IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


තායිවාන පාර්ලිමේන්තුවේ ගුටි කෙළියක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ව්‍යස්ථාදායක බහුතරය නොමැතිව තායිවාන ජනාධිපති ධුරය බාර ගැනීමට ලායි චින්ග් ටේ සූදානම් වෙද්දී එරට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ පිළිබඳව ඇතිවූ මතභේදාත්මක තත්වයක් හේතුවෙන් මන්ත්‍රීවරුන් කෑ ගසමින්, එකිනෙකා තල්ලු කර ගනිමින් සහ එකිනෙකාට පහර දෙමින් කලහකාරී ලෙස හැසිරී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ පිළිබඳ ඡන්ද විමසීම ආරම්භ වීමටත් ප්‍රථමයෙන් මෙම කලහකාරී තත්වය තායිවාන පාර්ලිමේන්තුවේ හටගෙන තිබේ. එම අවස්ථාවේ ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කතානායක අසුන වට රොක් වී ඇති අතර ඇතැම් මන්ත්‍රීවරුන් තම සහෝදර මන්ත්‍රීවරුන් බිමට ඇද දමා තිබේ.

ජනවාරි පැවැති ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කළ ලායි චින්ග් ටේ එළඹෙන 20 වැනිදා තායිවාන ජනාධිපති ධුරයේ වැඩ බාර ගැනීමට නියමිත නමුත් ඔහු නියෝජනය කරන ඩී.පී.පී පක්ෂයට පාර්ලිමේන්තුව තුළ බහුතරය අහිමි විය.

තායිවාන විපක්ෂයට රජයට වඩා පාර්ලිමේන්තුවට වැඩි බලයක් ලබා දීමට අවශ්‍ය වීම ගැටුම ආරම්භවීමට හේතු වී තිබේ.එහිදී පාර්ලිමේන්තුව තුළ අසත්‍ය ප්‍රකාශ ලබා දෙන මන්ත්‍රීවරුන්ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීමට බලය ලබා දීමේ යෝජනාවක්ද ඉදිරිපත් වී ඇත.



අදහස් (4)

තායිවාන පාර්ලිමේන්තුවේ ගුටි කෙළියක්

ravin Friday, 17 May 2024 06:31 PM

ඒ පැත්තේ කට්ටිය මේ පැත්තේ එහෙම සංචාරය කළාද ළඟකදී? මේ පැත්තෙන් ආදර්ශ අරගෙන වගේ...?

:       0       4

අරවින්ද මොනරවිල Friday, 17 May 2024 06:50 PM

බලාගෙන ගියාම මෙහෙ වගේමයි... එහෙත් කිසිම වෙනසක් නැහැ.

:       0       8

පිටරටවැසියා Saturday, 18 May 2024 12:52 AM

මිරිස් කුඩු ගහලා තව මොකුත් කරලාද? ඒ ටිකත් හොයලා බලලා දාන්න...

:       0       5

sam Sunday, 19 May 2024 09:38 AM

අයියෝ ඕකට ගුටි ඇනගන්න ඕනි නැහැ.ලංකාවේ ලොක්කන්ගෙන් ඇහුවානම් බලය ගන්න ඕනි කපටි මාර්ග කියලා දෙයි නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1734 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


අතීත දොස් හොයනවට වඩා වගකීම ඉටු කරන්න
2024 සැප්තැම්බර් මස 28 14 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා රට ගොඩ නගන්නට ජනපති ඇතුළු කණ්ඩායමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනු නා හිමිය


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1089 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1640 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1147 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 613 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37969 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25014 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 278 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site