IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


තුන් නිවුන් දරුවන් නිසා ගමටම වාසනාව

(කාංචන කුමාර ආරියදාස  )

අනුරාධපුර, හබරණ, පුවක්පිටිය  මහා වන කටු මැටි ගැසූ පැලක  ජිවත් වූ තරුණ මවක බිහිකළ දරු තිදෙනා ගේ පුවත ලංකාදීප වෙබ් අඩවියේ අනාවරණයෙන් පසු ගම්මානයට වැඩම කළ  ගඟසිරිපුර ධම්මාලෝක පොඩි හාමුදුරුවෝ (සදගිරි සැයේ පොඩි හාමුදුරුවෝ ) ඔවුනට ලක්ෂ විස්සක වටිනාකමකින් යුතු නිවසක් තනා දීමට පොරොන්දු විය.

පුවත අනාවරණය වී පැය කිහිපයක් යන්නට මත්තෙන් ඒ පිළිබඳව සොයාබැලූ ධම්මාලෝක හිමි අද (16) එම දරුතිදෙනා ඇතුළු පවුලේ  සුවදුක් විමසීමට ගම්මානයට වැඩම කළහ.

අම්මා වරුන්ගේ දිනයට පැය කිහිපයක් තිබියදී දඹුල්ල රෝහලේදී   හබරණ පුවක්පිටිය පදිංචි 25 හැවිරිදි ගිහානි සුපෙෂලා කුමාරි තුන් නිවුන් පිරිමි දරු උපතක් සිදුකළාය.

ගම්මානයට වැඩම කළ උන්වහන්සේ පවතින දුෂ්කරතාව සියසින්ම දැක  අනතුරුව  මෙම පුංචි පවුලට රුපියල් ලක්ෂ විස්සක් වටිනාකමින් යුත්   අංග සම්පූර්ණ නිවසක් තනාදීමට පොරොන්දු විය.

දරුවන් සිව් දෙනාගේ අනාගතය වෙනුවෙන් තමන් වෙනුවෙන් සිදු කිරීමට යන උතුම් පුණ්‍ය කර්මයට දරුවන්ගේ මව සහ පියා අනේකවාරයක් ධම්මාලෝක හිමියන්ට පින් දුනේය.

දරුවන්ගේ පියා මේවන විටත් ගසේ ඉදිකර ඇති පැලෙන් ඇද වැටී ආබාධිත තත්ත්වයේ පසුවෙයි.

දරුවන්ගේ පියා සන්දිත් අශෝක දයානන්ද මහතා තමනට  හිතා ගැනීමටවත් නොහැකියි ලැබුණු පණිවිඩය පිළිබඳව මෙසේ පැවසීය
"මට මේක හීනයක් වගේ පුංචි පැටව් තුන් දෙනා ලැබුනට පස්සේ මම කොහොමද ජීවත් වෙන්නේ මේ පැටව් එක්ක  පැලේ ඉන්නේ කොහොමද කියලා කල්පනා කරමින් තමයි හිටියේ. අද උදේ හාමුදුරුවෝ ඇවිල්ලා මට කිව්වා අංග සම්පූර්ණ නිවසක් ඉක්මනින් හදලා දෙනවා කියලා. මේක මාධ්‍ය මගින් පළවීම නිසා තමයි මට  මේ උදව් ලැබුණේ ,උදව් කරන හැමෝටම මම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා."

 

 



අදහස් (7)

තුන් නිවුන් දරුවන් නිසා ගමටම වාසනාව

ගමේ එකාලා Thursday, 16 May 2024 02:50 PM

ධම්මාලෝක පොඩි හාමුදුරුවන්ට පින් සිද්ද වෙනවා මේ කරපු පුණ්‍ය ක්‍රියාවට..

:       7       197

Hafeel Thursday, 16 May 2024 03:27 PM

ඔබ වහන්සේ කලේ ඉතා වටිනා පුණ්‍ය කටයුත්තක්. මෙම ප්‍රව්තිය පල කල අපේ ලන්කාදෙපයටත්, ඔබ වහන්සේට ගොඩක් පින්. මෙම ප්‍රවති ආරන්චිවූ ෂණික මෙම නිවස වැඩම කලේ එක ඉතා වටිනවා.

:       0       10

pakeer Thursday, 16 May 2024 05:36 PM

මනුස්සයා දාලා ගිය අවුරුදු 4ට වඩා වයස අඩු ළමයි 3ක් ඉන්න ගෑනු ඕනෙ තරම් මේ රටේ ඉන්නවා. අඩුගානේ තමන්ට කියලා ඵලක්වත් නැති.., ඉන්නෙත් අනුන්ගේ පැල්කොටවල.. රස්සාවක්වත් හරියට නැති... ඒ හැමෝටමත් මේ වගේ වාසනාවක් ලැබේවා...

:       0       4

nandana Thursday, 16 May 2024 11:52 PM

සුවිසාල පංසල්වල වැඩවාසය කරන හිමිවරුන්ට නොපෙනුන​, නොදකින​, මේ අසරණකම්, මේ ස්වාමීන් වහන්සේගේ නෙත ගැටීම මහත්ඵල, ආනිසංස ගෙනදෙන පිංකමකි. හිමියනි දීඝායු වේවා...!

:       0       12

Iraj Friday, 17 May 2024 11:15 AM

ලංකාවේ රජයේ රෝහල් වල නොමිලයේ උපත් පාලන සැත්කම් සිදු කරනවා.ඒ වගේම උපත් පාලන ක්‍රම සඳහා අවශ්‍ය දේවල් නොමිලයේ ලබා දෙනවා.තමන්ට නඩත්තු කරන්න බැරි නම් හදන්නන් වාලේ ලමයි හදල ඊට පස්සෙ අදෝනා තියල වැඩක් නෑ.හාමුදුරුවන්ගේ වැඩපිළිවෙලේ අවසානය ඉදිරි මැතිවරණ පැවත්වෙන කාලයේදී රටේ ජනතාවට දැනගන්න පුළුවන් වේව්.රටේ මිනිස්සුන්ටයි පන්සල් වල හාමුදුරුවන්ටයි නඩත්තු කරන්න ළමයින් හදන්නෙ නැතුව ඉන්න සාමාන්‍ය දැනීමක් තියෙන මිනිස්සුන්ට පුළුවන් වෙන්න ඕනෙ.එහෙම නැතිව මේව දැකල සාධු කාර දෙනව නම් ඉදිරියටත් මේ රටේ බිහිවෙන්නෙ යැපුම් මානසිකත්වය තියෙන පරපුරක් විතරයි.

:       35       12

එරංග Friday, 17 May 2024 06:32 PM

ළමයි තමයි මහත්තයෝ අනාගතේ... ඔයා මොන විදිහකට හිතනවාද අපි දන්නේ නෑ. හැබැයි ඔයාතරම් ඒ අය පොහොසත් නෑ. දරුවෝ හදන හැටි ඔයා කියන්න ඕන නෑ. ඔයා මොකුත් නොකර පාඩුවේ ඉන්න. ඒ දරුවො තුන් දෙනාත් අපේ රටේ අනාගතේ...

:       1       17

Banda Saturday, 18 May 2024 04:01 AM

ළමයි හදන්නත් එපා කියන පරයෝ තමයි ලංකාවේ ඉන්නේ... සිංහල නම රැකගන්න ඕනෑ නම් ජාතිය පොභොසත් කරන්න ඕනෑනම් නිරෝගි ළමයි දායාද කරන්න. ළමයි තැනක් ලබපු එම මවට තවත් ළමුන් හදන්න ශක්තියක් වෙන්න.. ගරහන්න හෝ නොදන්නා දේ ලිවීමෙන් වළකින්න. ස්තූතියි...!

:       0       12

ඔබේ අදහස් එවන්න

දියත

2023 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 29 16 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 2435 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


අතීත දොස් හොයනවට වඩා වගකීම ඉටු කරන්න
2024 සැප්තැම්බර් මස 28 18 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා රට ගොඩ නගන්නට ජනපති ඇතුළු කණ්ඩායමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනු නා හිමිය


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1391 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 2066 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1419 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37980 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25017 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 241 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 280 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site