IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


තෑගි ලැබුණු ඖෂධ - උපකරණ වරායේ හිරවෙලා

(යොහාන් භාසුර)

ඇමෙරිකාව සහ ඕස්ටේ්‍රලියාව යන රටවලින් මෙරට රජයේ රෝහල්වලට පරිත්‍යාග කළ ඖෂධ සහ උපකරණ අඩංගු කන්ටේනර් දෙකක් රාජ්‍ය ඖෂධ නියාමන අධිකාරියේ (එන්.එම්.ආර්.ඒ.) නොසැලකිල්ල හේතුවෙන් දින ගණනාවක් තිස්සේ කොළඹ වරායේ සිරවී ඇති බව කොළඹ ජාතික රෝහලේ රෝහල් සේවා මණ්ඩලයේ අධ්‍යක්‍ෂ රජවැල්ලේ සුභූති ස්වාමීන්වහන්සේ පැවසූහ.

මෙම කන්ටේනර් දෙක නිදහස් කරගැනීමට අදාල බලධාරීන් සහ සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ ද පළක් නොවූ බවත් රාජ්‍ය ඖෂධ නියාමන අධිකාරිය රජයට හෝ සංවිධානවලට ලැබෙන පරිත්‍යාගවලට අනුමැතිය නොදීමෙන් විශාල මුදලක් ප්‍රමාද ගාස්තු ලෙස ගෙවීමට සිදුව ඇති බවත් ස්වාමීන්වහන්සේ කීහ.

ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ප්‍රමාද වීමෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට ද විශාල වශයෙන් ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවන බව කී රජවැල්ලේ සුභූති ස්වාමීන්වහන්සේ පැවසුවේ මහජන මුදල් එසේ නාස්ති කිරීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් අවදානය යොමුකළ යුතු බවත්ය.

රාජ්‍ය ඖෂධ නියාමන අධිකාරියේ අකාර්යක්‍ෂමතාව සහ නොසැලකිල්ල හේතුවෙන් විදේශවලින් ලැබෙන පරිත්‍යාග අහිමිවීමේ අවදානමක් ඇති බව කියන සුභූති ස්වාමීන්වහන්සේ රෝහල් සේවා මණ්ඩලය වසර 10 කට අධික කාලයක සිට රාජ්‍ය සෞඛ්‍ය පද්ධතියට රුපියල් කෝටි 5,000 ක පමණ ඖෂධ සහ වෛද්‍ය උපකරණ රෝහල් 400 කට පමණ බෙදාහැර ඇති බව ද වැඩි දුරටත් සඳහන් කරති.

රාජ්‍ය ඖෂධ නියාමන අධිකාරියට එල්ල වන එම චෝදනාව පිළිබඳව එ අධිකාරියේ උසස් නිලධාරියකුගෙන් කළ විමසීමේදී පැවසුවේ මෙරට පරිත්‍යාග ලෙස ලැබෙන ඖෂධ සහ වෛද්‍ය උපකරණ පිළිබඳව විශාල ගැටලු මතුව ඇති බවත් එම ගැටලු නිරාකරණය කිරීමෙන් තොරව අනුමැතිය දීමේ හැකියාවක් නොමැති බවත්ය.

පරිත්‍යාග ලෙස ලැබෙන ඇතැම් ඖෂධ සහ වෛද්‍ය උපකරණවල මෙරට නියෝජිතයන් සිටින අවස්ථාවලදී පරිත්‍යාගවලට අනුමැති දීමට එම නියෝජිතයන් විරුද්ධ වන බවත් එවැනි තත්වයන්වලදී අනුමැතිය ගැනීමට කාලයක් ගතවන බවත්ය.

මෙම කන්ටේනර් දෙක පිළිබඳව ශ්‍රී ලංකා රේගුවේ උසස් නිලධාරියෙක්ගෙන් කළ විමසුමේදී පැවසුවේ එවැනි බහලුම් දෙකක් පිළිබඳව නිෂ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවත් නියමිත අනුමැතිය සහිතව ඒවා නිදහස් කරගැනීමට පැමිණි අවස්ථාවේදී පමණක් බහලුම්වල තිබෙන භාණ්ඩ ගැන රේගුව දැනුවත් වන බවත්ය. 



අදහස් (2)

තෑගි ලැබුණු ඖෂධ - උපකරණ වරායේ හිරවෙලා

Venura Monday, 11 December 2023 02:54 PM

මේ පරිත්‍යාග වශයෙන් එන බෙහෙත් ගොඩක් ඒවා කල් පැනල, නැතිනම් කල් පනින්න ඔන්න මෙන්න. සමහර පරිත්‍යාග බෙහෙත් උපකරණ ලංකාවේ කිසිදා භාවිත නොකරන ඒවා. ඒවා ඒ රටවල් වලදී විනාශ කරන්න ලොකු වියදමක් යන නිසා නිකම්ම ලංකාවට එවනවා. අපේ අය මේවා ගෙනත් මුණු ලොකු කර ගන්න , ප්‍රසිධිය ගන්න ලංකාවට ගේනවා. මේවා කරන්නේ NGO නඩ ප්‍රසිද්ධ වෙන්න, සල්ලි ගරන්න.

:       14       4

බද්රානි Monday, 11 December 2023 05:29 PM

VENURA නමින් අදහස් පලකොට ඇති තැනැත්තා, ලංකාවේ දොස්තර මාෆියා කල්ලි සාමාජිකයෙක් මෙන්ම ඖෂධ ජාවාරමට සම්බන්ධ අයෙක් දැයි සක සහිතයි... ලෝකයේ අනෙක් රටවලුත් ලංකාව වැනි අමනයින්ගේ දේශයන් යයි "වෙනුර" නමැති නුගත් අඥානයා සිතනවා නම්, එය විශාල නොදැනුවත් කමක්... ලංකාවේ ජනතාවගේ අධම ආකල්ප හා අවනීති ලෝකයේ සංවර්ධිත රටවල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. විශේෂයෙන් ඖෂධ සම්බන්ධයෙන් නීති ඉතාමත්ම දැඩියි... NGO සංවිධාන මගින් කරන දේවල් විවේචනය කරන්න කලින් ඔවුන් කරන සේවය අගයන්න පුරුදු වෙන්න...අර මොකක්ද කසා ගන්න නියපොත්ත නැතත්, උද්දච්ජ කම නම්, තියනවා මහා ලොකුවට... මම නම් කියන්නේ මෙවුන්ට බෙහෙත් නැතිවම මැරෙන්න ඉඩ හරින්න ඕනා... කිසිම රටකින් මොවුන්ට ආධාර නොකළ යුතුයි....

:       2       10

ඔබේ අදහස් එවන්න

දියත

බිරියගේ දඬුවම සැර වැඩිවේ;සැමියා මරුට
2024 ඔක්තෝබර් මස 08 443 0

නොචිචියාගම වල්පලගම ප්‍රදේශයේ නිවසක බිරිඳ සිය සැමියාගේ ගෙල සිරකර ඝාතනයක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රී අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලිසිය


හොර ඔප්පු හැදූ නීතිඥයා වසර 8කට හිරේ
2024 ඔක්තෝබර් මස 08 569 0

ඉඩමකට වංචනික අන්දමින් ඔප්පු සකස් කිරීමේ චෝදනාවන්ට වරදකරු වු නීතීඥවරයකුට බරපතල වැඩ සහිත වසර 08ක සිරඳඩුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහ


වැඩබලන පොලිස්පති පත්කිරීමට ව්‍යවස්ථා සභා අනුමැතිය
2024 ඔක්තෝබර් මස 08 596 0

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (8) අනුමත කළේය.


ලක්ෂ 15ක අල්ලස් ගත්යැයි රාජ්‍ය ඇමතිගේ ලේකම්ට ඇප
2024 ඔක්තෝබර් මස 08 549 0

වැලි කැනීමේ බලපත්‍රයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 15 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන වෙළඳ හා පරිසර රාජ්‍ය අමාත්‍ය වරයාගේ පුද්ගලික ලේකම් හා තවත් පුද්ගලයෙකු ඇ


පාස්කු වාර්තාවල අඩු පාඩු හොයන්න කමිටුවක්
2024 ඔක්තෝබර් මස 08 353 0

පාස්කු කොමිෂන් වාර්තා වල අඩු පාඩු තිබේදැයි විමර්ශනය කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


අම්බුළුවා කේබල් කාර් ව්‍යාපෘතිය
2024 ඔක්තෝබර් මස 08 9 0

ගම්පොළ අම්බුලුවාව ජෛව විවිධත්ව සංකීර්ණයේ ඉදිකිරීමට යෝජිත කේබල් කාර් ව්‍යාපෘතිය සඳහා පළමු අදියරේ අත්තිවාරම සැකසීම සඳහා අවසරයකින් තොරව පස් කයන යන්ත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39446 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25708 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 350 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1164 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site