(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් හලාවත, තොඩුවාව වෙරළ තීරය උග්‍ර ඛාදනයකට ලක්ව ඇතැයි ධීවරයෝ පවසති.
මේ වන විට වෙරළ තීරය කිලෝමීටරයකට ආසන්න ප්‍රමාණයක් උතුරු දෙසට උග්‍ර ඛාදනයට ලක් වෙමින් පවතින බවද, මේ හේතුවෙන් ධීවර වාඩි රැසක් මුහුදට බිලි වී ඇති බවද ඔවුහු පවසති.
එම ප්‍රදේශයෙන් ගමන් ගන්නා හලාවත වෙන්නප්පුව මුහුදුබඩ මාර්ගයේ ආසන්නයේ සිය ධීවර යාත්‍රා ගාල්කිරීමට සිදුව ඇති බව පවසන ඔවුහු වෙරළ ඛාදනයෙන් තමන්ට දුෂ්කරතා රැසකට මුහුණපෑමට සිදුවී ඇති බව ද කියති.
පවතින තත්වය හේතුවෙන් ඛාදනයට ලක්වෙමින් පවතින වෙරළ තීරය ආරක්ෂා කර ගැනීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව කඩිනම් ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.
ඛාදනයවීමේ තර්ජනයට ලක්ව ඇති ස්ථාන හඳුනාගෙන පසුව එය වැළැක්වීමට බැකෝ යන්ත්‍ර යොදා මුහුදේ වැලි මගින් වෙරළ පෝෂණය කිරීමට නිලධාරීහු පියවරගනිමින් සිටිති.
තොඩුවාව වෙරළ තීරය දැනටමත් දැවැන්ත ඛාදනයකට ලක්ව ඇති නමුත් එය වැළැක්වීමට හැකි උපරිම උත්සාහ ගන්නා බව වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුව පවසයි.
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ටවර් හෝල් රඟහල පදනම 5 වැනි වරට සංවිධානය කළ ’’අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය’’ ‘ටවර් නාට
පිටකොටුව ප්‍රදේශයේ කළ වැටලීමකදී සගවා තිබූ කීරි සම්බා කිලෝග්‍රෑම් 5 අසුරන 3,000 ක කිලෝග්‍රෑම් 15,000 ක් භාරයට ගෙන නඩු පැවරූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි
නීති විරෝධීව කන්ටේනර් රථයකින් මෙරටට රැගෙන ආ කෝටි 4ක් පමණ වටිනා මොන්ටීරෝ ජීප් රථයක් සමග හෝටල් සමූහයක කෝටිපති ව්‍යාපරිකයෙක් ඊයේ (11) පැලවත්ත, ජපන් මිත්‍රත
වාද්දුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැරි පුද්ගලයකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලින් අනතුරුව වා
ඕස්ට්‍රේලියාවට එරෙහිව තරග දෙකකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12) පැවැති පළමු තරග
වැල්ලම්පිටිය බ්‍රැන්ඩියාවත්ත ප්‍රදේශයේ නිවෙසක කසිප්පු පෙරා ෂැෂේ පැකට්වල අසුරා කොළඹ අවට සහ වරාය වැඩබිමිවල සේවය කරනු ලබන චීන ජාතිකයන්ට කසිප්පු අලෙවි
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
තොඩුවාව වෙරළ තීරය සුරැකීමේ වැඩපිළිවෙළක්
Nanda Monday, 30 September 2019 04:15 AM
දැන්වත් වෙරළ සුරකින්න මතක් වුණු එක හොඳයි.ඡන්දේ ලඟයිනේ.