IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


තබ්බෝව අවලස්සන කරයි

(එච්.චන්දන සහ ජයරත්න වික්‍රමආරච්චි)

පුත්තලම - අනුරාධපුර ප්‍රධන මාර්ගයේ කරුවලගස්වැව තබ්බෝව අභය භූමියට අයත් ප්‍රධාන අලිමංකඩ පිහිටි සැතපුම් 3ක් පමණ වන මාර්ගය දෙපස කොටසේ විවිධ පුද්ගලයන් දමා යන කැළි කසළ හේතුවෙන් එම ප්‍රදේශය දැඩි පාරිසරික තර්ජනයකට ලක්වී ඇතැයි ප්‍රදේශවාසී ජනතාව කියා සිටිති.

මේ නිසා තබ්බෝව අභයභූමියේ වෙසෙන අලි ඇතුන් ඇතුළු වනසතුන්ගේ ජීවිතවලටද තර්ජනයක් එල්ලවිය හැකි බවද ඔවූහු පෙන්වා දෙති.

තබ්බෝව අභය භුමිය හා කහල්ල පල්ලෙකැලේ අභයභූමිය අතර වනසතුන් එහා මෙහා ගමන් කරන අලි මංකඩ වැටී ඇත්තේ පුත්තලම-අනුරාධපුර මාර්ගයේ මෙම ප්‍රදේශය හරහාය. ඒ අනුව මෙම ප්‍රදේශය තුළ නිරන්තරව අලි ඇතුන්, රිළවුන් ඇතුළු විවිධ වනසතුන් මෙම ප්‍රදේශයේ නරන්තරව සැරි සරයි.

එසේම මහජනතාවට වනසතුන් නැරඹීම සඳහා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ස්ථාපිත ගල්විල පාරිසරික උද්‍යානය පිහිටා ඇත්තේද මෙම ප්‍රදේශයේය.

ඒ අනුව අදාළ ප්‍රදේශයේ පාරිසරික වටිනාකම මෙන්ම ඇති සුන්දරත්වය හා වටිනාකම පිළිබඳවත්, එසේම මෙම ප්‍රදේශයට අපද්‍රව්‍ය බැහැර නොකරන ලෙසටත් සඳහන් නාමපුවරු රැසක්ම ජනාධිපති ලේකම් කාර්යාලය හා කරුවලගස්වැව ප්‍රදේශීය ලේකම් කාර්යාලය මගින් මාර්ගය දෙපස ප්‍රදර්ශනය කිරීමට සලස්වා ඇතැත් දිගින් දිගටම මෙම ක්‍රියාව සිදු කරන බව පවසති.

 



අදහස් (0)

තබ්බෝව අවලස්සන කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

බදු මුදල්වලට වෙනදේ සෙවීමට ජනතාවට අයිතියක් තියෙනවා
2025 අප්‍රේල් මස 22 1 0

ජනතාව ගෙවන බදු මුදල්වලට වටිනාකමක් තිබිය යුතු මෙන්ම එම මුදල්වලට වෙන්නේ කුමක්දැයි සොයා බැලීමට ජනතාවට අයිතියක් ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරස


ලක්ෂ 80ක ‘කුෂ්‘ සමඟ අයෙක් අල්ලයි
2025 අප්‍රේල් මස 22 74 0

රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි.


මෝටර් රිය අඩි 300ක් පහළට
2025 අප්‍රේල් මස 22 291 0

නල්ලතන්නියේ සිට ගිනිගත්හේන පොල්පිටිය දක්වා ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 300ක් පමණ ප්‍රපාතයෙන් වු කෙසෙල්ගමු ඔයට පෙරැලීමෙන් එම මෝටර් රථයේ


ආයුධ පෙන්වා වාහන කොල්ල කෑ දෙන්නෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 22 370 1

තියුණු ආයුධ පෙන්වා බියගන්වා වාහන කොල්ල කෑ කල්ලියක සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි.


කූඩුවේ සිටි සැකකරු මුදවා ගන්න ගිය පීසී අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 22 1188 2

සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ සිටි සැකකරුවකු තමාගේ සහෝදරයකු බව පවසා උප සේවක භාරයේ තිබූ යතුරු කැරැල්ල බලෙන් ලබාගෙන පොලිස් සිර මැදි


අද සවස එකෙන් පසු තද වැසි
2025 අප්‍රේල් මස 22 393 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 534 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 295 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 445 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site