත්තයා වාරික එකතු කරන්න එන දිනය මට කලින් දැනුම් දෙනවා. මම ඒ බව මගේ මහත්තයට කියනවා. ඉතිං එයත් බිම බලාගෙන ගෙදරින් පිටවෙලා යනවා. වාරික පහක්ම ගෙව්වෙ ඒ විදිහට තමයි. මොකද වුණේ කියලා අපි දෙන්නටම හිතා ගන්නවත් බැහැ.ඒ තරමටම ක්ෂුද්‍ර මූල්‍ය ණය පීඩනය අපි විනාශයට පත්කරලා.
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර
රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ණය ගෙවා ගන්න බැරුව කාන්තාවෝ 200ක් සියදිවි හානි කරගෙන
සුපුන් චාමර Friday, 12 January 2024 03:26 PM
ඔබතුමාලාම තමයි ඉතින් වගකියන්න ඕනෑ. 225න් එක්කෙනෙක්නේ... අපෙන් අහලා වැඩක් නෑ...!
Muthu Friday, 12 January 2024 03:29 PM
ඔය කතාව අසත්‍යයක්... ඔය අර කෙනාගේ දේශනා අහපු මිනිස්සු... කවුරුවත් ලංකාවේ ආර්ථික ප්‍රශ්න නිසා දිවි හානිකර ගන්නේ නෑ. මොකද හැම දෙනාටම අර මුහුදේ පාටිදාන ඇමැතියෝ වගේ ජොලියේ ඉන්නේ...!
Perera Friday, 12 January 2024 03:59 PM
ඔය කට්ටියගෙන් වැඩි දෙනෙක් පොහොට්ටුවට ඡන්දෙ දීපු අය...
abaran Friday, 12 January 2024 04:01 PM
දැන් ඔය වංශත් 2005 ඉඳලාම (2015- 2019 හැර) ඇමැති කෙනෙක් නේද? ඉතින් ඔය කතාව ඉස්සරවෙලාම ඔහේගේ නායකයාට කියන්නකෝ. අනේ මේ නිකන් යන්න මහත්තයෝ යන්න. තවත් සිල්ලර දේශපාලකයෙක් විතරයි.
Chandanie Friday, 12 January 2024 05:55 PM
ඉතින් වලේ මහත්තයෝ ඔහේලාම නේද නයි නටවමින් කියත්මගේ නායකයෝ හැටියට 2019 ගෝඨාභය අරගෙන ඇවිල්ලා රටේ ඔය තත්වය ඇතිකළේ..! ඉතින් ඔහේ දැන් ඔහොම කියෙව්වාට රත්නපුර දිස්ත්‍රික්කයේ කියත්මගේ නායකවුනේ ඔහේම තමයි... ඔහේලාට ගමේ මට්ටමේ අය උදව්වට හිටියා... දැන් අපිට මොත්තේ දාන්න එපා මහත්තයෝ... අනුන්ගේ ඇහේ පොල් කෙන්ද අදින්න ඉස්සර ඔහේගේ ඇහේ ගහගෙන සිටින පරාලය අයින් කළොත් හොඳයි...!