චීනය සම්බන්ධ ණයවර ලිපියට අදාල ගෙවීම් සිදුකිරීම තාවකාලිකව අත්හිටුවා ඇත්තේ අදාල ගණුදෙනුව සම්බන්ධයෙන් කොළඹ වාණිජ මහාධිකරණය නිකුත් කර ඇති වාරණ නියෝගයක් හේතුවෙන් යැයි මහජන බැංකුවේ අලෙවිකරණ දෙපාර්තමේන්තුව පවසයි.
එම නීතිමය බාධක ඉවත් කළ පසු සාමාන්‍ය වෙළඳ පරිචයන් අනුව ණයවර ලිපි සඳහා ගෙවීම් කඩිනම් කරන බවත් මහජන බැංකුවේ අළෙවිකරණ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ණයවර ලිපියක් සඳහා ගෙවීම් නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආර්ථික සහ වාණිජ උපදේශකවරයා විසින් මහජන බැංකු අසාදු ලේඛණගත කිරීම පිළබඳව අවධානය යොමු කර ඇති බව කියන මහජන බැංකුවේ අළෙවිකරණ දෙපාර්තමේන්තුව එම ණයවර ලිපියට ගෙවීම් ප්‍රමාදයට එකම හේතුව වගකිවයුතු ආයතනික පුරවැසියෙක් ලෙස මෙරට අධිකරණ නියෝගවලට අනුකූලව කටයුතු කිරීමට මහජන බැංකුව බැදී සිටින බැවින් යැයි ද එම නිවේදනය මගින් සඳහන් කරයි.
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
ශ්රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි
රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
‘‘ණයවර අත්හිටුවා ඇත්තේ අධිකරණ නියෝගයකට අනුවයි‘‘
සමිත සේනක අලුත්ගමගේ. Friday, 29 October 2021 05:11 PM
අපේ රටේ අධිකරණ තීන්දු ගන්න චීනාට ඕනෑ විදිහට බැහැ. චීනයෙන් බ්ලැක් ලිස්ට් කළාට අසූචි මිශ්‍ර පොහොර නැවේ කතාව කාටත් රහසක් නොවේ. මේ බ්ලැක් ලිස්ට් කෙරිල්ල කුමක් නිසාද යන්න දන්නෝ දනිති. මේ චීනා මේ දඟලන්නේ අපිව බයකොට අසූචි මිශ්‍ර කොම්පෝස්ට් පොහොර නැව් ගණන් ගෙනැවිත් මේ රටේ පුරවන්න...
fairoosSunday, 31 October 2021 12:57 PM
ඒවා කොහේද අපේ සර් එක්ක..?
ranjan Friday, 29 October 2021 06:14 PM
දැනටම පේනවා නේද අනවශ්‍ය බලපෑම් කරන ආකාරය... තව තියෙන රටේ සම්පත් ටික දුන්නාම අනාගත දරුවන්ට මොනතරම් කරදර ඇතිවෙයිද? දැන්වත් බුද්ධිමත්ව හිතන්න.
kamal Friday, 29 October 2021 06:38 PM
මේ රටේ නීතියට අභියෝග කිරීමට චීන සමාගමකට හා චීන තානපති කාර්යාලයට හයියක් ලැබුනේ කෙසේද යන්න සොයා බැලිය යුතුය. එසේම නිරෝධායන සහතිකය නැතිව ණයවර ලිපිය විවෘත කිරීමට අනුමැතිය දුන්නේ කවුරුන්ද යන්නත් සොයා බලා රට දැනුවත් කරන්න.
ගොවිරාළ Friday, 29 October 2021 09:32 PM
ඒ කියන්නේ ගෙනාපු චීන අසූචි වල මොනවා තිබුණත් අධිකරණ නියෝගය නැත්නම් ගෙවීම් කරලා මිලදී ගන්නවා කියලා නේද?
Demuni Uduwara Saturday, 30 October 2021 03:12 AM
නීතියට උඩින් කවුරුවත් නැහැ...
Perera Saturday, 30 October 2021 10:03 AM
ඕවා කියන්න චීන තානාපතිටයි... චීන ආණ්ඩුවටයි...