IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


තොටුපොළේ දියනාමින් සිටි සිසුවා දියරකුසා අරන් යයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)

බණ්ඩාරගම මහබෙල්ලන තොටුපලේ මිතුරන් පිරිසක් සමඟ විනෝදයට දිය නාමින් සිටි 16 හැවිරිදි සිසුවෙකු ඊයේ 20 පස්වරුවේ දියේ  ගිලී මිය ගොස් ඇතැයි අලුබෝමුල්ල පොලිසිය කියයි

සිද්ධියෙන් මියගොස් ඇත්තේ අළුබෝමුල්ල මහා විද්‍යාලයේ එකොළොස් වන වසරේ ඉගෙනුම ලබමින් සිටි අලුබෝමුල්ල, මහින්ද  මාවත  ප්‍රදේශයේ  පදිංචි ජනිත නිර්මල 16 හැවිරිදි සිසුවා ය

මියගිය සිසුවා ඔහුගේ පාසලේ ම තවත් මිතුරන් සිව් දෙනකු පැමිණ අද පස්වරු 3 ට පමණ මහබෙල්ලන තොටුපල වෙත පැමිණ දියනාමින් සිට ඇතැයි පොලිසිය කියයි  

එම අවස්ථාවේදී     ඔහුගේ වැඩිමල් සොයුරා තවත් මිතුරකු සමඟ පැමිණ ඇති අතර   සොයුරාගේ මිතුරා තොටුපොළට බැස මඳක් ඈතට පිහිනා යාමේ දී මියගිය සිසුවා ද ඔහු අනුගමනය කරමින් තොටුපොළේ ඉදිරියට පිහිනා ඇති අතර එහිදී ඔහු එකවරම දියේ ගිළී අතුරුදහන් ව ඇතැයි පොලිසිය කියයි

දියේ ගිලී අතුරුදන් වූ සිසුවා සම්බන්ධයෙන් අලුබෝමුල්ල  පොලීසියට ලද තොරතුරක් අනුව වහා ක්‍රියාත්මක වූ නිලධාරීන් එම ස්ථානයට පැමිණ ප්‍රදේශවාසීන්ගෙන් සහායෙන් ඔරුවක් ආධාරයෙන් සිසුවා සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති අතර පැයකට පමණ පසු  දීයේ ගිලී සිටි සිසුවා සොයා ගැනීමට හැකිවී ඇත

ගොඩට ගත් සිසුවා වෑන් රථයකින් පානදුර මූලික රෝහල වෙත රැගෙන ගියද එහිදී වෛද්‍යවරුන් දැඩි පරිශ්‍රමයක් දරා සිසුවාගේ ජීවිතය බේරා ගැනීමට උත්සාහ කළත් සිසුවා මිය ගොස් තිබූ බව පොලිස් නිලධාරියකු පැවැසීය

මියගිය සිසුවා සමඟ දිය නෑ සිසුන් හතර  දෙනාගෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා පොලිස් භාරයට ගනු ලැබීය

අලුබෝමුල්ල පොලිසියේ  වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ ඩි මෙන්ඩිස් මහතාගේ උපදෙස් මත පොලිස් කොස්තාපල්වරුන් වන 97853 තිලකරත්න 102123 රසන්ජන මහත්වරු පරීක්ෂණ පවත්වති.



අදහස් (0)

තොටුපොළේ දියනාමින් සිටි සිසුවා දියරකුසා අරන් යයි

ඔබේ අදහස් එවන්න

දියත

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 539 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 157 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 1154 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 149 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 350 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2270 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 617 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1764 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site