(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අනිද්දා (4), ලබන 5 වැනිදා සහ ලබන 6 වැනිදා පැවැත්වීමට නියමිතය.
ඊට අදාළ රක්ෂිත පැකට්ටු බෙදා හැරීම තැපැල් දෙපාර්තමේන්තුව විසින් අරඹනු ලැබ ඇත.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල මැතිවරණ කාර්යාලවල සහ පොලිසි වල නිලධාරීන්ට අනිද්දා (4) තැපැල් ඡන්ද භාවිතා කිරීමට අවස්ථාව උදාවන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.
සෙසු රාජ්‍ය ආයතන පාසල් සහ අනෙකුත් ආරක්ෂක ආයතනවල නිලධාරීන්ට ලබන 5 සහ 6 වැනිදා ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව පවතින බව පැවසූ සභාපතිවරයා ඡන්දය පාවිච්චි කිරීමට අතපසු වන අයට ලබන 11 සහ 12 තමන්ගේ කාර්යාලය පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ගොස් ඡන්දය පාවිච්චි කළ හැකි බවද ප්‍රකාශ කළේය.
මෙවර තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා සුදුසුකම් ලබා සිටින රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව 712,318 කි.
වැඩිම පිරිසක් සුදුසුකම් ලබා ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි.
එම සංඛ්‍යාව 76, 977 කි.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප‍්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තැපැල් ඡන්දය 4 - 5 - 6