IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


තනි අලියා වී ගබඩාවකට පහරදීලා

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

වල් අලියකු කඩා වැදි  මහකුඹුක්කඩවල පානියමඩුව ප්‍රදේශයෙ වී ගබඩාවකට පහර දී වී උර රැගෙන ගිය බව හිමිකරුවෝ අද(20) පැවසූහ.

පානියමඩුව ප්‍රදේශයෙ පිහිටි මෙම වී ගබඩාවට අද (20 ) අලුයම කඩා වැදුණ තනි අලියකු වී ගබඩාවට පහර දී අසුරා තිබු වී උර එලියට ඇද දමා කා දමා වී ගබඩාවේ බිත්ති කඩා වී උර රැගෙන ගිය බව ද ඔවුහු කියති.

වල් අලියා කඩා වැදි වී ගබඩාවට පහර දෙන විට එහි වී කිලෝ ලක්ෂයකට ආසන්න ප්‍රමානයක් ගබඩා කර තිබු බවත් ගබඩා හිමියා හා අවට පිරිස් එක්වි මහත් වෙහෙසක් දරා තනි අලියා එළවා දැමිමට කටයුතු කළ බව කියයි.

ජනතාව පවසන්නේ මේ වන විට කුඹුක්කඩවල ඇතුළු ප්‍රදේශ වල වල් අලි 40 කට ආසන්න සංඛ්‍යාවක් කැලැවල රැදි සිටිමින් රාත්‍රි වන විට ගම්මාන වෙත කඩා වැදිම සිදුවන බවයි.

මේ නිසා ජනතාවගේ දෛනික කටයුතු කර ගැනිම මහත් ගැටළුවක් වි ඇති බව කියයි.



අදහස් (1)

තනි අලියා වී ගබඩාවකට පහරදීලා

ආණමඩුවේ පියනන්ද හාමුදුරුවෝ Tuesday, 20 August 2024 09:08 PM

මෙම ගැටළුවට විසඳුම් සොයා ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය හරහා වැඩ කටයුතු සංවිධානය කොට වනජීවි නිලධාරීන් දැනුවත් කළත් ඵලක් වුනේ නෑ. බීරි අලින්ට වීනා වයන්නා සේ නිහඬව ඔවුන් ඉන්නවා. මා හා කොහොඹගස්වැව දීපාරාම විහාරාධිපති හිමියන් ඇතුලුව තරුණ පිරිස් හා ගොවි සංවිධාන එක්ව අදහස් උදහස් ලබා දුන්නද ඵලක් නැත. ඕනෑම අවස්ථාවක මෙම ගැටළුව විසඳාගන්න මාධ්‍ය සාකච්ඡාවක් වුවත් පවත් වන්න සූදානමින් ඉන්නවා එන්න. නමුත් අවස්ථාවක් නෑ රටේ ලෝකයාට දැනගැනීමට කියන්න අවස්ථාවක්... වසර 15ක අත්දැකීම් මා තුළ හොඳටම තියනවා. ඉහළ තනතුරේ සිට පහළ තනතුර දක්වාම කපටි නිලධාරින් ටිකක් ඉන්නේ මේ වනජීවි එකේ. සෑම විටම අපි මිනිසුන් හා සමාජය ගැන හිතුවත් දේශපාලනයට සම්බන්ධ අය හා අමාත්‍යාංශය තුළ ඉන්න නිලධාරීන් නිහඬයි. මම හා ගම්මු වල්පාලුව රක්ෂිතය හා කොහොඹ ගස්වැව පාරේ අලි මෙහෙයුම් දහස් ගණනින් කරා පාරේ ඉඳලා නොනිදා. ඒ ඇයි මිනිසුන් වෙනුවෙන්.. භික්ෂුවගේ එක් පැතිකඩක් තමා මිනිසුන්ගේ ජන ජීවිතය සාර්ථකත්වය සඳහා සහාය වීම. කීමට අදහස් ඇතත් මෙසේ කීම කාලොචිත නොවන බව හැඟේ. ඉදිරියේ කියන්නම් තෙරුවන් සරණයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පහේ පේපරේ අවුලට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 248 0

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ


ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා
2024 සැප්තැම්බර් මස 23 548 0

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්


නව ජනපති දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 23 1415 0

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.


අගමැති ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1671 1

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.


නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 23 2150 0

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න


මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 1101 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20368 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 18265 1



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 100 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 302 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 162 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site