IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


තුන්වැනි කොවිඩ් රැල්ල ජනවාරියේදී

 

(ඩයනා උදයංගනී)

ලෝකයේ තුන්වැනි කොවිඩ් රැල්ල ලබන වසරේ මුල ඇතිවිය හැකි බවට  කොවිඩ් -19 පිළිබඳව පර්යේෂණ සිදුකරන විද්‍යාඥයින් අනතුරු අඟවා ඇතැයි  සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පැවසීය.

තෙවැනි කොවිඩ් රැල්ලෙන් දැනට පවතින වයිරසය මීටත් වඩා භයානක විය හැකි බවට ඔවුන් අනතුරු අඟවා ඇතැයි ද ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කළේය.

මෙම වයිරසයට බෙහෙතක් සොයා ගැනීමට නොහැකි වුවහොත් තුන්වැනි රැල්ලේදී දරුණු ප්‍රතිඵල ඇතිවිය හැකි නිසා ජනතාව සැමවිටම සෞඛ්‍ය පුරුදු සම්බන්ධයෙන්  අවධානය යොමුකළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා  ප්‍රකාශ කළේය.

"කොවිඩ් රෝගයත් සමග තව අවුරුදු 02කට වැඩිය අපිට මෙහෙම ගත කරන්න වෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇතුළු ලෝකයේ කොවිඩ් ගැන පර්යේෂණ පවත්වන විද්‍යාඥයින් කියන කාරණයක් තමයි දෙවැනි කොවිඩ් රැල්ලේදීවත් අපි හොයා ගත්තෙ නැති වුණොත් බෙහෙතක්, තුන්වැනි කොවිඩ් රැල්ලක් ලබන වසරේ මුල භාගයේදී එන්න පුළුවන්. එය දැන් තියෙන වෛරසයටත් වැඩිය භයානක වෙන්න පුළුවන්. දෙවැනි කොවිඩ් රැල්ලේ මේ බරපතල ලෙස මිනිසුන්ට ආසාදනයවන කොවිඩ් වෛරසය සුළඟින් ගිහින් බෝ වෙන්නේ නෑ. මේ වෛරස් එකත් අපි අල්ලලා මුඛයේ හෝ නාසයේ හෝ ඇස්වල හරි ගාගන්නවා. අපි එදිනෙදා බාහිර පරිසරයේ ගමන්කරන කොට මේ වෛරසය ඇවිත් අපේ ඇඳුම්වල අත්වල ගෑවෙන්න පුළුවන්. වෛරසය බිම පතිතවෙලා තිබුණොත් අපේ සපත්තුවල ගෑවෙන්න පුළුවන්. එහෙම වෙලා ඒක ගෙදරට යන්න පුළුවන්. ඒ නිසා තමයි නිවරැදි සෞඛ්‍ය පුරුදු පිළිපදින්න කියන්නේ. පුළුවන්නම් ගේ ඇතුළට යන්න ඉස්සෙල්ලා නාලා පිරිසිදුවෙලා යන්න," යනුවෙන් ද වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා වැඩිදුරටත් පෙන්වා දුනි.



අදහස් (11)

තුන්වැනි කොවිඩ් රැල්ල ජනවාරියේදී

Nuwan Friday, 06 November 2020 02:10 PM

අපේ සර්ට 20 සම්මත කරගන්න පුළුවන් අවස්ථාවක් එනවා අනිවාර්යයයි.

:       3       5

gaminiSaturday, 07 November 2020 02:15 PM

තුන්වැනි කොවිඩ් රැල්ලක් නැවත ඇතිවන බව රනිල් ප්‍රකාශ කළ පසු එම අදහසම නැවත පළමුවෙන්ම ප්‍රකාශ කලේ සජිත් ප්‍රේමදාසයි.

:       2       4

banda Friday, 06 November 2020 03:23 PM

ශ්‍රී ලංකාවේ අපි බය වෙන්න ඕනෑ නැහැ. දුම් මුට්ටිය ඇල්ලුවාම අපි ගොඩ... තවත් ඕනෑ නම් සුදර්ශන පැණිය, හෙළ ඔසු කැඳ අපිට තියෙනවා.

:       4       6

Demuni Uduwara Friday, 06 November 2020 03:28 PM

මේ පිළිබඳව තදින්ම දැනුවත් කිරීම පිළිබඳව ස්තූතිවන්ත වෙමි.

:       0       6

Ranasighe Friday, 06 November 2020 03:38 PM

බිස්නස් , එයාපෝට් එක වගේ ඒවා එන අවුරුද්දේ ජූනි වෙනකම් වහගෙන හිටියොත් අනිත් රටවලට සාපේක්ෂව අපි හිඟන තත්වයට වැටිලා තියෙයි. අභියෝගවලට බයවෙන්න පුරුදු කරන්න එපා. නිවැරැදි සුවපුරුදු අනුගමනය කරමින් බියනොවී රට හදමු.

:       1       8

අමල් Friday, 06 November 2020 03:40 PM

අපි දැන් දෙශීය වෙදකමට තැන දුන්නොත් හොඳයි නේද?

:       1       5

gamini Friday, 06 November 2020 05:57 PM

කොවිඩ් තුරන් කිරීමට පවිත්‍රා මහත්මිය විහාර මහා දේවිය මෙන් මුහුදට පාකර යැවීමට රජය තීරණය කර ඇත. එතුමිය එසේ කිරීමට සූදානම් බව පාර්ලිමේන්තුවේදී කියා සිටියාය.

:       1       6

pj Saturday, 07 November 2020 12:05 AM

අලුතෙන් නාන්න දෙයක් නැහැ. දැනටමත් හොඳට නාගෙන අනාගෙන ඉන්නේ....

:       3       12

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 07 November 2020 02:23 AM

මේ චීනා ලෝකෙට බෝකරපු ජරා ලෙඩේ නිසා මොනතරම් මිනිස් ජීවිත සංඛ්‍යාවක් මරණයට පත් වුණාද.. නේද..? ඇමරිකානු විද්‍යාඥයෙකු ලවා මුදල් දී නිපදවා ගත් වයිරසය චීනයට ගෙනගොස් වැඩිදියුණු කළ බවට පසුගියදා තොරතුරු අනාවරණය වුණා. ඇමරිකානු විද්‍යාඥයාව සිරගත කළා. ඒත් චීනය සිද්ධියට අදාළ කාන්තාව සම්බන්ධව කිසිඳු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. මෙවන් බිහිසුණුකමක් ඇති චීනාට ගැති අය හා ඇමරිකන් භීතිය ඇති අායුධ සාධාරණව හරි, වැරැද්ද දකින්නේ නැහැ.

:       6       11

Raveendra Saturday, 07 November 2020 08:16 AM

තුන්වෙනි කොවිඩ් රැල්ල ජනවාරියේදී" යන සිරස්තලය කියවීමේදී අපේ සිතට අවංකවම අාවේ වචනවලින් කීමට නොහැකි කේන්තියක් මෙන්ම අපගේ මාතෘභූමියේ ඉන්න "තකතීරු දේශපාලුවන් 225 මෙන්ම සියල්ල දත් උද්දච්ඡ මෝඩ තකතීරු කොන්දොස්තර සංගමය" කෙරෙහි කලකිරීමකි. මක්නිසාදයත් මැදපෙරදිග රැකියා අහිමි වී මාස 5 කටත් වඩා අධික කාලයක් අපාදුක් විඳින ඔබේ, අපේ, මගේ සහෝදර සහෝදරියන් පිළිබඳවයි. මෙම අවදානම් අවස්ථාවේ "ලෝකයේ කිසිඳු රටක් නොකරපු", නොගත්ත නිවට අවාසනාවන්ත තීරණය පිළිබඳව කිසිඳු කෙනෙක් කතා නොකර ගොළුවත රැකීම මහත්වූ ප්‍රහේලිකාවකි. මෙසේතමන් උපන් රටට තම පුරවැසියන්ට ඒමට අවසර නොදී ගුවන්තොටුපල වසා දැමීම හරියටම ගෙදරදොර නඩත්තුවට ගෙදරින් පිටට රැකියාවට ගිය දරුවන්ට ඔවුන්ගේගේ රැකියා අහිමිවී කරදරයේ වැටුණු පසු දෙමාපියන් තම දරුවන්ට ගෙදරට එන්නට නොදීම හා සමානය. විදේශ රටවල වහල්සේවයේදී තම ලංකාවට විදේශ විනිමය එවනවිට ඒ ශ්‍රමිකයන් රටවිරුවන් ලෙස හැඳින්වූ නමුදු දැන් ඔවුන් ලෙඩ බෝකරන වාහකයන් ලෙස මෝඩ කොන්දොස්තරලා හැඳින්වීම කණගාටුවකි. "මෙම අදහස් ගෝඨාට මෙන්ම කොන්දොස්තර සංගමයේ සියලුම උද්දච්ච මෝඩයින්ට වෙනසකින් තොරව කියවීමට හැකිවේවා...!!!

:       1       13

banda Saturday, 07 November 2020 08:58 AM

ලංකාවෙ ඉන්න චීන්නු ගහලා පන්නන්න ඕනෑ.

:       4       20

ඔබේ අදහස් එවන්න

දියත

රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලින්
2024 නොවැම්බර් මස 27 7 0

2024 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී වසරේ හොඳම ස්වතන්ත්‍ර නවකතාවට හිමි සම්මානය හ විරාජනී තෙන්නකෝන්ගේ කැමෙලීයා කෘතියට හිමිවිය


විකටෝරියා සේලය දිග හැරෙයි
2024 නොවැම්බර් මස 27 670 0

කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙරට පංච මහා ජලාශයන්ගෙන් ප්‍රධානතම ජලාශය වන වික්ටෝරියා ජලාශය වාන්දැමීම ආරම්භ කළ බව එම ජලාශයේ කාර්යභා


මාදිවෙල බංගලා ගන්න මන්ත්‍රීන් අසූවක් පෝලිමේ
2024 නොවැම්බර් මස 27 816 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට නවක මන්ත්‍රීවරුන් 80 දෙනෙකු අයදුම්පත් යොමු කර ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීප


මැතිසභා ලොකු කමිටුවට කතානායක නාමයෝජනා ඉල්ලයි
2024 නොවැම්බර් මස 27 368 0

කෝප් සහ කෝපා ඇතුළු පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු පිහිටුවන යාන්ත්‍රණය වන තේරීම් කාරක සභාව( committee of selection) සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස කතානායක සපුමල් රන්


දිනය වෙනස් කර අලෙවියට යැවූ භාණ්ඩ තොගයක් කොටහේනෙන් වටලයි
2024 නොවැම්බර් මස 27 221 0

නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටල


විදුලි සැර වැදීමෙන් දෙදරු මවක් මරුට
2024 නොවැම්බර් මස 27 321 0

සිය නිවසේ දී සිදුවූ විදුලි සැර වැදීමකින් ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ කාන්තාවක අද (27) මියගිය බව ගල්කිරියාගම පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 766 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site