IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


තාත්තා ජනපති වුණ පළියට පුතා‍ට රට බාරදෙන්න බෑ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පක්ෂ නායකයකු වූ පළියට හෝ තාත්තා ජනාධිපති වී සිටි පළියට රට බාර දුන්නොත් නැවතත් රට අගාධයට යන බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවැසීය.

‍‍‍‍අරෙහෙ මෙහේ ගිහින් බඩු බෙදා කයිවාරු ගහන්නන්ට රටවල් පාලනය කරන්නට හැකියාවක් නැතැයි ද ෆොන්සේකා මහතා පැවැසීය.

පක්ෂ නායකයන් වූ පළියට ජනපතිවරණයට ඉල්ලූ විට රටේ ජනතාවට විකල්පයක් නැතිවන බව කී සරත් ෆොන්සේකා මහතා මෙවරවත් රටට හරි නායකයකු තෝරා ගත යුතුව තිබෙන බව සඳහන් කළේය.

පක්ෂවල ප්‍රබලයන් යැයි කියන අය සියයට 50ක් දූෂිත බව කී ෆොන්සේකා මහතා තවත් සමහර අයට කිසිම දැක්මක් නැති බව සඳහන් කළේය.

පාර්ලිමේන්තුවෙන් රට හදන්නට නොහැකි බව කී මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සිටින සියයට පනහක් දූෂිත බව පැවැසීය.

එම නිසා පාලකයා තෝරා ගැනීමේදී ජනතාව ඉතා බුද්ධිමත්ව කටයුතු කළ යුතුව ඇතැයි එසේ නොවුනහොත් රට නැවත ගොඩ ගත නොහැකි තරම් අගාධයකට ඇද වැටෙනු ඇති බව ද ෆොන්සේකා මහතා කීය.

 



අදහස් (45)

තාත්තා ජනපති වුණ පළියට පුතා‍ට රට බාරදෙන්න බෑ

Lalla Thursday, 20 June 2024 09:20 PM

කොහොමත් විශ්‍රාම ගිය හෝ පැනල ගිය හමුදා නිලධාරීන් රාජ්‍ය නායක තනතුර දරන්න සුදුසු නෑ. මතකනේ අනාගත්ත රජාට වුන දේ. සිවිල් සමාජයේ ජීවත්වන අයෙකුට පමණයි මහජන මතය සහ අවශ්‍යතාවයන් වටහාගත හැක්කේ.

:       30       131

Rohana Thursday, 20 June 2024 09:39 PM

ඔබතුමාට වඩා හොදින් කලහැකි වන්නේ හමුදාපති කාර්ය මිස දේශපාලනය නොවේ. යනයන තැන ආරවුල් ඇතිකර ගැනීම දේශපාලන නායකත්වයට නොගැලපේ.

:       30       122

Jayathilaka Friday, 21 June 2024 06:21 AM

යනයන තැන ආරවුල් ඇතිවෙන්නෙ කරගන්න ගියපු කටයුත්ත කිරීමට අරක නිසා බැහැ මේක නිසා බැහැ ඉස්සෙල්ලා හිටපු මගේ පූර්වගාමියා මට එහෙම කියාදීල විශ්‍රාම ගියේ නැහැ කියලා එහෙම කරන්න චක්‍රලේඛ නැහැ (කිසිම දිනක එකදු චක්‍රලේඛයක් කියවා නැතුව ) කියලා රාජකාරි වේවා වෙනත් කටයුත්තක් වේවා නොකර සිටියාම එම කටයුත්ත කරන්න දන්න කෙනෙකුට කේන්ති යනවා තමයි උදාහරණයක් හැටියට අධ්‍යාපන කාර්‍යාලයකට ගියාම ගුරු භවතෙකුට ඒවායේ අරක්ගෙන සිටින භූතයෝ වැඩක් කරල දෙනවද ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට ගියාම අදාල කෙනා අද නැහැ ඉල්ලුම් පත්‍රය ගන්න වෙනත් දවසක එන්න කියනවා වගේ වුනාම සාධාරණ කේන්තියක් ඇතිවෙනවා ඒ නිසා ෆොන්සේකා මැතිතුමා ලංකාවට සුදුසුම පාලකයෙක් කියලා කියන්න පුළුවන් එවැනි කෙනෙක් නැතුව දැන්නම් ලංකාවෙ රාජ්‍ය සේවය හා අනෙකුත් සංවර්ධනය කරන්න නම් බැහැ

:       14       14

ලයන්Friday, 21 June 2024 03:53 PM

මොනවද මේ කියවන්නෙ , ෆොන්සේක මහත්තය කල සේවය අද පාර්ලිමේන්තුවේ එකෙකු කරල තියෙනවද , උන්නැහේ කියන කතාව සම්පුර්න ඇත්ත , සජිත් කතා කරන කරන වැඩ දැක්කම එම කතාව සාධාරනයි

:       6       15

ලයන්Friday, 21 June 2024 03:49 PM

හැබැයි ෆොන්සේකා මහත්තයා කියන කතාව ඇත්ත

:       6       10

Muthu Thursday, 20 June 2024 09:46 PM

වෙලාවකට හිතෙනවා කිසිම දේශපාලන දැනීමක් නැති මෙතුමා, ඇස් උඩ තියාගෙන කියන මෝඩ කතා වලට ඇයි අපි, කාලේ නාස්ති කරගෙන බලන්නේ කියලා......

:       0       0

ජයනාත් Thursday, 20 June 2024 10:03 PM

ඒ වගෙම හමුදා ප්‍රධානීන් වුණාට ඒ සියලු දෙනා දේශපාලනයට සුදුසු නැහැ .

:       0       0

පිටිගල මිලානෝ Thursday, 20 June 2024 10:20 PM

බෙදපු හාල් ඉවරලු…. තවත් කිලෝ දහයක් දුන්නේ නැත්නම් මාලිමාවට කතිරෙ ගහනවලු…

:       0       0

Parakrama Thursday, 20 June 2024 10:54 PM

දැන් හිතෙනවා ලක්ෂ්මන් කිරිඇල්ල කියපු දේ හරිද කියලා. ඕනෑම ගොනෙක්ට යුද්ධ කරන්න පුළුවන්.

:       0       0

Prabha Thursday, 20 June 2024 11:31 PM

ඔය කියන්නේ සජිත් ගැනනේ... එහෙනම් මොකටද ඒ පක්ෂයට වෙලා ඉන්නේ..?

:       0       0

Dharmatileke Thursday, 20 June 2024 11:32 PM

ඔහෙලගෙ කෙනෙක්ද අර සේරම දාලා පැනලා ගියේ...? ඔහේ ගන්න.. ඉතින් මොනවා කරන්නද?

:       0       0

සෙනෙවිරත්න Friday, 21 June 2024 12:49 AM

කලබල නොවන්න මෙතුමා රාජ්‍ය පාලනය ඉල්ලුවේ නැහැ... ඉල්ලන අයගේ හැටි කිව්වේ... ඒ කියපු කතාව වැරැදි නැහැ නේද?

:       0       0

සෙනෙවිරත්න Friday, 21 June 2024 12:51 AM

කැසිනෝ කාරයන්ගේ සහ ජාවාරමුන්ගේ මුදලින් පාසල් වලට බඩු බෙදන කතාව සත්‍ය නම් රටේ ජනතාව සූදානම් වෙන්න සීනි බදු වගේ සහන දීමට, හැබැයි සජිත් දිනුවොත්.

:       0       0

සෙනෙවිරත්න Friday, 21 June 2024 12:52 AM

දැන් කාටත් වැටහෙන්න ඕන සජිත් අමුතුවෙන් යමක් නොකරන පරණ පාරෙම යන තාත්ත්තගෙම පුතා බව

:       0       0

සෙනෙවිරත්න Friday, 21 June 2024 12:53 AM

පාසල් වලට බඩු බෙදන්න සල්ලි කොහෙන්ද ඇහුවම ජපන් වලින් මොනවදෝ කිව්වෙ මේක තමයි.

:       0       0

Don perea Friday, 21 June 2024 01:00 AM

කට හින්දා මේ මිනිහා සවුත්තු වෙනවා

:       0       0

කිත්සිරි Friday, 21 June 2024 01:42 AM

ඔය පුතාල දෙන්නගෙ තාත්තල දෙන්නම රාජ්‍ය පාලනය නිම කලේ රටට ප්‍රශ්න ගොඩක් ඉතුරු කරලා. ඒ හින්දා කොහෙත්ම සුදුසුකමක් නෑ

:       0       0

kuma Friday, 21 June 2024 02:44 AM

දේශපාලනය විතරක් නෙමෙයි දින්දු කියන එක දුම්රිය රියදුරු රැකියාව හමුදාවේ තනතුරු ගන්න එක

:       2       2

kotiya Friday, 21 June 2024 03:18 AM

මට වෙන මුකුත් එපා. මෙතුමාත් එක්ක සතුටින් සමාදානෙන් ඉන්න එකෙක්ව නම් කරන්න. අර නොමල ගේකින් අබ හොයනවාට වඩා අමාරුයි ඒක.

:       7       25

Nishan Friday, 21 June 2024 04:39 AM

ඔබතුමාට අනුව ඔබතුමා හැර අනෙක් සියලු දෙනා දූෂිතයෝ.

:       5       17

ජයතිස්සFriday, 21 June 2024 03:56 PM

මෙතුමා දුෂිතයෙක් නොවෙයි , රටට ඔහුකල සේවය මිල කරන්න බැ. මෙවැනි කතා කීම හරිම අසාධාරනයි

:       6       5

siri Friday, 21 June 2024 04:48 AM

ගෝටාට වඩා අන්ත වේවි මෙයාට දුන්නොත්

:       7       24

nanda Friday, 21 June 2024 04:53 AM

සේරටම වඩා පුළුවන් කාටද කියන්නකෝ? ඔයාටද පුළුවන් අද රට පාලනය කියනඑක විහිලුවකට අරගෙන කාගෙවත් දිගුකාලීන සැලසුමක් නැ

:       4       18

Saman Dissanayake Friday, 21 June 2024 05:09 AM

ෆොන්සෙකා කියන්නෙ කුහක, ගුනමකු, කුකුල් කෙන්ති කාරයෙක්. යුද්දෙ කලාට මෙ මිනිහා දෙශපලනෙට ගෑලපෙන්නෙ නෑහ. අපරදෙ 2010මෙ පිස්සට චදෙ දුන්නනෙ.එක එයා ඔප්පු කරලා තියෙන්නෙ. කෑලනියෙන් සීට් එක දෙන්න එපා. දිනපු ගමන් අනිත් පෑත්ත්ට පනිනවා.JVP එකටත් කියන්නෙ ඔය පිස්සා ලන් කර ගන්න එපා .

:       6       30

Saman Dissanayake Friday, 21 June 2024 05:42 AM

ලොකේ ගොඩාක් රට වල නායකයන් උනා හමුදා නිලදරින්. රුසියාව එක උදහරනයක්. නමුත් ලන්කාවට එක වලන්ගු නෑ. ඔව්න්ගෙ නායකවත්වය කිසියම් කාරියක් කිරිමට පමනක් හොදයි. ඔව්න් විසාල ලෙස රජයෙ සම්පත් විනස්ස කරනවා. පිරිස් බලය කරියශමව යොද ගන්නෙ නෑ. ඉවසිම අත්තෙම නෑ. රටෙ සම්පත් ගෑන හෑගිමක් නෑ. කොටින්ම ඉගෙන ගන්නෙත් උපදි සාහතිකයක් ගෑනිමෙ අරමුනෙන් පමනයි උපාඩි ගන්නෙ දෑනුම ලබා ගන්න නොවේ. තමන්ට විරුද්ධ අයගෙන් අසිමිතව පලි ගෑනිමෙ පිපාසයකින් ඔව්න් පෙලෙනවා. ගෝටා, ෆොන්සෙකා හොද උදහරන.

:       4       24

lelwala Friday, 21 June 2024 05:54 AM

අපිට විශාම ගිය හමුදා ලොක්කෝ වැඩක් නැ. රටේපාලනය කළ යුත්තේ සිවිල් සමාජයෙන් ජනප්‍රිය උගත් වැදගත් මහත්තයෙක් විය යුතුයි

:       3       25

Nilantha Friday, 21 June 2024 06:27 AM

තනියම පක්ෂයක් හදාගෙන ඡන්දෙ ඉල්ලලා කර ගත්ත හරිය අපිට මතකයි නේ!! ඔබ හමුදාපතිකම හරියට කරන්න ඇති, ඒත් ඔබ දේශපාලනයට සුදුසු නෑ. රනිල් ලගට යන්න පාර හදා ගන්න දගලන බව දේශපාලන හය හතර දන්න ඕන කෙනෙකුට තේරෙනවා.

:       4       28

chathura Friday, 21 June 2024 06:29 AM

මොනවා උනත් මේ මනුස්සයා කියන කතාව සහතික ඇත්ත....ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ලග තිබුණු දර්ශනයේ බින්දුවක් වත් මේ සජිත් ගාව නෑ.....අමු ම ගොනෙක්... කියන්නේ මොනවද කියල එයාවත් දන්නේ නෑ.... හපොයි... පරණ කියමනක් තියෙනවා.. ඔලුවේ තරම තමයි කටින් පිටවෙන්නේ කියල...... මිනිහා හිතන්නේ කිසිම සම්බන්ධයක් නැති බරපතල ඉංග්‍රීසි වචන ටිකක් කීවාම තමයි තමයි කෙරුමා කියලා.....අනේ මන්ද? එක්කෝ සජිත් ට පිස්සු නැත්නම් සජිත් පස්සේ යන උන්ට පිස්සු....

:       19       29

ChandimaFriday, 21 June 2024 01:58 PM

චතුර කියන්නෙ මීහරකෙක්නෙ.සජිත් ගොනෙක් නම් ඔයා බූරුවෙක්.මිනිස්සුන්ට අපහාස කරන්න එපා මනුස්සයො .තමුන් සජිත්ගෙ මවිල් ගහක්වත් නොවටින අපතයෙක්නෙ.සජිත් විපක්ශයෙ ඉඳගෙන කරන වැඩ ටික වෙන විපක්ශයෙ ඉන්න මිනිස්සු කලාද ? කය්යනායක ලෝකෙ වටේ කකා බිබී සවාරි යනව.එ ලැබෙන සල්ලිවලින් අඩුම ගානෙ බස් හෝල්ට් එකක් හදල තියද? අවම බලු කපුටු දානයක් දීල තියද?

:       8       6

චතුර Friday, 21 June 2024 07:59 PM

සජිත්ට පුළුවන් භාණ්ඩාගාරයේ සල්ලි බෙද බෙද ඉන්න විතරයි.... කියලා මම නෙවේ කියුවේ.. රන්ජන් රාමනායක...

:       1       4

Upali Friday, 21 June 2024 07:04 AM

කවුරු ජනාධිපති තනතුර සදහා ඉදිරිපත් වුනත් ඔහුගේ ලේකම් (ජනාධිපති ලේකම් ) ලෙසට පත්වීමට ඉඩක් තියෙන කෙනාටත් බලවත් රාජයෝගයක් නැත්නම් අපේක්ෂකත්වය ගත්තා වුනත් ජයග්‍රහණය අපහසු වෙන්න පුළුවන් කියලා හිතෙනවා

:       9       3

Nilame Friday, 21 June 2024 01:02 PM

ඔලමොට්ටල මුග්ධයින්ට සත්‍යම දෙයක් කිව්වත් ඩිස්ලයික් දාලා අකමැත්ත පෙන්නන්නෙ හරියට රටේ පාලනය ගැන ඉදිකටු තුඩක දැනුමක් නැති ගෝඨාභය ජනාධිපති කරන්න පෙල ගැහුනා වගේමයි කාටවුනත් ජනාධිපති වෙනවිට අනුගාමිකයන්ටත් පත්වීමට ලැබීමක් තියෙන නිළධාරින්ටත් කේන්ද්‍රයේ බලවත්ම පිහිටීම් තියෙන්න ඕන එහෙම නැතුව නම් ඩිස්ලයික් දැම්මා කියලා හිතාගෙන ඉන්න අයට ජනාධිපති වෙන්න අමාරුයි

:       3       1

Surain Friday, 21 June 2024 07:06 AM

විනය පිරිහිනු අසෝභන චරිතයක්. දේශපාලනයේ වත් සාමාන්‍ය ජිවිතයේ වත් ඇසුරු නොකල යුතුයි

:       4       25

Siri Friday, 21 June 2024 07:34 AM

හදහනේ රාජයෝගය තියනවාලු එක තමයි මේ ලෙඩේ

:       15       9

podi hadaya Friday, 21 June 2024 07:51 AM

විනය පිරිහිනු හරිම පහත් ගතිගුණ වලින් පිරුණු චරිතයක් ඉතිරිය ජනතාවට බාරයි

:       5       21

Suda Friday, 21 June 2024 08:03 AM

මේ වගේ කුහක මිනිහෙක් මම කවදාවත් දැකලා නැහැ මෙයාගේ හිතේ තියෙන්නේ තනිකරම ජනාධිපති වෙන සිහිනය ඒක කවදාවත් ඉටු වෙන්නේ නැහැ ඒ මොකද මෙයාට තියෙන පළපුරුද්ද මොකක්ද රටක් පාලනය කරන්න හමුදාපති උනා යුද්දේ දින්නා කියලා රටක් පාලනය කරන්න පුලුවන්ද අනිත් එක මෙයා තනියමද යුද්දේ දින්නේ ඒක මුළු ත්‍රිවිද හමුදාවම එකතු වෙලා දහස් ගානක් ජිවිත පුජා කරලා තමයි යුද්දේ දින්නේ මෙයාට කිසිම කෙනෙක් එක්ක හොදින් ඉන්න බැහැ ඉතින් මේ වගේ කුහක මිනිහෙක් රටක් පාලනය කලොත් ඒ රටම විනාශය කර යනවා ඒ මොකද මේ කුහක මිනිහගේ හිතේ තියෙන්නේ පළිගැනීමේ චේතනාව, මෙයා ලබන මහා මැතිවරණයෙන් ඉල්ලුවොත් අනිවාර්යෙන්ම පරාද වෙනවා දිනයයි වේලාවයි ලියලා තියාගන්න ගිය පාර අපි මෙයාට නොවෙයි චන්දය දුන්නේ ඇත්තම කතාව ඒක තමයි මෙයා මේ රටට මොනවාද කරලා තියෙන්නේ ඇත්තටම මෙයාගේ පක්ෂයේ නායකයෝ තමයි වගකියන්න ඕනේ මේ වගේ කුහක මිනිහෙක්ව පක්ෂයට බඳවාගෙන වගකිවයුතු තනතුරකුත් දුන්නාට

:       6       26

Buddika Friday, 21 June 2024 09:12 AM

මේ මිනිහ මාලිමාවෙ එවුන් වගේම කුහකයෙක්..ලන්කාවේ ඕනිම ගමක් ගත්තොත් ඒ ගමේ ඉන්න කුහකම පවුල් ටුක jvp.මේ මිනිහත් ඒ වගේ.හමුදාවෙ හිටිය මිනිස්සුන්ට තිබ්බ විනය මේ මුනිහට නෑ.මහා කුහක උද්දදච්චමිනිහෙක්.බල තන්හාවෙන් ඉහවහා ගිහින්.සජිත්ගෙ මවිල් ගහක් වටින්නෙ නැති මිනිහෙක්.යුද්දෙට හමුදා නායකත්වය දුන්න.ඒකට අපි ගරු කරනව.එ නිසාම එදා ජනාධිපතිවරනයේදි චන්දෙත් දුන්න.ඒත් ඒක අර කාලකන්නි ටික හොරකම් කලා.අද සජුත්ට ඇතු ජන කැමැත්ත පලාතකින් මේ මිනිහට යන්න බෑ.

:       21       24

රත්නායක Friday, 21 June 2024 10:57 AM

මොහු රට පාලනයට සුදුසු අයකු නොවේ තමන්ට පාර්ලිමේන්තුවට එන්න අවස්තාව සලසා දුන් පක්ෂය ට හා එහි නායකයින්ට ගරහමින් මොහු තවත් තැනකට හේත්‍තු වෙන්නයි හදන්නේ .කුමන පක්ෂයකින් හෝ මෙවැනි කට වාචාලයින් නොගත යුතුය .

:       3       15

සෙනෙවිරත්න Friday, 21 June 2024 12:23 PM

මෙතුමගෙ අනාගත අපේක්ෂා අදාල නැහැ, හැබැයි කියපු කතාව ඇත්ත.කැසිනො කාරයන්ගෙ මුදල් අරගෙන ළමුන්ට බඩු බෙදනඑක , එික මූනට කියන්න හිටියෙ මෙතුම විතරයි අභ්‍යන්තරය දන්නෙ.

:       4       4

අරුණ Friday, 21 June 2024 02:19 PM

එදා මහින්ද මහත්තයාට විරුද්ධව යනකොට මිනිස්සු මෙයාව උඩදාගෙන, මහින්ද මහත්තයාට හොඳටම බැටදුන්න බලතන්හාව කියලා. ජාත්‍යන්තර විරෝධය හමුවේ නොසැලුනු මහින්දගේ දේශපාලන නායකත්වය නොතිබුනානම් ඉතිං මෙයා යුද්ධය දිනනවාත් බොරු. ජනාධිපතිකම් ගැන අපි කතා නොකර ඉමු.

:       3       9

siri Friday, 21 June 2024 03:06 PM

මේ වගේ මිනිස්සු දේශපාලන පක්ෂ වලට බදවා ගත්තොත් විනාශයක් තමා. මොහු ඕන වේලා තියෙන්නේ රට හදන්න නෙමෙයි ජනපති වෙන්න

:       1       8

ashok Friday, 21 June 2024 03:12 PM

කුනු ගොඩවල් එක පැත්තකට වෙන එක රටට හොදයි. පසුගිය දවස් වල අරගලයේ පැත්තකින් සෙට් වෙලා රටේ ලොක්කා වෙන්න හිතුවා. මොහු හොද වැඩක් කරලා තියනවා නම් ඒ නම අද වෙනකොට විනාශ කරගෙන

:       0       6

ranjith Friday, 21 June 2024 04:28 PM

කට තිබුන පලියට දොඩවන්න ගියාම මේ මනුස්සයා කවුද කියලා තේරෙනවා මෙහෙම ගියොත් ජනපතිකම තියා පාර්ලිමේන්තුවටවත් එන්න බැරිවෙයි ඊලග ජන්දෙන්

:       0       7

චන්දිම Friday, 21 June 2024 05:56 PM

මෙතුමා කියන කතාව මේකයි. ගිය මැතිවරනේදී කොළඹින් තමන්ගේ ආසනය වත් දිනා ගන්න බැරිවුණු ජනතා අප්‍රසාදයට ලක්වුණු පුද්ගලයෙක් නැවත පක්ෂෙට ඇවිල්ලා සජිත්ට හේත්තුවෙලා සියලු තීරණාත්මක දේවල් ක්‍රමයෙන් ඔහුගේ ග්‍රහණයට නතුකරගෙන බොහෝ තීරණ ඔහුට උවමනා පරිදි මෙහෙයවමින් කටයුතු කිරිමට ඉඩ දීම මේ ආරවුලට හේතුවයි. එම පුද්ගලයාගෙ අනුදැනුම මත තමයි සමහර පරණ හමුදා නිලධාරින් ඇතුළු පුද්ගලයින් පක්ෂයට බඳවා ගනිමින් සිටින්නේ. එතුමා හට බොහෝ අරියාදු කල අය අඩුම තරමින් මෙතුමාගෙන් නිකමට වත් විමසන්නේවත් නැතුව පක්ෂයේ ඉහල තනතුරු වලට පවා බඳවා ගන්න එක එතරම් හරි වැඩක් නෙමෙයි නේද? එතකොට බොහෝ දුෂිත අයත් ඉහල තනතුරු වලට එනවා. අනිත් කාරනාව මේ බදු බෙදා දීමේදී මේවට වියදම් කරන උදවිය සජිත් බලයට අවොත් නිකම් ඉඳීවිද? ඔවුන් වියදම් කරපු ඒවාට වඩා දහස් ගුණයක් විශාල ප්‍රතිලාභයක් අනිවාරයෙන් නැවත ඔවුන්ට ලැබෙන පරිදි සියලු ආරථික වශයේ වැදගත් තැන් ඔවුන්ට අනිවාරයෙන් දෙන්න වෙනවා. නැවත රට පරණ පාරේම ගිහින් ජාවාරම් කාරයන්ගේ ග්‍රහණයට නතුවෙනවා. නැවත බිඳ වැටෙනවා .තේරුම් ගන්න. මෙතුමා කියන්නේ ඔන්න ඔය ටික.

:       0       0

rangith Saturday, 22 June 2024 06:44 AM

ඔබද රට කාටවත් බාරදෙන්න ඉන්න බලධාරියා කට නිසා තමන්ගේ ප්‍රතිරූපය විනාශ කරගත්තා නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අධිකරණයට අපහාස කළැයි නිලන්තට චෝදනා
2024 සැප්තැම්බර් මස 27 488 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්


වසා දැමූ කොළඹ පාරක් ජනපති නියමයෙන් යළි අරී
2024 සැප්තැම්බර් මස 27 1011 1

ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක


වැඩබලන පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසුරිය පත් කරයි
2024 සැප්තැම්බර් මස 27 659 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.


සජබේ මහ පුටු වෙනසක්
2024 සැප්තැම්බර් මස 27 999 0

සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.


රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 27 1426 0

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.


රණාලේ වගුරු බිමක මිනිස් ඇටකටු
2024 සැප්තැම්බර් මස 27 591 0

නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37642 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24813 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 216 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 718 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site