(ෂේන් සෙනෙවිරත්න)
අරුප්පොළ තාක්ෂණ කාර්මික විද්‍යාලයේ අධ්‍යක්ෂකවරයාට මැර කණ්ඩායමක් පහර දීමේ සිද්ධියට නිසි විනය ක්‍රියාමාර්ග නොගත්තා යැයි පවසමින් එම කාර්මික විද්‍යාලයේ සිසු සිසුවියෝ ,ගුරුවරු ඇතුළු දහසකට අධික පිරිසක් අරුප්පොළ සිට පෙළපාලියකින් පැමිණ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට පැය දෙකකට ආසන්න කාලයක් උද්ඝෝෂණයේ නිරත වූහ.
ඔවුන් එහිදී පවසා සිටියේ අරුප්පොළ තාක්ෂණ විද්‍යාලයට අයත් ඉඩමක් පිටස්තර පිරිසක් අත්පත් කරගෙන සිටින බවත් එම ඉඩම සම්බන්ධයෙන් ඇති වූ මතභේදයකදී තාක්ෂණ විද්‍යාලයේ අධ්‍යක්ෂකවරයාට මැර පිරිසක් විසින් පහර දී ඇති බවයි .
එම මැර පිරිසට පාදේශීය ලේකම්වරයකු ඇතුළු රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනකු සහාය දක්වන බවට විරෝධතාකරුවෝ චෝදනා කළහ.
විරෝධතාවයට එක් වී සිටි පිරිසේ කීපදෙනකු මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා හමුවී ලිපියක් භාර දීමෙන් අනතුරුව පිරිස විසිර ගියහ .
ශ්රී ලංකා පුවත්පත් මණ්ඩලයට සභාපතිවරයෙක් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් තිදෙනෙක් පත් කරනු ලැබ සිටිති.
ඇතැම් රක්ෂණ සමාගම් හදිසි අනතුරු රක්ෂණ වන්දි නියම තක්සේරු වටිනාකමට ගලපා ලබාදීම පැහැර හරින තත්වයක් පවතින බව රක්ෂණ ප්‍රතිලාභීහු රජයට පෙන්වා දෙති.
සබරගමු පළාත් සභාවට අදාල ව්‍යාපෘති 77 කට අදාලව රුපියල් 71,645,226.32 ක සාවද්‍ය පරිහරණය කිරිම සම්බන්ධව ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු නිධාරීන් කිහිප දෙනකු ම
පොලිස්පති ටී. එම්. ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා සිය තනතුරින් ඉවත් කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත් කළ යුතු බවට වන යෝජනාව අප්‍රේල් 8 වැනිදා සම්මත කිරී
පාරිභෝගික ජනතාවට හිඟයකින් තොරව සහල් ලබා දීම අරමුණු කර ගෙන ඉදිරියේදී සහල් ආනයනය කිරීමට ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව නිර්දේශ කර තිබේ.
දෙහිවල කළුබෝවිල ශ්‍රී වන රතන පාර කෝටිපති ව්‍යාපාරික නිවසකින් රුපියල් එක් කෝටි දාහත් ලක්ෂයකට අධික වටිනා රන් ආභරණ සොරාගත් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බ
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
තාක්ෂණ කාර්මික සිසුන් විරෝධයේ