IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


’’ණය ගෙවීමට කිසිම ප්‍රශ්නයක් නෑ’’

(සුජිත් හේවාජුලිගේ )

විදේශයන්ගෙන් ගත් ණය මුදල් හා ඒවායේ පොලිය ගෙවීමට කිසිදු ගැටළුවක් නැති බවත් මේ මාසය අවසානයේදී ඒ මුදල් ගෙවීමට රජය සියලු කටයුතු සූදානම් කර ඇති බවත් මුදල් ,ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

ශ්‍රී ලංකාවට ණය ගෙවා ගත නොහැකිව ඇතැයි විපක්ෂය ජාත්‍යන්තරයට නරක පණිවිඩයක් යවමින් සිටින බව පැවසූ මුදල් රාජ්‍ය ඇමැතිවරයා ඔවුන් ඒ කරන්නේ ඉතාම කැත වැඩක් බවද ප්‍රකාශ කළේය.

විපක්ෂය ඒ කතාව කියන්නේ මෙරටට ඒමට බලාපොරොත්තුවෙන් සිටින ආයෝජකයන් අධෛර්යමත් කිරීමට යැයිද ඔහු කීය.

විපක්ෂය මේ ප්‍රකාශ කරන්නේ අසත්‍ය කතාවක් බවත් වත්මන් රජය හැම ණය මුදලක්ම කලට වේලාවට ගෙවා ඇති බවත් කබ්රාල් මහතා පැවසුවේය.

කවුරු කුමක් පැවසුවත් ණය ගෙවීමට රජයට හැකියාව තිබෙන බව පැවසූ ඒ මහතා රටට එරෙහිව එවැනි ද්‍රෝහී ප්‍රකාශ කිරීමෙන් වළකින්නැයි තමා විපක්ෂයෙන් ඉල්ලා සිටින බවද සඳහන් කළේය.

කෙසේ වෙතත් ඩොලර් සොයා ගැනීමට කිසියම් ගැටලුවක් තිබෙන බව පිළිගන්නේ යැයිද පසුගිය රජය වත්මන් රජයට බාර දුන්නේ ඇමරිකානු ඩොලර් බිලියන හතක විදේශ සංචිතයක් පමණකැයිද ඔහු කීවේය.

කොවිඩ් වසංගතය හමුවේ ආර්ථිකමය වශයෙන් පීඩනයක් තිබෙන බවත් පීඩනයට මුහුණ දෙමින් රජය ඒ ගැටලුකාරී තත්වය කිසියම්වූ ආකාරයකට පාලනය කරගෙන ඇති බවත් අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය

අර්බුදයක් පවතිද්දී වාහන ආනයනය හැරෙන්නට අනෙක් සියලු කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවද මුදල් රාජ්‍ය ඇමැති වරයා ප්‍රකාශ කළේය.

රට සාමාන්‍ය තත්වයේ පැවති කාලයේදී සංචාරක කර්මාන්තයෙන් රුපියල් කෝටි 400කට වැඩි මුදලක් ලැබුණු බව කී කබ්රාල් මහතා දැනට එම ආදායම රුපියල් කෝටි 50ක් දක්වා පහත බැස ඇතැයිද අනාවරණය කළේය.

 



අදහස් (5)

’’ණය ගෙවීමට කිසිම ප්‍රශ්නයක් නෑ’’

වර්ණකුලසූරිය Friday, 02 July 2021 09:06 PM

ප්‍රශ්නයක් නැති නම් හොදයි. ඔබතුමා කව්ද කියලා දන්න ජනතාවක් රටේ ඉන්නවා.

:       41       259

විජිත් Saturday, 03 July 2021 08:20 PM

රටේ අවාසනාවට යක්ෂයා විසින් එවන ලද මොලයක් නැති කෙනෙක්. නොදෝමකින්...

:       16       127

Andrew Dias Monday, 05 July 2021 05:18 AM

ඒකද බංග්ලාදේශයෙන් සල්ලි ගන්නේ..?

:       1       39

සෙනෙවිරත්න Monday, 05 July 2021 07:07 AM

ප්‍රශ්නයක් නැත්නම් ප්‍රශ්නයක් නැහැ. ඒත් අපට එහෙම දැනෙනවා. ඔබතුමා කිව්වේ ජීඑස්පී එක නැතත් ප්‍රශ්නයක් නැහැ කියලා... 2011 සංඛ්‍යා ලේඛන ටිකක් පෙන්නුවේ.. අන්න එහෙම එන්න.. අනෙක ⁣විපක්ෂය නොවෙයි, රට කරන්නේ ඔබතුමාලා.

:       1       7

duminda Monday, 05 July 2021 03:33 PM

ඔයාට ප්‍රශ්නයක් නෑ කියලා අපි දන්නවා..

:       1       30

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

දේශබන්දුට ඇප
2025 අප්‍රේල් මස 10 38 0

වැලිගම හෝටලයක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමේ සිද්දිය සම්බන්යෙන් රිමාන්ඩ් ගතව සිටි අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා රුපියල් ලක


ජේ.ආර් - ප්‍රේමදාස පාලනය වයස 14ට අඩු තරුණයන් 44 ක් මැරුවා
2025 අප්‍රේල් මස 10 199 0

අවුරුදු 14 ට අඩු තරුණයන් 44 දෙනෙක් ම්ලේච්ඡ ජේ.ආර් - ප්‍රේමදාස පාලනය විසින් ඝාතනය කර තිබෙන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා


’’ආණ්ඩුව රනිල්ට අත තියන්නේ නෑ’’
2025 අප්‍රේල් මස 10 235 0

ආණ්ඩුව රනිල්ගේ නම පාවිච්චි කර එතුමාට ප්‍රහාරයක් එල්ල කරන්න නාට්‍යයක් දැම්මට රනිල්ට අතවත් තියන්නේ නැතැයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා


මෙරට සුන්දරත්වය විඳින්න දින හයට තිස්අට දහසක් ඇවිත්
2025 අප්‍රේල් මස 10 228 0

මෙම මාසයේ ගතවූ දින 6 තුළ සංචාරකයන් 38,615 ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තා පවසයි.


ආණ්ඩුවට ලැබී තියෙන්නේ වරමක් නොව දඬුවමක්
2025 අප්‍රේල් මස 10 406 3

ආණ්ඩුවට ලැබී තිබෙන්නේ ජනවරමක් නොව දඬුවමක් යැයි අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා:- (ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.


නීතීවිරෝධිව ගෙන ආ භාණ්ඩ ගුවන්තොටේ හිරවෙයි
2025 අප්‍රේල් මස 10 216 0

රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් වටිනා පරිගණක , ජංගම දුරකථන සහ සපත්තු තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 44 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 318 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 890 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site