IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


‘ණය ගෙවමින් යන්න අපට ශක්තිය,ඥානය තිබෙනවා ‘

(අංජුල මහික වීරරත්න)

ණය කළමනාකරණය කර ගනිමින් ඉදිරියට යාමට ශ්‍රී ලංකාවට ශක්තිය සහ ඥානය තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

දේශගුණික විපර්යාසවලට මුහුණදීමේ දී අප්‍රිකාවේ අඩු ආදායම්ලාභී රටවල ණය සම්පූර්ණයෙන් අහෝසි කළ යුතු බව ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය බවද ජනාධිපතිවරයා කීය.

ශ්‍රී ලංකාවට එවන් සහනයක් අවශ්‍ය නොවන අතර ණය කළමනාකරණය කර ගනිමින් ඉදිරියට යාමට ශ්‍රී ලංකාවට ශක්තිය සහ ඥානය තිබෙන්නේ යැයි ජනාධිපතිවරයා පැවසීය

.කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවති 2024 ජනාධිපති පරිසර සම්මාන උළෙල අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.



අදහස් (16)

‘ණය ගෙවමින් යන්න අපට ශක්තිය,ඥානය තිබෙනවා ‘

සෙනෙවිරත්න Friday, 28 June 2024 03:28 PM

ණය ගන්නනකොට ඔය ඥාණය පස්ස පැත්තෙද තිබුනෙ? ඥාණය පහල වෙලා තියෙන්නෙ නහර පන නැතිවෙලා ඇස් කන් අවනත නැති උනහමයි.

:       134       40

Rata Perata Friday, 28 June 2024 04:15 PM

ඒක ඔයා ඔප්පු කරලා තියෙනවා අවුරුදු 40 ගාණක් තිස්සේ බලයේ ඉඳලා. ඒක ඇත්තද? නැද්ද? කියලා ඔප්පු කරලා තියෙනවා.. ජනතාව ඔයා ගෙදරම යවලා... දැන් ඉතින් සීයේ ඔය ශක්තිය, ඥාණය ගැන දොඩවන්නේ නැතිව ඉන්න.

:       126       28

විජිත් Friday, 28 June 2024 04:39 PM

නාකි හපුයියා කියනවා අප්‍රිකාවේ රටවල ණය අහෝසි කරන්නලු , ඒ වගේම අපේ රටේ ණය අහෝසි කරන්න එපාලු ..ඒවා ගෙවන්න අපිට ඥානය තියෙනවාලු.ඥානය තියෙන උන් තමයි මේ රට නැත්තටම නැතිකලේ. ඇට්ටර වැඩවලට ඕනෑවටත් වඩා ඥානය තියෙනවා..මහා බැංකුව කඩන්න...මිනී මරන්න ඥානය හෝ ගාලා වැක්කෙරෙනවා.

:       120       37

පිටරටවැසියා Friday, 28 June 2024 04:46 PM

පින් ඇති ජනපතිතුමෝ, ශක්තිය සහ ඥානය වැඩිපුරම තියෙන්නේ, හොරකමට, වංචාවට දුෂණයට...ඒ මදිවට ඔය කියන ශක්තිය සහ ඥානය එන්න එන්නම වර්ධනය වෙනවා හොරකමට, වංචාවට දුෂණයට...

:       113       36

මහබැංකුව Friday, 28 June 2024 04:48 PM

විජිත්ට පුළුවන්ද මහබැංකුව කඩපු හැටි නොදන්න අපිට පැහැදිළි කරදෙන්න.

:       29       128

NandanaFriday, 28 June 2024 05:03 PM

පඩි වැඩිකර ගත්තු හැටි පොඩ්ඩක් කියලා ඉන්නවද බැංකුව ඊට කලින්? එතකොට ඔහේලාගේ අරමුදලට 29% යි අපිට 9% දීපු හැටිත් කියනවාද?

:       112       23

අරවින්ද මොනරවිල Friday, 28 June 2024 05:34 PM

2015 සිරිසේන කියන මුඩුමයාව අපි ජනාධිපති කෙරුවාම ඒ පිහිටෙන් මෙයා අගමැති වුණා. එහෙම අගමැති වෙලා රටේ නම ගිය හොරු රැසක් කැබිනට් එකට දාගෙන මෙයා මෙයාට ඕනෑ විදියට රට පාලනය කරන්න පටන් ගත්තා. ඒ අතරේ මුදල් අමාත්‍යංශය යටතේ අවුරුදු හැට ගණනක් තිබුණු ශ්‍රී ලංකා මහ බැංකුව ගැසට් එකක් ගහලා මෙයා ඒක තමන් යටතට ගත්තා. එහෙම අරගෙන එයාගේ සිංගප්පූරුවේ හිටිය යාළුවෙක් වෙන අර්ජුන මහේන්ද්‍රන්ව කියන බැංකු හොරාව ලංකාවට ගෙන්වලා මහ බැංකුව අධිපති කෙරුවා. මිනිහා එයාගේ බෑණා වන අර්ජුන ඇලෝසියස් එක්ක එකතුවෙලා මහ බැංකුවට වැඩේ දුන්නා. ඔයාට වැඩි විස්තර අවශ්‍ය නම් බන්දුලව හරි දිනේෂ්ව හරි හමුවෙන්න...

:       120       18

Saman Friday, 28 June 2024 05:04 PM

ණය ගන්නකොට ඒවා කෙරෙන්නේ හොර රහසේ, ගෙවන්න බැරිවෙනකොට තමයි ජාතිය අමතලා ඒක රටේ මිනිසුන්ගේ ඇඟේ ගහන්නේ...

:       112       29

නිහාල් Friday, 28 June 2024 05:05 PM

මෙතුමාට දැන් 75 පැනලා. ණය ගෙවිල්ල කොහොම වෙතත් එක තැනක කියන දේ තව තැනකට යද්දී අමතකයි. අනේ අපිට දෙවි පිහිටයි.

:       96       28

චන්දිම Friday, 28 June 2024 05:53 PM

ඇත්තටම රනිල් ඔයාට ඔය ගිවිසුම් ගහන්න අතට අත දෙන්න පිටරට ලොක්කෝ එක්ක සතුටු සාමීචි දාන්න පුළුවන් බව ඇත්ත. ඒත් ඔයාට ආර්ථිකයක් කළමනාකරණය කරගෙන යන්න තරම් දැනුමක් නැහැ. මොකද ඔයාට පුළුවන් වුණාද අර ගාමිණි ලලිත් වගේ එදා දීපු මොනවා හරි වැඩක් ඉවරෙටම ඉවර කරලා ප්‍රථිඵල පෙන්වන්න... නැහැනේ. කොච්චර අගමැති කම් කළත් රටක් සාර්ථක කරන්න බැරි වුණානේ. ඔයා දන්නා එකම දේ රටේ සම්පත් ටික කාට කාට හරි විකුණලා ඒ සල්ලිවලින් මොන මොනවා හරි ටිකක් කරලා ඡන්දෙන් පැරදෙන්න. ඒක තමයි ඔයාගේ මොඩල් තියරිය... මතකද ඒ දවස්වල ඔයාගේ පුරෝහිතයා අර චෝක්ෂිය එහෙම. බලන්න හම්බන්තොට වරාය වික්කා. රටට සත පහක සෙතක් වුණාද? නැහැ... දැන් ඊළඟට රටේ තියෙන ආයතන ඉඩකඩම් හැමදේම අන් රටවල් සතු කරලා සල්ලිත් ඉවර කරනවා. අනාගත දරුවන් කියලා ජාතියක් ඉන්නවා.. ඔවුන්ට මොකවත් සම්පත ඉතුරු කරන්නේ නැහැ. ඔයාට ඉන්නේ අර කට්ට වජිරයා, අකිලයා, ආශුව, රන්ගේ බණ්ඩා වගේ වැඩකට නැති ගෝලයෝ ටිකක්, පොහොට්ටුවෙන් හැලෙන අපතයින්, සජබෙන් පැනලා එන අවස්තවාදීයෝ ටිකක් නේද? ඔයා ආවොත් රටට මොනවා වුණත් ගාණක් නැතුව බැටන් පාර කඳුළු ගෑස් වෙඩි තිය තියා රට ඔහේ ඇදන් යාවි තිබ්බාටත් වඩා අගාධයට තමයි අන්තිමට යන්නේ...!

:       108       15

රංබොඩ Friday, 28 June 2024 06:22 PM

මොකක් හරි අටවලා මාරු වෙලා යයි. ඊළඟට එක එකා ඉවරයි. එයාත් හොරෙක් හෝ තක්කඩියෙක් වුණොත් එයා කරන්නේත් යාලුවෝ සහ නෑදෑයින් සනසලා රටම රවටලා යන එක. හරි කෙනෙක් ආවොත් ණය ගෙවන්න තියෙන නිසා අපහසුතා රැසක් මතුවෙනවා. එතකොට නැවත වැඩ වර්ජන රැල්ලක් මතුවෙලා රටම විනාශවෙලා යනවා. මිනිසුන් තමන්ගේම කටේ පස් දමාගන්නවා...

:       108       14

ගමේ එකාලා Friday, 28 June 2024 06:30 PM

වසර 40කටත් වැඩි කාලයක් දේශපාලනේ කරපු, විපක්ෂ නායකයා වෙලා හිටපු, පස් වතාවක් අගමැති වෙලා හිටපු, පින් ජනපතියාට ගණදෙවි නුවණ පහළ වෙලා.. මොකද හොරේ කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ ?

:       104       12

චතුරි Saturday, 29 June 2024 07:55 AM

මේ ණය ගෙවන්නේ අසරන ජනතාව මිසක් තමන් ඇතුළු රැල නෙමේ.. මොවුන්ගේ පව් අසරණ ජනතාව නොකා නොබි වන්දි ගෙවනවා ඔබලාට. බරපතල වැඩ සහිත හිර දඬුවම් ලබා දෙනවාමයි. ඔබලාට හෙන ගහන්න ඕනෑ...

:       1       2

විපරමා Saturday, 29 June 2024 03:14 PM

මොලේ උඩ ඉන්න වහල්ලු අන්ලයික් දාලා? එතුමාගේ දේශපාලනික කෙරුවාවල් ගැන අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...

:       1       4

chinthana Saturday, 29 June 2024 04:00 PM

ටොන් ගණන් අන්ලයික් දමන අමන අසුචි කන, මිනිස් හැඟීමක් නැති, ගිය ආත්මයේත්, මීළඟ ආත්මයෙත් පෙරේතයන්වෙලා උපදින නරුමයෝ වගයක් ඉන්නවා. නමුත් ඔවුන් අන්ලයික් කළාට රටේ ජනතාව දන්නවා මේ කියන බැංකු හොරා ගැන...

:       1       4

චන්දන Saturday, 29 June 2024 07:39 PM

සල්ලි ගෙවලා අන්ලයික් දාපුවගේ ප්‍රතිඵල ඡන්දෙදී පෙනෙයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2525 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1681 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2421 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 573 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3329 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37187 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24495 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 190 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 630 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 239 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site