IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


’’තාරා දෙව්දුව’’ ලංකාවට එයි

(අංජුල මහික වීරරත්න)

දැනට එක්සත් රාජධානියේ කෞතුකාගාරයක තිබෙන මෙරටට අයත් පුරාවස්තුවක් වන තාරා දෙව්දුවගේ පිළිමය නැවත ලබා ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.

ජාතික පුරාවිද්‍යා දිනය නිමිත්තෙන්  පැවති පුරාවිද්‍යා සමුළුවේ සමාරම්භක උත්සවයෙන් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එසේම මෙරටින් කොල්ලකන ලද පුරාවස්තු නැවත ලබා දීම සම්බන්ධයෙන් නෙදර්ලන්ත රාජ්‍යයට ස්තූතිවන්ත වන බවත් එම පුරාවස්තු වල දෙවන කොටසද ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බවත් අමාත්‍යවරයා එහිදී  පැවසීය.

තාරා දේවී පිළිමය යනු ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති  ක්‍රිව 8 වන සියවසට අයත් බවට කාල නිර්ණය කර ඇති, තාරා දේවි බෝධිසත්ත්ව වරියගේ රන්-ආලේපිත ලෝකඩ පිළිමයකි.

දහනවවන සියවසෙහි මුල් අවදියෙහි අහම්බෙන් හමුවී ඇති මෙම පිළිමය, 1830දී බ්‍රිතාන්‍ය කෞතුකාගාරය වෙත බාරදී ඇත්තේ, ලංකාවේ හිටපු ආණ්ඩුකාර ශ්‍රීමත් රොබට් බ්‍රවුන්රිග් විසිනි. 



අදහස් (8)

’’තාරා දෙව්දුව’’ ලංකාවට එයි

sachith Tuesday, 09 July 2024 12:37 PM

ඕක ඔහෙම තියන එක හොඳයි කියලා මටනම් හිතෙන්නේ .කනකොටා තාම නිදැල්ලේ නේ

:       0       0

fairoos Tuesday, 09 July 2024 12:53 PM

මෙච්චර කල් තිබුණේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරය තිබුණ නිසා දැන් ඉතින් ඕකත් වද දෙයිද දන්නේ නෑ

:       2       2

මහින්ද Tuesday, 09 July 2024 01:05 PM

අයියෝ, තාරා දේවියනි, ඇයි ඔබතුමිය අවසන් ගමන් යන්න මෙච්චර ඉක්මන් වෙන්නේ?

:       2       21

අරවින්ද මොනරවිල Tuesday, 09 July 2024 01:28 PM

ඊට පස්සේ තාරා දේවියටත් අබසරණයි !

:       3       18

Ariyathilaka Tuesday, 09 July 2024 01:54 PM

තාරා දෙව්දුව ඇදහිල්ල සම්බුද්ධ ශාසන ධර්මයට අයිති නැත. මිසදිටු ඇදහීම් ථේරවාද ත්‍රිපිටක ධර්මයෙහි නැත. දෙවන ධර්ම සංගායනාවෙහි මූලිකත්වය දැරූ යස, රේවත, සබ්බකාමි මහ අරහතුන් වහන්සේලා ඇතුළු ආර්යයන් වහන්සෙර්ලාට විරුද්ධව ගිය ආර්ය උපවාද කර්මය සමඟ බැඳුණු මහායාන දහමට අයිති මිසදිටු ඇදහිල්ලකි තාරා දෙව්දුව ඇදහිල්ල..

:       10       9

Hemantha Tuesday, 09 July 2024 01:59 PM

එයයි කිව්වේ හරියට ඇවිල්ලා වගේ. තවම ඉල්ලීමක් කරලා විතරයි තියෙන්නේ...

:       4       11

වීර් Tuesday, 09 July 2024 02:03 PM

උන්ට ඒක උන්ගේ කියන්නත් බෑනේ.. මහා බ්‍රිතාන්‍ය විසින් පැහැරගෙන සොරාගන්නා ලදී කියලා යටින් බෝඩ් ගහන්නත් බෑනෙ.. ඒකයි..

:       5       5

Chandima Tuesday, 09 July 2024 03:23 PM

අන්න නියමයි.... මෙහෙට ගෙනාවාම උස්සනයි ලේසියි. ආණ්ඩුව පෙරලන්න කලින්ම ගෙන්න ගත්තොත් යද්දි අරන් යන්නත් පුළුවනි.

:       3       14

ඔබේ අදහස් එවන්න

දියත

මහේස්ත්‍රාත් නිල නිවසේ ආරක්ෂකයා බීලා වැටිලා
2024 සැප්තැම්බර් මස 25 8 0

මහේස්ත්‍රාත් නිල නිවසක රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයකු පොතුවිල් මුහුදු මහා විහාරයට යන මාර්ගයේ වෙළඳ සලක් අසල බීමතින් වැටී සිටියදී අත්අඩංග


ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 715 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 1642 0

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 1607 0

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 398 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 656 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36822 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24316 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 183 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 563 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 232 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site