IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


ණය ප්‍රතිව්‍යුහගත මෙහෙයුම් ගැන ජනපති කාර්යාලයෙන් නිවේදනයක්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මෙහෙයුම් සඳහා ණය හිමියන්ගේ ඉහළ සහභාගීත්වයේ දැඩි අවශ්‍යතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF)  අවධාරණය කර ඇතැයි ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

 එය රටේ අපේක්ෂිත ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ සාර්ථකත්වය සඳහා අත්‍යවශ්‍ය පියවරක් වන බව ද මූල්‍ය අරමුදල අවධාරණය කර තිබෙන බවද ජනාධිපති කාර්යාලය කියයි.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

නොවැම්බර් 26 වැනි දා මූල්‍ය ප්‍රජාවේ සාමාජිකයින් අමතමින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජොර්ජිවා මහත්මිය ණය ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය අනුව ශ්‍රී ලංකාව මෙතෙක් ළගා කරගත් ප්‍රගතිය සහ තිරසාර ණය මට්ටම් සාක්ෂාත් කර ගැනීම සඳහා දැක්වූ සාමූහික ප්‍රයත්නය පෙන්වා දෙමින් ප්‍රකාශයක් නිකුත් කළාය.

ශ්‍රී ලංකා බලධාරීන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදෙල්  සහාය ඇතිව ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක කර ඇති අතර, එය ණය තිරසාරභාවය සහ බාහිර ශක්‍යතාව යථා තත්ත්වයට ගෙන ඒම, පුළුල් සාර්ව ආර්ථික ප්‍රතිසංස්කරණවලට සහාය වීම සහ ආර්ථික පාලනය සහ විනිවිදභාවය ශක්තිමත් කිරීම ආදිය අරමුණු කර ගෙන ඇති බවද ජෝර්ජිවා මහත්මිය පැවසීය.



අදහස් (0)

ණය ප්‍රතිව්‍යුහගත මෙහෙයුම් ගැන ජනපති කාර්යාලයෙන් නිවේදනයක්

ඔබේ අදහස් එවන්න

දියත

පුංචි ඡන්දයේ දිනය ලඟදීම
2024 නොවැම්බර් මස 27 6 0

ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි දින වකවානු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව ඊයේ(27) සාකච්ඡා කර ඇත.


‘වත්මන් රජය වික්‍රමසිංහ අඩිපාරේ යනවා‘
2024 නොවැම්බර් මස 27 236 0

ජනතා හිතවාදී නව අයි එම් එෆ් වැඩපිළිවෙළකට යන බව පැවසූ වත්මන් රජය ජනවරම විසිකර රනිල් වික්‍රමසිංහගේ අඩිපාරේ යමින් සිටින බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නා


කෝටි 7 කොල්ලයේ ප්‍රධාන සැකකරුවෝ මාට්ටු
2024 නොවැම්බර් මස 27 448 0

මිනුවන්ගොඩ රුපියල් කෝටි 7- 1/2 කොල්ලයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාළු නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විම


කාර්තිවු ගසාන ගිය සිසුන් 4 කගේ සිරුරු සොයා ගැනෙති
2024 නොවැම්බර් මස 27 1336 2

කාර්තිව් - මාවඩිපල්ලිය ප්‍රධාන මාර්ගයේදී සැඩ පහරට අසුව ගසාගෙන ගොස් අතුරුදන් වූ සිසුන් හය දෙනාගෙන් සිව් දෙනකුගේ සිරුරු මේ වන විට සො බව කාර්තිව් පොලිසි


ලංකාවට ඕන වෙලාවක උදව් කරන්න කැමති බව ඕස්ට්‍රේලියාව කියයි
2024 නොවැම්බර් මස 27 413 0

අල්ලස් දූෂණ වලින් තොර නව රජයේ වැඩපිළිවෙළ ආයෝජකයින් ආකර්ෂණය කරන බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් (Paul Stephens) මහතා ප්‍රකාශ කළේය.


නැ‘හිර මුස්ලිම් පාසල් දින දෙකක් වහයි
2024 නොවැම්බර් මස 27 103 0

පවතින අයහපත් කාලගුණය සැලකිල්ලට ගෙන නැගෙනහිර පළාතේ මුස්ලිම් පාසල් සඳහා හෙට (28) හා අනිද්දා (29) නිවාඩු ලබා දුන් බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය කියයි .


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 765 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2145 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site