(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
විජේරාම හන්දියේ පිහිටි මහරගම ජනාධිපති ප්‍රාථමික විද්‍යාලය අසළ අනාරක්ෂිත මායිම් තාප්පයක් (16) දා දහවල් 12 .30 ට පමණ කඩා වැටීමෙන් එම පාසැලේ ඉගෙනුම ලබන දස හැවිරිදි පාසල් සිසුවකු තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව මිරිහාන මූලස්ථාන පොලිසිය පවසයි .
අනතුරින් තුවාල ලැබූ එම පාසැලේ 4 වසරේ ඉගෙනුම ලබන දස හැවිරිදි පාසල් සිසුවාගේ පාදයකට දෙ අත් වලට හා සිරුරේ ස්ථාන කිහිපයකට තුවාල සිදුව ඇති බවත් ඔහුගේ තත්ත්වය සාමාන්‍ය බවත් රෝහල් ආරංචිමාර්ග පවසයි.
මහරගම විජේරාම හන්දිය ආසන්නයේ පිහිටි ප්‍රසිද්ධ ගායකයකුට අයත් නිවසක අඩි හතළිහක් පමණ දිගින් යුත් අනාරක්ෂිත තාප්පයක් මෙසේ කඩා වැටි ඇති බව එම පාසැලේ මාපියෝ කියති.
එම තාප්පය අඩි හතළිහක් පමණ දිගින් යුක්ත වන අතර අඩි පහළොවක් පමණ උසින් යුත් මෙම තාප්පයට කොන්ක්‍රීට් බීම් හෝ ලින්ටල් නොයොදා ඉදිකිරීම හේතුවෙන් මෙම අනතුර වී ඇති බවත් වසර හතළිහක් පමණ පැරණි මෙම තාප්පය අනතුරුදායක බැවින් එය ඉවත් කරන ලෙසට අවස්ථා කිහිපයකදී නිවසියන් දැනුවත් කළද ඊට යහපත් ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් මෙම අනතුර වූ බවත් පාසලේ දෙමාපියන් චෝදනා කරති.
අනතුරින් සිසුන් භාවිතා කරන කැසිකිළි පද්ධතිය හා ආචාර්ය මණ්ඩලය භාවිතා කරන වැසිකිලි වැසිකිලි පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.
අනතුර වන අවස්ථාවේ දී සිසුන් තිදෙනෙකු කැසිකිලිය භාවිතා කරමින් සිට ඇති අතර එක්වරම අඩි පහළොවක් පමණ උසින් යුත් තාප්පය සිසුවාගේ ඇග මතට වැටී මෙම අනතුර වී තිබුණි.
අනතුරත් සමග ආචාර්ය මණ්ඩලය හා මාපියන් එක්ව දරුවා ප්‍රතිකාර සඳහා කඩිනමින් කළුබෝවිල රෝහලට ඇතුළත් කළ බවත් ඔහුගේ තත්ත්වය සාමාන්‍ය බවත් පැවසේ.
යම් හෙයකින් මෙම අනතුර විවේක කාලය තුළදී සිදු වූයේ නම් මීට වඩා විශාල අනතුරක් සිදු වන්නට ඉඩ තිබූ බව මහරගම ජනාධිපති විද්‍යාලයේ විදුහල්පති සරත් අධිකාරී මහතා පවසයි.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය අමාත්‍යංශයේ ඉහළ බලධාරීන් දැනුවත් කොට ඇති අතර ඉදිරි පරීක්ෂණ සිදු කිරීමට නියමිත බවයි.
සිද්ධියෙන් පසුව මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් ස්ථානීය පරීක්ෂණයක් සඳහා පාසලට පැමිණ සිටිනු දක්නට ලැබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන මූලස්ථාන පොලිසිය ඉදිරි පරීක්ෂණ පවත්වයි.
මහනුවර ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ අග්බෝපුර ප්‍රදේශයේදී බස් රථයක් කැබ් රථයක ගැටී ඉදිරියෙන් පැමිණි ලොරි රථයේ මුහුණට මූණ ගැටීමෙන් සිදුවූ අනතුරකින්
ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය අවුරුදු තෙදිනේ දිනකට රුපියල් කෝටි 600 කට ආසන්න ආදායමක් උපයා ගෙන ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධ
රුපියල් හාර කෝටි පනස් ලක්ෂයක් වටිනා හෂීෂ් සහ කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමග ඒවා කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ ගුවන් මගීන් තිදෙනකු සහ ඔවුන්ට ආධාර අන
අලුත් අවුරුදු තෙදිනේ අධිවේගී මාර්ග පද්ධතියෙන් රුපියල් 134,498,800 මුදලක ආදායමක් ලැබී ඇතැයි නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ( අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරන අං
ජී.එස්.පී. ප්ලස් බදු සහනය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා දූත කණ්ඩායමක් මේ මාසය අවසානයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවස
රතිඥ්ඥා දල්වන විට ඇස් කන්නාඩි පළඳින ලෙස කොළඹ අක්ෂි රෝහලේ විශේෂඥ වෛද්‍යවරු ඉල්ලීමක් කරති.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
තාප්පයක් කඩා වැටී දස හැවිරිදි සිසුවෙක් රෝහලේ